නුමුත් හෝෂෙයා මිසරයේ සෝ රජු ළඟට පණිවිඩකාරයන් යැවූ නිසාත් අවුරුදුපතා කළ හැටියට අෂූර්හි රජුට කප්පන් ගෙනක් නුදුන් නිසාත් ඔහු කුමන්ත්‍රණය කළ බව අෂූර්හි රජ දැනගෙන ඔහු හිර අඩස්සිකොට බැන්දේය.
යෙසායා 30:4 - Sinhala Revised Old Version මක්නිසාද ඔහුගේ අධිපතීහු ශොවන්හි සිටිති, ඔහුගේ තානාපතීහුද හානේස්ට ඇවිත් සිටිති. Sinhala New Revised Version ඔවුන්ගේ තානාපතීන් දැනටමත් ශොවන් හා හානේස් නම් මිසරයේ නගරවලට පැමිණ ඇත. Sinhala New Revised Version 2018 ඔවුන්ගේ තානාපතීන් දැනටමත් ශොවන් හා හානේස් නම් මිසරයේ නගරවලට පැමිණ ඇත. |
නුමුත් හෝෂෙයා මිසරයේ සෝ රජු ළඟට පණිවිඩකාරයන් යැවූ නිසාත් අවුරුදුපතා කළ හැටියට අෂූර්හි රජුට කප්පන් ගෙනක් නුදුන් නිසාත් ඔහු කුමන්ත්‍රණය කළ බව අෂූර්හි රජ දැනගෙන ඔහු හිර අඩස්සිකොට බැන්දේය.
ශොවන්හි අධිපතීහු මහා අඥානයෝය; ඵාරාවෝගේ ඉතා ප්‍රඥාවන්ත මන්ත්‍රීන්ගේ මන්ත්‍රණය මෝඩවී තිබේ. මම ප්‍රඥාවන්තයන්ගේ පුත්‍රයෙක්ව පුරාතන රජවරුන්ගේ පුත්‍රයෙක්ව සිටිමියි නුඹලා ඵාරාවෝට කියන්නේ කොහොමද?
නුඹ රජු වෙතට තෛල රැගෙන පැමුණුණෙහිය, නුඹේ සුවඳ දේද වැඩිකරගත්තෙහිය, නුඹේ තානාපතීන් නුඹ දුරු රටවලට ඇර, පාතාලය දක්වා පහතට බැස්සෙහිය.
ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවී, මිසර දේශයට පැමිණියෝය. තවද ඔව්හු තාපන්හේස් දක්වා ගියෝය.
රැස්වී ඈට විරුද්ධව ඇවිත් යුද්ධයට නැගිටින්නැයි කියන්ට ජාතීන් අතරට තානාපතියෙක් යවනලද්දේය යන ආරංචිය ස්වාමීන්වහන්සේගෙන් ලැබීමි.
මම මිසරයේ වියගස් තෙහප් නෙහේස්හිදී බිඳින කලද ඇගේ බලයේ උඩඟුකම ඇගෙන් පහවන කලද එහි දවාල අඳුරුවන්නේය. ඈ වලාපටලයකින් වැසෙන්නේය. ඇගේ දූවරු වහල්කමට යන්නෝය.
ඔවුන් හැරෙන නුමුත් මහෝත්තමයාණන් වෙතට නොවේය; ඔවුන් හොර දුන්නක් මෙන්ය. ඔවුන්ගේ අධිපතීහු තමුන්ගේ දිව්වල අහංකාරකම නිසා කඩුවෙන් වැටෙන්නෝය. මිසර දේශයේදී මේක ඔවුන්ට නින්දාවක් වන්නේය.
ඔබදියාගේ දර්ශනයය. ස්වාමිවූ දෙවියන්වහන්සේ ඒදොම් ගැන මෙසේ කියනසේක: නැගිටින්න, අපි ඈට විරුද්ධව යුද්ධයට නැගිට යමුයයි කියන්ට ජාතීන් අතරට පණිවිඩකාරයෙක් අරිනු ලැබුවේය යන ආරංචිය ස්වාමීන්වහන්සේ වෙතින් ලැබීමුව.
ඔව්හු දකුණු දිශාවේ නැගී ගොස් හෙබ්‍රොන්ට පැමුණුණෝය; එහි අනාක්ගේ පුත්‍රයන් වන අහීමන්ද ෂේෂයිද තල්මයිද සිටියෝය. (හෙබ්‍රොන් නුවර මිසරයේ ශොවන් නුවරට සත් අවුරුද්දකට ප්‍රථමයෙන් ගොඩනගනලදී.)