Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 57:9 - Sinhala Revised Old Version

9 නුඹ රජු වෙතට තෛල රැගෙන පැමුණුණෙහිය, නුඹේ සුවඳ දේද වැඩිකරගත්තෙහිය, නුඹේ තානාපතීන් නුඹ දුරු රටවලට ඇර, පාතාලය දක්වා පහතට බැස්සෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 නුඹලා සුවඳ ද්‍රව්‍ය ගාගෙන මොලෙක් දෙවියාට නමස්කාර කරන පිණිස යන්නහු ය. නමස්කාර කිරීමට දෙවිවරුන් සොයාගන්න පිණිස නුඹලා පණිවුඩකාරයන් දස දෙස, පාතාල ලෝකයට පවා යවන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 නුඹලා සුවඳ ද්‍රව්‍ය ගාගෙන මොලෙක් දෙවියාට නමස්කාර කරන පිණිස යන්නහු ය. නමස්කාර කිරීමට දෙවිවරුන් සොයාගන්න පිණිස නුඹලා පණිවුඩකාරයන් දස දෙස, පාතාල ලෝකයට පවා යවන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 57:9
12 හුවමාරු යොමු  

ඇගේ ඇස්වලින් ඈ දුටු විටම ඔවුන් කෙරෙහි ආලයවී කල්දියාවේ සිටිය ඔවුන් ළඟට පණිවිඩකාරයන් යැවුවාය.


පහත්වීමටද දේවදූතයන්ට නමස්කාරකිරීමටද කැමතිවීමෙන් දිනුම නුඹලාගෙන් පහකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න. එබඳු තැනැත්තා තමා දුටු දේවල හැසිරෙමින්, තමාගේ මාංසික බුද්ධියෙන් නිරර්ථකලෙස උඩඟුවී,


එප්‍රායිම් සුළං කන්නේය, පෙරදිග සුළං පස්සේද එළවාගන යන්නේය. ඔහු බොරු සහ බලාත්කාරකම නිරතුරුම වැඩිකරන්නේය; ඔව්හු අෂූර් සමඟ ගිවිසුමක් කරති, මිසරයට තෙල් ගෙනයති.


එප්‍රායිම් අනුවණ පරෙවියෙකු මෙන් සිතක් නැතුව සිටින්නේය. ඔව්හු මිසරයට අඬගසති, අෂූර්ට යති,


තවද නුඹලා දුරස්තරයෙහි සිටින මනුෂ්‍යයන්ට අඬගසා ඇරියහුය. ඔවුන් ළඟට පණිවිඩකාරයෙක් අරිනලද්දේය, ඔව්හුද ආවෝය; නුඹ ඔවුන් නිසා නාගන, නුඹේ ඇස්වල අඳුන් ගා ආභරණ පැළඳගෙන, අලංකාර ඇඳක ඉඳගත්තෙහිය,


සියලු වේශ්‍යාවන්ට යම් තෑග්ගක් දෙනු ලැබේ. නුමුත් නුඹ නුඹේ සියලු ප්‍රේමවන්තයන්ට නුඹේ තෑගි දී, නුඹ සමඟ වේශ්‍යාකම්කිරීමට හැම අතින්ම නුඹ ළඟට එන්ට ඔවුන්ට තෑගි දුන්නෙහිය.


මෙසේ පහත් මිනිහා යටත් කරනු ලැබේ, උසස් මනුෂ්‍යයාද පහත් කරනු ලැබේ. ඒ නිසා ඔවුන්ට කමානූව මැනව.


සුවඳලාටුවලින්ද අගිල්වලින්ද කුරුඳුවලින්ද මාගේ ඇඳ සුවඳකෙළෙමි.


රජද තමාගේ කැමැත්තේ හැටියට කර, සියලු දෙවිවරුන්ට විරුද්ධව උසස්වී, උඩඟුවී, දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේටත් විරුද්ධව අපූරු දේ කථාකරනවා ඇත. උදහස තීන්දුවෙන තුරුද ඔහු සඵලවෙනවා ඇත; මක්නිසාද නියමය ඉෂ්ටවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්