නුමුත් වංක මාර්ගවලට හැරී යන්නන් වනාහි ස්වාමීන්වහන්සේ අයුතුකම් කරන්නන් සමඟ ගෙනයනසේක. ඉශ්‍රායෙල් කෙරෙහි සමාදානය වේවා.
යෙසායා 59:8 - Sinhala Revised Old Version සමාදානයේ මාර්ගය ඔව්හු නොදනිති; ඔවුන්ගේ මාවත්වල යුක්තිය නැත. ඔව්හු තමුන්ට ඇද මාවත් සාදාගත්තෝය; එහි යන්නාවූ කිසිවෙක් සමාදානය නොදන්නේය. Sinhala New Revised Version සාම මාර්ගය නුඹලා නොදන්නහු ය. නුඹලාගේ මාර්ගයේ යුක්තිය නැත. නුඹලා ඇද මාවත් සාදාගෙන ඇත. එහි ගමන් ගත් කිසිවෙක් සාමය නොදනිති. Sinhala New Revised Version 2018 සාම මාර්ගය නුඹලා නොදන්නහු ය. නුඹලාගේ මාර්ගයේ යුක්තිය නැත. නුඹලා ඇද මාවත් සාදාගෙන ඇත. එහි ගමන් ගත් කිසිවෙක් සාමය නොදනිති. |
නුමුත් වංක මාර්ගවලට හැරී යන්නන් වනාහි ස්වාමීන්වහන්සේ අයුතුකම් කරන්නන් සමඟ ගෙනයනසේක. ඉශ්‍රායෙල් කෙරෙහි සමාදානය වේවා.
ඇදනැතිකමින් හැසිරෙන්නා ගැළවෙයි. එහෙත් තමාගේ මාර්ගවල වංකවූ තැනැත්තා හදිසියෙන් වැටෙන්නේය.
මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේගේ මිදිවත්ත නම් ඉශ්‍රායෙල් වංශයය, උන්වහන්සේගේ ප්‍රිය පැළෑටිය නම් යූදා මනුෂ්‍යයෝය. උන්වහන්සේ යුක්තිය දකින්ට බලාසිටිනසේක, නුමුත් තිබුණේ අයුක්තියය; ධර්මිෂ්ඨකම දකින්ට බලාසිටිනසේක, නුමුත් තිබුණේ විලාපයය.
අපි සියල්ලෝම වලසුන් මෙන් ගොරවමුව, කොබෙයියන් මෙන් කෙඳිරිගාමුව. අපි විනිශ්චය ගැන බලාසිටිමුව, නුමුත් එය එන්නේ නැත; ගැළවීම ගැන බලා සිටිමුව, නුමුත් එය අපෙන් දුරව තිබේ.
එබැවින් විනිශ්චය අපෙන් දුරව තිබේ, ධර්මිෂ්ඨකම අපට ළං නොවන්නේය. අප එළිය ගැන බලාසිටින නුමුත් තිබෙන්නේ අඳුරය; දීප්තිමත්කම ගැන බලාසිටින නුමුත් යන්නේ කළුවරෙහිය.
කැරළිකාරවූ, තමුන්ගේ යෝජනා අනුව හොඳ නැති මාර්ගයක යන්නාවූ සෙනඟක් දෙසට දවස මුළුල්ලේම මාගේ අත් විදහාගන සිටියෙමි.
යෙරුසලමේ වීථිවල ඔබ මොබ දුවගොස් බලා, ප්‍රසිද්ධ තැන්වල සොයා දැනගන්න. නුඹලාට මනුෂ්‍යයෙකු සොයාගන්ට පුළුවන්නම්, යුක්තිය කරන්නාවූ, විශ්වාසවූ කෙනෙක් එහි ඇත්නම්, මම ඒ නුවරට කමාවන්නෙමි.
ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුවඳතලාය, ශතපුෂ්පය, සුදුදුරුය යන මෙයින් දසයෙන් කොටසක් දෙන්නහුය, නුමුත් යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා නුඹලා විසින් අත්හැර තිබේ. ඒ දේවලුත් නෑර මේවාත් කටයුතුව තිබුණේය.