Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 30:5 - Sinhala Revised Old Version

5 ඔවුන් සියල්ලෝම තමුන්ට ප්‍රයෝජන නොවන්නාවූ, ලජ්ජාවක් සහ නින්දාවක් පමුණුවනවා මිස පිහිටක් හෝ උපකාරයක් නොවන්නාවූ සෙනඟක් ගැන ලජ්ජාවන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එහෙත්, ජුදාවේ සෙනඟ විශ්වාස කළ නොහැකි පිහිට උපකාර බලාපොරොත්තු වූ නමුත්, එය දීමට නොහැකි ජාතියක් කෙරෙහි විශ්වාසය තැබූ නිසා ඔව්හු ශෝකයට හා විපතට පත් වන්නෝ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එහෙත්, ජුදාවේ සෙනඟ විශ්වාස කළ නොහැකි පිහිට උපකාර බලාපොරොත්තු වූ නමුත්, එය දීමට නොහැකි ජාතියක් කෙරෙහි විශ්වාසය තැබූ නිසා ඔව්හු ශෝකයට හා විපතට පත් වන්නෝ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 30:5
7 හුවමාරු යොමු  

නුඹේ මාර්ගය වෙනස්කරන්ට නුඹ ඔපමණ තැනින් තැන යන්නේ මක්නිසාද? අෂූර් නිසා නුඹ ලජ්ජාවට පැමුණුණාක්මෙන් මිසරය නිසාත් නුඹ ලජ්ජාවට පැමිණෙන්නෙහිය.


මිසරයේ උදව්ව නිෂ්ඵලය, නිරර්ථකය. එබැවින් නිකම් ඉන්න රාහබ්යයි ඈට නම් තැබුවෙමි.


එසේ නොව අපි අසුන් පිට නැගී පලායන්නෙමුයයි කීවහුය; එබැවින් නුඹලා පලායනවාම ඇත. අපි ශීඝ්‍ර සතුන් පිට නැගී යන්නෙමුයයි නුඹලා කීවහුය; එබැවින් නුඹලා ලුහුබැඳ එන්නෝ ශීඝ්‍රවන්නෝය.


පළිගැනීමේ දවසේදීත් දුරින් එන විනාශයේදීත් නුඹලා කුමක් කරන්නහුද? උපකාර ලැබීම පිණිස නුඹලා කා ළඟට පලායන්නහුද? නුඹලාගේ තේජස කොතැන තබා යන්නහුද?


බලව, නුඹ විශ්වාසකරන්නේ ඒ තැළුණු බට දණ්ඩ වන මිසරය කෙරෙහිය; යමෙක් ඒකට බරවුණොත් ඒක ඔහුගේ අතේ ඇනී හිල්වන්නේය. මිසරයේ රජවූ ඵාරාවෝ කෙරෙහි විශ්වාසකරන සියල්ලන්ට ඔහු එයාකාරය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්