Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 9:18 - Sinhala Revised Old Version

18 ස්වාමීන්වහන්සේ කෝපකරන හැටියට උන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුවූ දේ කරමින් නුඹලා කළාවූ නුඹලාගේ සියලුම පාපවල් නිසා මම පළමු වතාවේ මෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වැටී දවල් සතළිසක්ද රෑ සතළිසක්ද කෑම නොකා වතුර නොබී සිටියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 එවිට මම කලින් කළාක් මෙන්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දාවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් මුණින්තළා වැඳ වැටී කිසිත් නොකා නොබී සිටියෙමි. මා එසේ කෙළේ ඔබ බොහෝ සේ පව් කොට, උන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ට ලෙස හැසිරෙමින්, උන් වහන්සේ කුපිත කළ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 එවිට මම කලින් කළාක් මෙන්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දාවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් මුණින්තළා වැඳ වැටී කිසිත් නොකා නොබී සිටියෙමි. මා එසේ කෙළේ ඔබ බොහෝ සේ පව් කොට, උන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ට ලෙස හැසිරෙමින්, උන් වහන්සේ කුපිත කළ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 9:18
11 හුවමාරු යොමු  

ඔහු දාවල් සතළිසක්ද රෑ සතළිසක්ද කෑම නොකා වතුර නොබී එහි ස්වාමීන්වහන්සේ සමඟ සිටියේය. උන්වහන්සේ ගිවිසුමේ වචන වන ආඥා දසය ලෑලිවල ලියා දුන්සේක.


එසේ වුණේ ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ කළ ගිවිසුමේ ලෑලි වන ගල්ලෑලි ලබාගන්ට මා කන්දට නැගී, කෑම නොකා වතුර නොබී දවල් සතළිසක් හා රෑ සතළිසක් කන්දේ සිටියාවූද,


එබැවින් උන්වහන්සේ: ඔවුන් විනාශකරන්නෙමියි කීසේක. උන්වහන්සේ ඔවුන් විනාශ නොකරන ලෙස උන්වහන්සේගේ උදහස පහකරන පිණිස, උන්වහන්සේ විසින් තෝරාගත් මෝසෙස් උන්වහන්සේ ඉදිරියේ කෝප දොරටුවෙහි නොසිටියේ නම්, එසේ කරනවා ඇත.


එබැවින් දාවිත් ළදරුවා ගැන දෙවියන්වහන්සේට කන්නලව් කෙළේය; දාවිත් නිරාහාරව සිට ගෙට ඇතුල්වී රාත්‍රිය මුළුල්ලෙහි බිම වැතිර උන්නේය.


මම පළමු වතාවේ මෙන් දවල් සතළිසක්ද රෑ සතළිසක්ද කන්දේ නැවතුණෙමි. ස්වාමීන්වහන්සේ ඒ වතාවේදීත් මට ඇහුම්කන්දී, නුඹ විනාශකරන්ට නොකැමැතිවූසේක.


එවිට ඔහු: අහෝ ස්වාමීන්වහන්ස, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබේ නම් ස්වාමීන්වහන්සේ අප අතරෙහි යනසේක්වා; මක්නිසාද මොව්හු තද කුළල් ඇති සෙනඟක්ය; නුමුත් අපේ අයුතුකමද පාපයද ක්ෂමාකර අප ඔබගේ උරුමය කොට පිළිගතමැනවයි කීයේය.


මම ලෑලි දෙක ගෙන මාගේ දෑතින් වීසිකොට නුඹලාගේ ඇස් හමුයෙහි ඒවා බින්දෙමි.


ස්වාමීන්වහන්සේ නුඹලා විනාශකරනසේකැයි කී බැවින් මා වැටී සිටිය දවස් ලෙස දවල් සතළිසකුත් රෑ සතළිසකුත් ස්වාමීන්වහන්සේ ඉදිරියේ වැටී,


ඔහු නැගිට කා බී, ඒ කෑමේ සවියෙන් දවල් සතළිසක්ද රෑ සතළිසක්ද ගොස්, දෙවියන්වහන්සේගේ කන්දවූ හොරෙබ් ළඟට පැමිණ,


එවිට එස්රා දෙවියන්වහන්සේගේ ගෘහය ඉදිරියෙන් නැගිට එලියාෂීබ්ගේ පුත්‍රවූ යෙහෝහානාන්ගේ ඇතුල් ගෙට ගියේය. ඔහු එහි ගොස් කෑම නොකා වතුර නොබී සිටියේය. මක්නිසාද වාල්කමෙන් ආ අයගේ අපරාධය ගැන ඔහු වැලපුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්