Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 94:14 - Sinhala Revised Old Version

14 මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ ඉවත නොදමනසේක, තමන් උරුමයද අත් නොහරිනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 සමිඳාණෝ සිය සෙනඟ ඉවත නොලන සේක; තෝරාගත් සිය සෙනඟ අත් නොහරින සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 සමිඳාණෝ සිය සෙනඟ ඉවත නොලන සේක; තෝරාගත් සිය සෙනඟ අත් නොහරින සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 94:14
19 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ නුඹලා ස්වකීය සෙනඟ කරගන්ට ප්‍රසන්නවූ බැවින් තමන්ගේ මහත් නාමය නිසා තමන් සෙනඟ අත්නොහරිනසේක.


මක්නිසාද ස්වාමීන්වහන්සේ යුක්තියට ප්‍රියවනසේක, ස්වකීය ශුද්ධවන්තයන් අත් නාරිනසේක; ඔව්හු සදාකල් ආරක්ෂාකරනු ලබති. නුමුත් දුෂ්ටයන්ගේ වංශය සිඳිනු ලබන්නේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේගේ කොටස නම් ස්වකීය සෙනඟය; යාකොබ් උන්වහන්සේගේ උරුම කොටසය.


නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.


පූර්වයෙන් නියමකළවුන් උන්වහන්සේ කැඳවාගත්සේක. කැඳවාගත්තවුන් උන්වහන්සේ ධර්මිෂ්ඨකළසේක. ධර්මිෂ්ඨකළ අය උන්වහන්සේ මහිමයට පැමිණෙවුසේක.


උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක්ද කියාත්, ශුද්ධවන්තයන් තුළවූ උන්වහන්සේගේ උරුමයේ මහිමයේ සම්පත කිමෙක්ද කියාත්,


ජීවිතයට කැමතිවූ, යහපත දක්නා පිණිස බොහෝ දවස් වලට ප්‍රියවූ මනුෂ්‍යයා කවරේද?


යාකොබ්ගේ උරුම-කොටසවූ තැනන්වහන්සේ ඒවාට සමාන නැත; උන්වහන්සේ වනාහි සියලු දේම මැවූ තැනන්වහන්සේය; ඉශ්‍රායෙල්ද උන්වහන්සේගේ උරුම-ගෝත්‍රයය. උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය.


ස්වාමිනි, ඔව්හු ඔබගේ සෙනඟ කැබලිකරති, ඔබගේ උරුමයට පීඩාකෙරෙති.


එසේවී නුමුත් ඔවුන් තමුන් සතුරන්ගේ දේශයෙහි සිටින කල ඔවුන් මුළුමනින් විනාශවන ලෙසද ඔවුන් සමඟ මාගේ ගිවිසුම කඩවන ලෙසද මම ඔවුන් එපා නොකරන්නෙමි, ඔවුන් පිළිකුල් නොකරන්නෙමි. මක්නිසාද මම ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න, ඔවුන් ගැන භයනොවන්න, තැතිනොගන්න. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේම නුඹ සමඟ යනසේක; උන්වහන්සේ නුඹෙන් අහක්ව යන්නේවත් නුඹ අත්හරින්නේවත් නැතැයි කීවේය.


ස්වාමීන්වහන්සේම නුඹට පෙරටුව යනසේක; උන්වහන්සේ නුඹ සමඟ වනසේක, උන්වහන්සේ නුඹෙන් අහක්ව යන්නේවත් නුඹ අත්හරින්නේවත් නැත. භයනොවන්න, නොකැලඹෙන්නැයි කීවේය.


ඔබ පුරාණ කාලයේදී මිලේට ගත්තාවූ, ඔබගේ උරුම-ගෝත්‍රය වන පිණිස මුදාගත්තාවූ ඔබගේ සභාවද ඔබ විසූ සියොන් කන්දද සිහිකළ මැනව.


අසරණයන්ද දිළින්දන්ද වතුර සොයා නොලැබ ඔවුන්ගේ දිවි පිපාසායෙන් වේලෙන කල, ස්වාමීන්වහන්සේ වන මම ඔවුන්ට උත්තරදෙන්නෙමි, ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ වන මම ඔවුන් අත්නාරින්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්