Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 30:18 - Sinhala Revised Old Version

18 මම මිසරයේ වියගස් තෙහප් නෙහේස්හිදී බිඳින කලද ඇගේ බලයේ උඩඟුකම ඇගෙන් පහවන කලද එහි දවාල අඳුරුවන්නේය. ඈ වලාපටලයකින් වැසෙන්නේය. ඇගේ දූවරු වහල්කමට යන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 මා මිසරයේ වියගස් තෙහප්නෙහේස්හි දී බිඳින කල ද ඇගේ බලයේ උඩඟුකම ඇගෙන් පහවන කල ද එහි දවාල අඳුරු වන්නේ ය. ඈ වලාපටලයකින් වැසෙන්නී ය. ඇගේ දූවරු වහල්කමට ගෙනයනු ලබන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 මා මිසරයේ වියගස් තෙහප්නෙහේස්හි දී බිඳින කල ද ඇගේ බලයේ උඩඟුකම ඇගෙන් පහවන කල ද එහි දවාල අඳුරු වන්නේ ය. ඈ වලාපටලයකින් වැසෙන්නී ය. ඇගේ දූවරු වහල්කමට ගෙනයනු ලබන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 30:18
30 හුවමාරු යොමු  

මක්නිසාද දවස ළඟය, ස්වාමීන්වහන්සේගේ දවස ළඟය, එය වලාපටල දවසක්ව, ජාතීන්ගේ කාලයව තිබේ.


ඒක අනික් රාජ්‍යවලට වඩා පහත්ව ජාතීන් කෙරෙහි තවත් උසස් නොවී තිබෙන්නේය. ඔවුන් ජාතීන් කෙරෙහි ආණ්ඩු නොකරන හැටියට මම ඔවුන් අඩුකරන්නෙමි.


නොප් සහ තාහ්පන්හේස්හි පුත්‍රයොත් නුඹේ ඉස්මුදුන කාදැම්මෝය.


තවද ඒ දවසේදී ඔහුගේ බර නුඹේ කරෙන්ද ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන්ද පහවන්නේය, නුඹේ තරකම නිසා වියගහද කැඩෙන්නේයයි කියනසේක.


තවද ඒ දවස්වල පීඩා පසුවූ කෙනෙහිම, ඉර අඳුරුවන්නේය, සඳ එහි එළිය නොදෙන්නේය, තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ බලපරාක්‍රමද සෙලවෙන්නෝය.


ඉර හඳ අඳුරුවී තිබේ, තාරකාවල දිලිහීමද පහවෙයි.


නුඹ එසේ මහිමයෙන්ද උතුම්කමෙන්ද ඒදන්හි ගස්වලින් කොයි එකට සමානව සිටිනෙහිද? නුඹත් ඒදන්හි ගස් සමඟ පොළොවේ පහත් තැන්වලට බැස, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ අචර්මඡේදිතයන් අතරෙහි වැටී ඉන්නවා ඇත. ඵාරාවෝට සහ ඔහුගේ මුළු සමූහයාටත් එයාකාරවේය කියා ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


මිසරයෙහි දන්වමින්ද, මිග්දොල්හි ප්‍රකාශකරමින්ද, නොප්හි සහ තාපන්හේස්හි ප්‍රසිද්ධකරමින්ද මෙසේ කියන්න: ඉදිරියට ඇවිත් සැරසෙන්න; මක්නිසාද කඩුව නුඹ වටකර නාස්තිකෙළේය.


මිසරය ගැන දිව්‍ය ප්‍රකාශනයය. බලව, ස්වාමීන්වහන්සේ ශීඝ්‍ර වලාකුළක් පිට නැගී මිසරයට එනසේක. මිසරයේ පිළිම උන්වහන්සේ ඉදිරියෙහි චංචලවන්නෝය, මිසරවරුන්ගේ සිත්ද ඔවුන් තුළ දියවෙනවා ඇත.


එනම්, මම අෂූරියයා මාගේ දේශයේදී සුන්කොට මාගේ කඳු පිට ඔහු පාගාදමන්නෙමි. එවිට ඔහුගේ වියගහ ඔවුන් කෙරෙන් පහවන්නේය, ඔහුගේ බරද ඔවුන්ගේ කරෙන් පහවන්නේයයි කීසේක.


නුඹේ ඓශ්චර්යයද නුඹේ වීණාවල ශබ්දයද පාතාලයට බැසආවේය, නුඹ යට ඇතිරී ඇත්තේ පණුවාය, නුඹ වසාගන්නෙත් පණුවෝය.


මක්නිසාද අහසේ තාරකාද ග්‍රහ පංක්තිද ඒවායේ එළිය නොදෙන්නෝය. ඉර ස්වකීය ගමනේදී අඳුරුවන්නේය, සඳද තමාගේ එළිය බැබළෙන්ට නොදෙන්නේය.


සේනාවල ස්වාමීන්වහන්සේගේ උදහසින් දේශය දාලා ගියාය. සෙනඟද ගින්නට දර මෙන් වෙති; කිසිවෙක් තමාගේ සහෝදරයාට කරුණා නොකෙරෙයි.


මක්නිසාද ඔහුගේ බරවූ වියගහද ඔහුගේ කරේ දණ්ඩද ඔහුගේ පීඩාකාරයාගේ යෂ්ටියද මිදියන්හි දවසේදී මෙන් ඔබවහන්සේ කඩාදැමූසේක.


ඔව්හු ඒ දවසේ මුහුදේ ගර්ජනාව මෙන් මොවුන්ට විරුද්ධව ගර්ජනාකරන්නෝය. එවිට දේශය දෙස යමෙක් බැලුවොත් අන්ධකාරයත් විපතත් පෙනෙයි, එහි වලාකුල්වල එළිය අඳුරුවී තිබේ.


මම වනාහි නුඹලා මිසරවරුන්ගේ වහලුන්ව නොසිටින පිණිස මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනාවාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය; මම නුඹලාගේ වියගහේ බැඳුම් බිඳ නුඹලාට කෙලින්ව යන්ට සැලැස්වීමි.


මක්නිසාද දේශය අඳුරුවෙන තරම් උන් මුළු පොළෝතලය වසාගෙන දේශයේ සියලු පලා ජාතිද ගල් වර්ෂාවෙන් ඉතිරි වූ ගස්වල සියලු ගෙඩිද කෑවෝය. මිසර දේශය මුළුල්ලෙහි කෙතේ ගසක්වත් පලා ජාතියක්වත් කිසි අමු දෙයක්වත් ඉතිරි නොවීය.


ස්වාමීන්වහන්සේ මට මෙසේ කියනසේක: නුඹ වියබාන් සහ වියගස් සාදාගෙන නුඹේ බෙල්ලේ තබාගන්න;


එවිට ප්‍රොපේතවූ හනනියා අනාගතවක්තෘවූ යෙරෙමියාගේ බෙල්ලෙන් වියගහ හැරගෙන බින්දේය.


නුඹ ගොස් හනනියාට කථාකොට–ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ බිඳදැමුවේ ලී වියගස්ය; නුමුත් ඒවා වෙනුවට නුඹ යකඩ වියගස් සාදන්නෙහිය.


මක්නිසාද ඒ දවසේදී ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන් බිඳදමා, නුඹේ බැඳුම් කඩාදමන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. විදේශියෝ තවත් ඔවුන් යටත්කර නොගන්නෝය.


මිසර දේශයේ මිග්දොල්හිද තාපන්හේස්හිද නොප්හිද පත්‍රෝස් දේශයෙහිද වාසයකළ සියලු යුදෙව්වරුන් ගැන යෙරෙමියා වෙතට පැමිණි වචනයය.


ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහසින් සියොන් දුව වලාකුළකින් වැසූ හැටි! ‍‍ උන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ අලංකාරය ස්වර්ගයෙන් පොළොවට හෙළූසේක, තමන් උදහසේ දවසේදී තමන් පා පුටුව සිහි නොකළසේක.


මිසරවරුන් ජාතීන් අතරට එළවා, ඔවුන් දේශවල විසුරුවන්නෙමි.


මා විසින් නුඹ නිවන කල, අහස වසා, එහි තාරකා අඳුරුකර, වලාකුළකින් ඉර වසන්නෙමි, සඳත් එහි එළිය නොදෙන්නේය.


කෙතේ ගස්වල ඵල හටගන්නේය. දේශය ඒකේ අස්වැන්න දෙන්නේය, ඔව්හු උපද්‍රව රහිතව තමුන්ගේ රටෙහි සිටින්නෝය; ඔව්හු මා විසින් ඔවුන්ගේ වියගස් කඩා, ඔවුන් වහල්කරගත් අයගේ අත්වලින් ඔවුන් ගළවාගත්තාම, මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.


එවිට නුඹ නැගී ඇවිත්, කුණාටුවක් මෙන් පැමිණෙනවා ඇත, නුඹ සහ නුඹ සමඟ නුඹේ සියලු සමුදාවන්ද බොහෝ ජනයන්ද දේශය වසාගැනීමට වලාකුළක් මෙන් සිටිනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්