තමාගේ පියවූ උස්සියා කළ සියල්ල ලෙස ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය. නුමුත් ඔහු ස්වාමීන්වහන්සේගේ මාලිගාවට ඇතුල්වුණේ නැත. ඒ කාලයෙහිත් සෙනඟ දුෂ්ටකම් කළෝය.
නික්මයාම 32:7 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: යන්න, බැස යන්න; මක්නිසාද නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ සෙනඟ තමන්ම දූෂ්‍යකර ගෙන, Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “යන්න, හනික කන්දෙන් බසින්න. නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා නුඹේ සෙනඟ තමන් ම දූෂ්‍ය කරගෙන සිටිති. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “යන්න, හනික කන්දෙන් බසින්න. නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා නුඹේ සෙනඟ තමන් ම දූෂ්‍ය කරගෙන සිටිති. |
තමාගේ පියවූ උස්සියා කළ සියල්ල ලෙස ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය. නුමුත් ඔහු ස්වාමීන්වහන්සේගේ මාලිගාවට ඇතුල්වුණේ නැත. ඒ කාලයෙහිත් සෙනඟ දුෂ්ටකම් කළෝය.
ස්වාමීන්වහන්සේද: යන්න, පහළ බසින්න; නුඹද නුඹ සමඟ ආරොන්ද නැගී එන්න. නුමුත් ස්වාමීන්වහන්සේ ඇවිත් පහරනොදෙන පිණිස පූජකයෝද සෙනඟද උන්වහන්සේ වෙතට නැග එන්ට සීමාව බිඳගන නොයෙත්වයි ඔහුට කීසේක.
මෝසෙස් කන්දෙන් බසින්ට ප්‍රමාදවන බව සෙනඟ දැක ආරොන් ළඟට රැස්ව: නැගිටින්න, අපට පෙරටුව යන පිණිස අපට දෙවිකෙනෙක් සාදන්න; මක්නිසාද මිසර දේශයෙන් අප ගෙනා මනුෂ්‍යයා වූ මේ මෝසෙස්ට කුමක්වීදැයි නොදනිමුයයි කීවෝය.
මෝසෙස් තමන් දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කරනුයේ: ස්වාමීන්වහන්ස, ඔබ මහත් බලයෙන් හා බලසම්පන්න හස්තයකින් මිසර දේශයෙන් ගෙනාවාවූ ඔබගේ සෙනඟට විරුද්ධව ඔබගේ උදහස ඇවිළෙන්නේ මන්ද?
ඔහු ඒවා ඔවුන් අතින් ගෙන කැටයම්කරන ආවුදයකින් හැඩ කොට වාත්තු වස්සෙකු සෑදුවේය. ඔව්හුද: එම්බා ඉශ්‍රායෙල්, නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ දෙවියෝ මේයයි කීවෝය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ සහ නුඹ විසින් මිසර දේශයෙන් ගෙනා සෙනඟද මෙතැනින් පිටත්ව: නුඹේ වංශයට දෙන්නෙමියි මම ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දිවුළ දේශයට යන්න.
අනේ පාපිෂ්ඨ ජාතියක්ය, අයුතුකමෙන් බරවූ සෙනඟක්ය, නපුරුකම්කරන වංශයක්ය, දූෂ්‍යලෙස ක්‍රියාකරන දරුවෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ අත්හැර, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ එපාකොට, වෙන්වී පස්සට හැරී ගියෝය.
වරද තීන්දුකරන්ටත් පව් කෙළවරකරන්ටත් අපරාධය උදෙසා සමඟිකමක්කරන්ටත් සදාකාල ධර්මිෂ්ඨකම පමුණුවන්ටත් දර්ශනය සහ අනාගතවාක්‍යය මුද්‍රකර තබන්ටත් අති ශුද්ධස්ථානය ආලේපකරන්ටත් නුඹේ සෙනඟත් නුඹේ ශුද්ධවූ නුවරත් ගැන සති සැත්තෑවක් නියමකර තිබේ.
ගිබියාහි දවස්වලදී මෙන් ඔව්හු අධිකලෙස තමුන්ම දූෂ්‍යකරගත්තෝය. උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම සිහිකර, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක.
මක්නිසාද මාගේ මරණයෙන් පසු නුඹලා සහමුලින් නුඹලාම දූෂ්‍ය කරගෙන මා නුඹලාට අණකළ මාර්ගයෙන් අහක්ව යන බව දනිමි; එබැවින් මතු දවස්වලදී විපත්තිය නුඹලාට පැමිණෙන්නේය; මක්නිසාද නුඹලාගේ අත්වල වැඩෙන් ස්වාමීන්වහන්සේ කෝපකරන හැටියට නුඹලා උන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කරනවා ඇතැයි කීවේය.
ඔව්හු උන්වහන්සේට විරුද්ධව දුෂ්ටකම් කළෝය, ඔව්හු උන්වහන්සේගේ දරුවෝ නොවෙති, ඔව්හු කැලල් ඇත්තෝය; වංකවූ වංචාකාරවූ වංශයක
නුඹ නැගිට මෙතනින් ඉක්මනට බැස යන්න; මක්නිසාද නුඹ මිසරයෙන් ගෙනාවාවූ නුඹේ සෙනඟ දුෂ්ටකම් කළෝය; මා ඔවුන්ට අණකළ මාර්ගයෙන් ඔව්හු අහක්වී තමුන්ට පිළිමයක් වාත්තුකරගන සිටිතියි කීසේක.
හොරේබ්හිදීත් නුඹලා ස්වාමීන්වහන්සේ උදහස් කළහුය, ස්වාමීන්වහන්සේද නුඹලා විනාශකරන තරමට නුඹලාට කෝපවූසේක.
නුමුත් විනිශ්චයකාරයා මැරුණු කල, ඔව්හු හැරී අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවයකොට නමස්කාරකරමින්, තමුන්ගේ පියවරුන්ටත් වඩා දූෂ්‍යකම් කළෝය; ඔව්හු තමුන්ගේ ක්‍රියාවලින්වත් තමුන්ගේ මුරණ්ඩු මාර්ගයෙන්වත් කිසිවක් අත්නෑරියෝය.