මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ටම යාකොබ්ද තමන්ගේ විශේෂ වස්තුව කොට ඉශ්‍රායෙල්ද තෝරාගත්සේක.
නික්මයාම 34:9 - Sinhala Revised Old Version එවිට ඔහු: අහෝ ස්වාමීන්වහන්ස, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබේ නම් ස්වාමීන්වහන්සේ අප අතරෙහි යනසේක්වා; මක්නිසාද මොව්හු තද කුළල් ඇති සෙනඟක්ය; නුමුත් අපේ අයුතුකමද පාපයද ක්ෂමාකර අප ඔබගේ උරුමය කොට පිළිගතමැනවයි කීයේය. Sinhala New Revised Version ඉන්පසු ඔහු කතා කොට, “සමිඳුනි, ඔබ ඉදිරියෙහි මම අනුග්‍රහය ලබා ඇත්තෙම් නම්, මාගේ සමිඳුන් වන ඔබ අප සමඟ වඩින ලෙස මම අයැද සිටිමි. මේ සෙනඟ නම් මුරණ්ඩු ය. අපේ දුෂ්ටකම හා පාප කමා කොට අප ඔබේ ම උරුමය වශයෙන් ගත මැනව”යි කී ය. Sinhala New Revised Version 2018 ඉන්පසු ඔහු කතා කොට, “සමිඳුනි, ඔබ ඉදිරියෙහි මම අනුග්‍රහය ලබා ඇත්තෙම් නම්, මාගේ සමිඳුන් වන ඔබ අප සමඟ වඩින ලෙස මම අයැද සිටිමි. මේ සෙනඟ නම් මුරණ්ඩු ය. අපේ දුෂ්ටකම හා පාප කමා කොට අප ඔබේ ම උරුමය වශයෙන් ගත මැනව”යි කී ය. |
මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ටම යාකොබ්ද තමන්ගේ විශේෂ වස්තුව කොට ඉශ්‍රායෙල්ද තෝරාගත්සේක.
ඔබගේ සෙනඟ ගළවා, ඔබගේ උරුමයවූවන්ට ආශීර්වාදකළ මැනව. ඔවුන් පෝෂණයකරමින්, සදාකල්ම ඉසුලුව මැනව.
ස්වකීය දෙවියන් කොට ස්වාමීන්වහන්සේ ඇතුව සිටින ජාතියද, උන්වහන්සේ විසින් ස්වකීය උරුමය කොට තෝරාගත් සෙනඟද ආශීර්වාද ලද්දෝය.
දැනුදු නුඹලා සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්නහුනම් සියලු සෙනඟ අතරෙන් නුඹලා මට අසහාය වස්තුවක් වන්නහුය. මක්නිසාද මුළු පොළොව මාගේය.
මෝසෙස් ස්වාමීන්වහන්සේට කථාකොට: බැලුව මැනව, ඔබවහන්සේ–මේ සෙනඟ ගෙන යන්නැයි මට කී නුමුත් මා සමඟ යවන්නේ කවරෙක්දැයි මට නොදැන්වූසේක. එසේවීනුමුත්: නාමයෙන් නුඹ අඳුනමියි කියාත් මා ඉදිරියෙහි නුඹට කරුණාව ලැබුණේය කියාත් ඔබ මට කීසේක.
උන්වහන්සේ දහස් ගණනකට කරුණාව පවත්වනසේක, අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමාකරනසේක. වරදකරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් නොකරනසේක; තුන්වෙනි සතරවෙනි පරම්පරාව දක්වා දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන ප්‍රතිඵල දෙනසේකැයි ප්‍රකාශකළසේක.
යාකොබ්ගේ උරුම-කොටසවූ තැනන්වහන්සේ ඒවාට සමාන නැත; උන්වහන්සේ වනාහි සියලු දේම මැවූ තැනන්වහන්සේය; ඉශ්‍රායෙල්ද උන්වහන්සේගේ උරුම-ගෝත්‍රයය. උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය.
අපරාධය කමාකරන්නාවූ, ස්වකීය උරුමයේ ඉතිරි අයින්ගේ වරදට දඬුවම් නොකර අරින්නාවූ ඔබවහන්සේ සමාන දෙවිකෙනෙක් කවුද? උන්වහන්සේ කරුණාවට ප්‍රියවන නිසා ස්වකීය උදහස සෑම කල්හිම තබා නොගන්නසේක.
ස්වාමීන්වහන්සේද ශුද්ධවූ දේශයෙහි තමන්ගේ කොටස ලෙස යූදා උරුමකරගන, යෙරුසලම නැවත තෝරාගන්නසේක.
ඔබවහන්සේගේ දයාවේ මහත්කම ලෙසද මේ සෙනඟ මිසරයෙහි සිටින කාලයේ පටන් මේ දක්වා ඔබ මේ සෙනඟට කමාවුණාක් මෙන්ද මේ සෙනඟගේ අයුතුකමට කමාවුණමැනවයි කීවේය.
මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.
එහෙත් අද තිබෙන්නාක්මෙන් නුඹලා තමන්වහන්සේට උරුම සෙනඟක් වන පිණිස ස්වාමීන්වහන්සේ නුඹලා රැගෙන යකඩ උදුනක් වැනිවූ මිසරයෙන් නුඹලා පිටතට ගෙනාසේක.
ස්වාමීන්වහන්සේ කෝපකරන හැටියට උන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුවූ දේ කරමින් නුඹලා කළාවූ නුඹලාගේ සියලුම පාපවල් නිසා මම පළමු වතාවේ මෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වැටී දවල් සතළිසක්ද රෑ සතළිසක්ද කෑම නොකා වතුර නොබී සිටියෙමි.
උන්වහන්සේට යාච්ඤාකරමින්: ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මහන්තත්ත්වයෙන් ඔබ මුදාගත්තාවූ, බලවත් හස්තයකින් මිසරයෙන් පිටතට ගෙනාවාවූ ඔබගේ සෙනඟද උරුමයද විනාශනොකළ මැනව.
නුමුත් මොවුන් ඔබගේ මහත් බලයෙන්ද දිගු කළ ඔබගේ බාහුවෙන්ද ඔබ විසින් පිටතට ගෙනාවාවූ ඔබගේ සෙනඟත් ඔබගේ උරුමයත්යයි කීවෙමි.