Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ඔබදියා 1:1 - Sinhala Revised Old Version

1 ඔබදියාගේ දර්ශනයය. ස්වාමිවූ දෙවියන්වහන්සේ ඒදොම් ගැන මෙසේ කියනසේක: නැගිටින්න, අපි ඈට විරුද්ධව යුද්ධයට නැගිට යමුයයි කියන්ට ජාතීන් අතරට පණිවිඩකාරයෙක් අරිනු ලැබුවේය යන ආරංචිය ස්වාමීන්වහන්සේ වෙතින් ලැබීමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 දිවැසිවර ඔබදියාගේ දර්ශනය මෙය වේ. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඒදොම් ගැන මෙසේ වදාරන සේක: “ඉදිරියට එන්න; අපි ඒදොම්ට විරුද්ධ ව යුද්ධයට යමු”යි කියන පිණිස ජාතීන් අතරට පණිවුඩකාරයෙක් යවනු ලැබී ය. මම මේ ආරංචිය සමිඳාණන් වහන්සේගෙන් ලදිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 දිවැසිවර ඔබදියාගේ දර්ශනය මෙය වේ. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඒදොම් ගැන මෙසේ වදාරන සේක: “ඉදිරියට එන්න; අපි ඒදොම්ට විරුද්ධ ව යුද්ධයට යමු”යි කියන පිණිස ජාතීන් අතරට පණිවුඩකාරයෙක් යවනු ලැබී ය. මම මේ ආරංචිය සමිඳාණන් වහන්සේගෙන් ලදිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ඔබදියා 1:1
28 හුවමාරු යොමු  

යූදා දරුවන්ගේ දේශයෙහි නිදොස් ලේ වගුරුවා ඔවුන්ට කළ බලාත්කාරකම නිසා මිසරය පාළුවක්ද ඒදොම් පාළු කාන්තාරයක්ද වන්නේය.


මක්නිසාද ඔහුගේ අධිපතීහු ශොවන්හි සිටිති, ඔහුගේ තානාපතීහුද හානේස්ට ඇවිත් සිටිති.


දූමා ගැන දිව්‍ය ප්‍රකාශනයය. මුරකාරය, රාත්‍රියේ දැන් වේලාව කීයද? මුරකාරය, රාත්‍රියේ දැන් වේලාව කීයදැයි සේයිර් සිට කෙනෙක් මට හඬගසයි.


බිඳහෙළව්, අත්තිවාරම දක්වා බිඳහෙළව්යයි කී ඒදොම්ගේ පුත්‍රයන්ට විරුද්ධව, ස්වාමිනි, යෙරුසලමේ දවස සිහිකළ මැනව.


යුද්ධ සහ යුද්ධ කථා ගැන නුඹලා අසන කල නොකැලඹෙන්න. මේ දේවල් සිදුවෙන්ට ඕනෑය;


යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත. නොකැලඹෙන්ට බලාගන්න. මක්නිසාද මේ සියල්ල සිදුවන්ට ඕනෑය; නුමුත් ඒ වන තුරුත් අන්තිමය නොපැමිණෙන්නේය.


කඩාදමන්නා ඔවුන්ට පෙරටුව නැගී ගියේය. ඔව්හු බිඳගෙන දොරටුව පසුකර, එයින් පිටතට ගියෝය. ඔවුන්ගේ රජ ඔවුන්ට ඉස්සරින් ගියේය, ස්වාමීන්වහන්සේ ඔවුන්ට පෙරටුව ගියසේක.


දේශයේදී අසන ආරංචියට නුඹලාගේ සිත් දුර්වලවෙන්ට ඉඩ නොදෙන්න, භය නොවෙන්න; මක්නිසාද එක අවුරුද්දකදී ආරංචියක්ද ඊට පසු අවුරුද්දේ ආරංචියක්ද දේශයෙහි බලාත්කාරකමද ආණ්ඩුකාරයෙක් ආණ්ඩුකාරයෙකුට විරුද්ධවීමද පැමිණෙන්නේය.


ඒදොම් සහ මෝවබ්ටත් අම්මොන් පුත්‍රයන්ටත්,


එවිට මම ස්වාමීන්වහන්සේගේ අතින් කුසලාන රැගෙන ස්වාමීන්වහන්සේ මා යැවූ සියලු ජාතීන්ට පෙවුවෙමි:


මුරකාරයාද: පහන් වේලාව එන්නේය, රාත්‍රියත් එන්නේය. නුඹලා විභාගකරන්ට නම් කැමති නැවත ඇවිත් විභාගකරන්නැයි කීවේය.


මම ක්ලාන්තව සිටිමි, එබැවින් ඔය රතුපාට කෑමෙන් ටිකක් මට දෙන්නැයි යාකොබ්ට කීය. එබැවින් ඔහුගේ නම ඒදොම් වූයේය.


ඒසව් වනාහි සේයිර් කන්දෙහි විසුයේය. ඒසව් නම් ඒදොම්ය.


සේයිර් කඳුකරයෙහි වූ ඒදොම්වරුන්ගේ පියවූ ඒසව්ගේ පරම්පරාවල් මේය.


තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්