Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 9:24 - Sinhala Revised Old Version

24 වරද තීන්දුකරන්ටත් පව් කෙළවරකරන්ටත් අපරාධය උදෙසා සමඟිකමක්කරන්ටත් සදාකාල ධර්මිෂ්ඨකම පමුණුවන්ටත් දර්ශනය සහ අනාගතවාක්‍යය මුද්‍රකර තබන්ටත් අති ශුද්ධස්ථානය ආලේපකරන්ටත් නුඹේ සෙනඟත් නුඹේ ශුද්ධවූ නුවරත් ගැන සති සැත්තෑවක් නියමකර තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 “නුඹේ ජාතිය හා නුඹේ ශුද්ධ නුවර සම්බන්ධයෙන් සති සැත්තෑවක් නියමකර ඇත. එවිට කැරලි ගැසීම නතර කරනු ලබන්නේ ය; පාපය කෙළවර කරනු ලබන්නේ ය; අපරාධය සමා කරනු ලබන්නේ ය; සදාතන යුක්තිය පිහිටුවනු ලබන්නේ ය; දර්ශන හා දිවැස් වැකි ස්ථිර කරනු ලබන්නේ ය; අතිශුද්ධස්ථානය සංස්කාර කරනු ලබන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 9:24
50 හුවමාරු යොමු  

මක්නිසාද අපි සතුරන්ව සිටියදීම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කරණකොටගෙන උන්වහන්සේ සමඟ අපි සමඟිකරනු ලැබුවෙමු නම්, සමඟිවුණාවූ අපි ඊටත් වඩා උන්වහන්සේගේ ජීවනය කරණකොටගෙන ගළවනු ලබන්නෙමුව.


ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද,


නුඹලා දේශය සෝදිසිකළ දවස් ගණනවූ සතළිස් දවසේ හැටියට දවසකට අවුරුද්දක් බැගින් සතළිස් අවුරුද්දක් නුඹලාගේ අයුතුකම් දරමින්, මාගේ විරෝධවීම නුඹලා දැනගන්නහුය.


අවුරුදුවල සත් සබතක් නුඹට ගණන්කර ගන්න, එනම් සත් වරක් සත් අවුරුද්දක්ය; එවිට අවුරුදුවල සත් සබතක දවස් එනම් හතළිස් නව අවුරුද්දක් නුඹට වන්නේය.


මෝසෙස් කථාකොට: නුඹලාගේ ස්වාමිවූ දෙවියන්වහන්සේ මා සමාන අනාගතවක්තෘකෙනෙකු නුඹලාගේ සහෝදරයන් අතරෙන් නුඹලාට නැගුටුවාදෙනසේක; ඔහු නුඹලාට කථාකරන සියල්ල ගැන ඔහුට ඇහුම්කන්දෙන්න.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා යුක්තිය පවත්වා ධර්මිෂ්ඨකම් කරන්න. මක්නිසාද මාගේ ගැළවීම පැමිණෙන්ටත් මාගේ ධර්මිෂ්ඨකම එළිදරව්වෙන්ටත් ළඟය.


නුඹලාගේ ඇස් අහස දෙසට ඔසවන්න, පහළ තිබෙන පොළොවත් බලන්න. මක්නිසාද අහස දුම මෙන් පහවීයන්නේය, පොළොවද වස්ත්‍රයක් මෙන් පරණවන්නේය, එහි වාසයකරන්නෝද එයාකාරයෙන්ම නසින්නෝය. නුමුත් මාගේ ගැළවීම සදාකාලේටම පවතින්නේය, මාගේ ධර්මිෂ්ඨකමද කඩ නොවන්නේය.


මම සියොන්නම් මාගේ පිරිසිදු කන්ද මතුයෙහි මාගේ රජ්ජුරුවන් පිහිටුවීමියි කියනසේක.


මක්නිසාද කාවා ඔවුන් වස්ත්‍රයක් මෙන් කාදමන්නේය, පණුවාද ඔවුන් ලෝම මෙන් කන්නේය. නුමුත් මාගේ ධර්මිෂ්ඨකම සදාකාලයටත් මාගේ ගැළවීම සියලු පරම්පරාවලටත් පවත්නේය.


ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව, දුෂ්ටකමට ද්වේෂකළසේක. එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ඔබගේ පංගුකාරයන්ට වඩා ඔබ සන්තෝෂ නමැති තෛලයෙන් ආලේපකළසේක.


පොළොවේ වසන්නන්ටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනඟටත් ප්‍රකාශකරන පිණිස, සදාකාල ශුභාරංචියක් ඇතුව සිටින තවත් දේවදූතයෙක් අහස මැද පියාසරකරනවා දුටිමි;


එබැවින් සෙනඟගේ පව් උදෙසා ශාන්ති පූජාවක් ඔප්පුකිරීමට දෙවියන්වහන්සේ පිළිබඳ කාරණා ගැන දයාවන්තවූ විශ්වාසවූ උත්තම පූජකයෙක් වෙන පිණිස, සියලු දෙයින්ම තමන්ගේ සහෝදරයන්ට සමානවෙන්ට උන්වහන්සේට යුතුවූයේය.


නුඹ ඒවා ඉෂ්ටකළ පසු, නුඹේ දකුණු අංශයට නැවත හාන්සිවී, යූදා වංශයේ අයුතුකම සතළිස් දවසක් දරාගන හිඳින්න. අවුරුද්දකට දවසක් බැගින් නුඹට නියමකෙළෙමි.


තවද පිලදෙල්පියාවෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: ශුද්ධවූ, සැබෑවූ, දාවිත්ගේ යතුර ඇත්තාවූ, කිසිවෙක් නොපියන ලෙස අරින්නාවූ, කිසිවෙක් නාරින ලෙස පියන්නාවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක.


එසේ ඇතුල්වෙන්ට නම් උන්වහන්සේ ලෝකයේ මැවීමේ පටන් නොයෙක්වර වධවිඳින්ට ඕනෑව තිබුණේය. නුමුත් තමන්ම පූජාකිරීම කරණකොටගෙන පාපය පහකරන පිණිස උන්වහන්සේ කාලයන්ගේ කෙළවරදී එක වරක් ප්‍රකාශවූසේක.


නුමුත් උන්වහන්සේ කරණකොටගෙන නුඹලා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නහුය. ඒ තැනන්වහන්සේ දෙවියන්වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද කරනු ලැබූසේක.


මක්නිසාද දෙවියන්වහන්සේ විසින් එවනලද තැනන්වහන්සේ දෙවියන්වහන්සේගේ වචන කථාකරනසේක. කුමක්හෙයින්ද දෙවියන්වහන්සේ මිම්මක් සහිතව ආත්මයාණන් නොදෙනසේක.


එවිට පූජකයෝ උන් මරා, මුළු ඉශ්‍රායෙල් උදෙසා සමඟිකමක් කරන පිණිස උන්ගේ ලේ පාප පූජාවක් කොට පූජාසනය පිට ඉස්සෝය. මක්නිසාද මුළු ඉශ්‍රායෙල් උදෙසා දවන පූජාවත් පාප පූජාවත් ඔප්පුකළ යුතුයයි රජ නියමකෙළේය.


පව්කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය; මක්නිසාද යක්ෂයා පටන්ගැන්මේ සිට පව්කරන්නේය. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශකරනු ලැබුවේ මේ පිණිසය, එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශකරන පිණිසය.


යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද ප්‍රේරිතයෙක්දවූ, සීමොන් පේතෘස් නම් මා විසින්, අපේ දෙවිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් අප වාගේ එක සමාන අනර්ඝ ඇදහිල්ල ලැබූවන්ට ලියා එවන වග නම්:


මක්නිසාද උන්වහන්සේ පිරිසිදුකරනු ලබන්නන් එක පූජාවකින් සෑම කලටම සම්පූර්ණකළසේක.


එබඳුවූ ශුද්ධවූ, නිවැරදිවූ, නොකිලුටුවූ, පව්කාරයන්ගෙන් වෙන්වූ, ස්වර්ගවලට වඩා උසස්වී සිටින්නාවූ උත්තම පූජකයෙක් අපට යෝග්‍යවූයේය.


අපට විරුද්ධව, අපට එදිරිව තිබුණාවූ නියෝගවල ලියවිල්ල මකාදමා, ඒක කුරුසියෙහි ඇණගසා අහක්කළසේක.


උන්වහන්සේ කරණකොටගෙන සියලු දේ, එනම් පොළොවෙහි තිබෙන දේවල් වුවත් ස්වර්ගවල තිබෙන දේවල් වුවත්, උන්වහන්සේ කරණකොටගෙන තමන්ට සමඟිකරගැනීමටත් පියාණන්වහන්සේ ප්‍රසන්නවූසේක.


මෙසේ නුඹලා ශුද්ධවූ ධර්මිෂ්ඨවූ තැනන්වහන්සේව එපාකොට, මිනීමරුවෙකු නුඹලාට දෙන පිණිස ඉල්ලා,


ඔහු පළමුකොට තමාගේම සහෝදරවූ සීමොන් දැක: අපට මෙසියස්වහන්සේ සම්බවූසේකැයි ඔහුට කීවේය. (මෙසියස් යන්නෙහි අර්ථය ක්‍රිස්තුස්වහන්සේ යනුය.)


දේවදූතයා ඈට උත්තරදෙමින්: ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙනසේක, මහෝත්තමයාණන්ගේ ආනුභාවද නුඹ වසාගන්නේය. ඒ නිසා උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක.


ඔහු මොරගසමින්: නාසරිය යේසුස්වහන්ස, ඔබට අපෙන් කම මොකද? අප විනාශ කරන්ට ආසේක්ද? ඔබවහන්සේ කවුද කියා දනිමි, ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධවූ තැනන්වහන්සේයයි කීය.


මක්නිසාද සියලු අනාගතවක්තෘවරුද ව්‍යවස්ථාවද යොහන් දක්වා අනාගතවාක්‍ය කීවෝය.


ඈ පුත්‍රයෙකු බිහිකරන්නීය; උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න; මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගළවන්නේ උන්වහන්සේයයි කීවේය.


මනුෂ්‍ය පුත්‍රය, තීර්හි රජු ගැන විලාපයක් පවත්වමින්–ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔහුට කියන්න. නුඹ සම්පූර්ණකම මුද්‍රාකරන්නාව ප්‍රඥාවෙන් පිරී, අලංකාරකමෙන් සම්පූර්ණව සිටිනෙහිය.


එම්බා සියොන් දියණිය, නුඹේ අයුතුකමේ දඬුවම ඉෂ්ටවිය; උන්වහන්සේ තවත් නුඹ වාලට ගෙන නොයනසේක. එම්බා ඒදොම් දියණිය, උන්වහන්සේ නුඹේ අයුතුකමට දඬුවම්කරනසේක; නුඹේ පව් එළිදරව්කරනසේක.


ඔහු ඌ මැරීය; මෝසෙස් ලේ රැගෙන පූජාසනයේ අං වටේ තමාගේ ඇඟිල්ලෙන් ගා පූජාසනයේ දෝෂය පහකොට පූජාසනය මුල ලේ වත්කර එය උදෙසා සමගිකමක් කරන පිණිස එය විශුද්ධ කෙළේය.


ව්‍යවස්ථාවෙන් පැමිණෙන මාගේම ධර්මිෂ්ටකම නොව, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, ඇදහිල්ල නිසා දෙවියන්වහන්සේගෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ඇතුව ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින පිණිසත්,


එවිට යක්ෂයා උන්වහන්සේ ශුද්ධ නුවරට පමුණුවා දේවමාළිගාව මුදුනෙහි සිටුවා:


මක්නිසාද ලියනලද සියල්ල සම්පූර්ණවන පිණිස ඒ දවස් පළිගැනීමේ දවස් වන්නේය.


ස්වාමීන්වහන්සේටද උන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේටද විරුද්ධව පොළොවේ රජවරු සැරසී සිටියෝය. ආණ්ඩුකාරයෝ එක්ව රැස්වූවෝයයි කීසේක.


මක්නිසාද මම ඔවුන්ගේ අයුතුකමේ අවුරුදු නුඹට දවස් ගණනක් කොට එනම් තුන්සිය අනූ දවසක් නියමකෙළෙමි. මෙලෙස නුඹ ඉශ්‍රායෙල් වංශයේ අයුතුකම දරන්නෙහිය.


මොව්හු මුළු පොළොවේ ස්වාමීන්වහන්සේ වෙත සිටින ආලේපලත් දෙදෙනායයි ඔහු කීය.


පොළොවෙහි විනිශ්චය පිහිටුවන තුරු ඔහු දුර්වල නොවන්නේය, අධෛර්ය නොවන්නේය. ද්වීපයෝ ඔහුගේ ව්‍යවස්ථාව ගැන බලා සිටින්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්