Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 32:1 - Sinhala Revised Old Version

1 මෝසෙස් කන්දෙන් බසින්ට ප්‍රමාදවන බව සෙනඟ දැක ආරොන් ළඟට රැස්ව: නැගිටින්න, අපට පෙරටුව යන පිණිස අපට දෙවිකෙනෙක් සාදන්න; මක්නිසාද මිසර දේශයෙන් අප ගෙනා මනුෂ්‍යයා වූ මේ මෝසෙස්ට කුමක්වීදැයි නොදනිමුයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 මෝසෙස් කන්දෙන් බැස ඒමට ප්‍රමාද වන බව සෙනඟ දුටු විට, ඔව්හු ආරොන් වට කර, රැස් වී ඔහුට කතා කොට, “එන්න, අපට පෙරටුව යන පිණිස දෙවියෙකු සාදා දෙන්න. මිසර දේශයෙන් අප පිටතට ගෙනා මේ මෝසෙස් කියන මිනිසාට කුමක් වූයේ ද කියා අපි නොදනිමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 මෝසෙස් කන්දෙන් බැස ඒමට ප්‍රමාද වන බව සෙනඟ දුටු විට, ඔව්හු ආරොන් වට කර, රැස් වී ඔහුට කතා කොට, “එන්න, අපට පෙරටුව යන පිණිස දෙවියෙකු සාදා දෙන්න. මිසර දේශයෙන් අප පිටතට ගෙනා මේ මෝසෙස් කියන මිනිසාට කුමක් වූයේ ද කියා අපි නොදනිමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 32:1
35 හුවමාරු යොමු  

ආරොන්ට කථාකරමින්: අපට පෙරටුව යන පිණිස දෙවිවරුන් සෑදුව මැනවි. කුමක්හෙයින්ද මිසර දේශයෙන් අප ගෙනාවාවූ ඒ මෝසෙස්ට කුමක් වුණාද කියා නොදනිමුයයි කීවෝය.


එසේ වුණේ ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ කළ ගිවිසුමේ ලෑලි වන ගල්ලෑලි ලබාගන්ට මා කන්දට නැගී, කෑම නොකා වතුර නොබී දවල් සතළිසක් හා රෑ සතළිසක් කන්දේ සිටියාවූද,


පියවරුන් සැතපුණු පසු මැවීමේ පටන්ගැන්මේ සිට සියලු දේ තිබුණාක්මෙන් පවතින බැවින්, උන්වහන්සේගේ ඊමේ පොරොන්දුව කොතැන්හිදැයි සරදම්කරමින් කියන්නාවූ කවටකම්කරන්නෝ පැමිණෙන්නෝයයි පළමුකොට දැනගන්න.


මෝසෙස් වලාකුළ මැදට ඇතුල්වී කන්දට නැගුණේය. මෝසෙස් දවල් සතළිසක්ද රෑ සතළිසක්ද කන්දේ සිටියේය.


නුමුත් ඒ නපුරු දාසයා: මාගේ ස්වාමියා ප්‍රමාදවන්නේයයි තමාගේ සිතින් සිතාගන,


එහෙයින් දෙවියන්වහන්සේගේ දරුවන්වූ අප විසින් දේවත්වය වනාහි මනුෂ්‍ය ශිල්පයෙන් හා සමර්ථකමින් කැපූ රනටවත් රිදීයටවත් ගලටවත් සමානයයි නොසිතිය යුතුය.


මේ පාවුල් වනාහි අත්වලින් කරනලද දෙවිවරු දෙවිවරු නොවෙතියි කියමින් එපීසයෙහි පමණක් නොව මුළු ආසියාවේ සෑම තැනම වාගේ බොහෝ සෙනඟ උගන්වා හරවාගත් බව නුඹලාට දකින්ටද අසන්ටද ලැබී තිබේ.


මම නුඹ මිසර දේශයෙන් ගෙනායෙමි, වහල්කමේ ගෙයින් නුඹ මුදා, නුඹට පෙරටුවෙන් මෝසෙස්ද ආරොන්ද මිරියාම්ද ඇරියෙමි.


ප්‍රොපේතවරයෙකු ලවා ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් මිසරයෙන් ගෙන්වූසේක, ප්‍රොපේතවරයෙකු ලවා ඔව්හු ආරක්ෂාකරනු ලැබුවෝය.


මෝසෙස් තමන් දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කරනුයේ: ස්වාමීන්වහන්ස, ඔබ මහත් බලයෙන් හා බලසම්පන්න හස්තයකින් මිසර දේශයෙන් ගෙනාවාවූ ඔබගේ සෙනඟට විරුද්ධව ඔබගේ උදහස ඇවිළෙන්නේ මන්ද?


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: යන්න, බැස යන්න; මක්නිසාද නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ සෙනඟ තමන්ම දූෂ්‍යකර ගෙන,


ඔව්හු මෝසෙස්ට කථාකොට: කාන්තාරයෙහි මැරෙන්ට නුඹ අප ගෙනාවේ මිසරයෙහි මිනීවළවල් නැති නිසාද? මිසරයෙන් අප ගෙනවුත් අපට මෙලෙස ක්‍රියා කෙළේ මක්නිසාද?


තවද ඔවුන් දවාලෙත් රාත්‍රියෙත් ගමන්කරන පිණිස ස්වාමීන්වහන්සේ ඔවුන්ට මගපෙන්වීමට දාවල් වලා ටැඹකින්ද රාත්‍රියේ ඔවුන්ට එළිය දීමට ගිනි ටැඹකින්ද ඔවුන්ට පෙරටුව ගියසේක.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔවුන්ට කථාකොට: මිසර දේශයෙහිදී මස් භාජන ළඟ හිඳ සෑහෙන පමණ කෑම කෑ විට ස්වාමීන්වහන්සේගේ අතින් අපි නැසුණෙමුනම් යහපත; මක්නිසාද මේ මුළු සමූහයා ක්ෂුධාවෙන් මරවන පිණිස නුඹලා අප මේ වනාන්තරයට ගෙනාවෝයයි කීවෝය.


යෝසෙප්: නුඹලා කළාවූ මේ ක්‍රියාව කිමෙක්ද? මා වැනි මනුෂ්‍යයෙකුට ශාස්ත්‍ර කියන්ට සැබවින්ම පුළුවන් බව නොදනිවුදැයි ඔවුන්ට කීවේය.


නුඹ නැගිට සෙනඟ පවිත්‍රකරන්න, ඔවුන්ට කථාකොට: නුඹලා හෙට දවසට පවිත්‍රවෙන්න. මක්නිසාද ඉශ්‍රායෙල්වරුනි, නුඹලා අතරේ කැපවූ දෙයක් තිබේ, කැපවූ දෙය නුඹලා අතරෙන් පහකරන තුරු නුඹලාගේ සතුරන් ඉදිරියෙහි සිටින්ට නුඹලාට බැරිවේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.


ඒක කිරිද මීපැණිද ගලා යන දේශයක්ය. නුඹ තද කුළල් ඇති සෙනඟක් බැවින් මාර්ගයේදී මා විසින් නුඹලා විනාශනොකරන පිණිස නුඹලා අතරේ නොයන්නෙමියි කීසේක.


ඔවුන් නුවරින් පිටත වැඩිදුර යන්ට ප්‍රථම යෝසෙප් තමන් ගබඩාකාරයාට කථාකොට: නැගිට ඒ මනුෂ්‍යයන් පසුපස්සේ යන්න; නුඹ ඔවුන් කිට්ටුකළාම: නුඹලා යහපතට අයහපත කළේ මක්නිසාද?


එහෙත් ඔහු අකැමතිව තම ස්වාමියාගේ භාර්යාවට කථාකොට: මාගේ ස්වාමියා වනාහි ගෙයි මා ළඟ තිබෙන කිසිවක් ගැන නොදනියි, ඔහු තමා සන්තක සියල්ලම මා අතට භාරදී තිබේ;


ලොත් පිටතට ගොස් තමාගේ දූවරුන් සරණ පාවාගත් බෑනාවරුන්ට කථාකරමින්: නැගිට මේ ස්ථානයෙන් පිටතට යන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මේ නුවර විනාශකරන්ට යනසේකැයි කීවේය. එහෙත් ඔහු සරදම්කරන්නෙකු මෙන් තම බෑනාවරුන්ට පෙනුණේය.


නුමුත් සොරා කොයි යාමයේ එන්නේදැයි ගෙයි ස්වාමියා දැනගන සිටියේ නම්, ඔහු අවදිව සිටිමින් තමාගේ ගෙය උමංකණින්ට නොදෙන බව දැනගන්න.


අබිමෙලෙක්ද: මේ දේ කළේ කවුදැයි මම නොදනිමි. නුඹ මට නොකීයෙහිය, අද වන තුරු ඒ ගැන මා ඇසුවෙත් නැතැයි කීය.


මා ඇර අන් දෙවිවරුන් සාදානොගනිව්; රිදීයෙන් දෙවිවරුන්වත් රනින් දෙවිවරුන්වත් සාදානොගනිව්.


කුමක් හෙයින්ද: අපට පෙරටුව යන පිණිස දෙවිවරුන් සාදන්න. මිසර දේශයෙන් අප ගෙනා මනුෂ්‍යයා වන මේ මෝසෙස්ට කුමක් සිදුවුණේදැයි නොදනිමුයයි ඔව්හු මට කීවෝය.


මාගේ තේජසත් මිසරයෙහිදී හා කාන්තාරයෙහිදී මා විසින් දැක්වූ ලකුණුත් දුටුවාවූ මේ සියලු මනුෂ්‍යයන් මාගේ හඬට කීකරුනොවී දැන් දසවරක් මා පරීක්ෂාකළ බැවින්,


නුමුත් ඔව්හු මට ඇහුම්කන්දෙන්ට කැමැති නොවී, මට විරුද්ධව කැරළිගැසුවෝය; ඔවුන් තම තමුන්ගේ ඇස්වලට ප්‍රියවූ අශික්ෂිතකම් පහකර දැමුවේවත් මිසරයේ දේවරූප අත්හැරියේවත් නැත. එවිට මම මිසර දේශයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවා, මාගේ උදහස ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන්ට සිතුවෙමි.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: මා ළඟට කන්දට නැගී ඇවිත් මෙහි සිටින්න. නුඹ ඔවුන්ට උගන්වන පිණිස මා ලියූ ගල්ලෑලිද ව්‍යවස්ථාවද ආඥාවද නුඹට දෙන්නෙමියි කීසේක.


ආරොන්ද: මාගේ ස්වාමිහුගේ උදහස නොඇවිළේවා. සෙනඟ නපුරට සෑදී සිටින බව ඔබ දන්නෙහිය.


එම්බා, ඉශ්‍රායෙල්, අසන්න. දැන් නුඹ යොර්දානෙන් එතරවී, නුඹට වඩා මහත්වූ බලවත්වූ ජාතීන් පන්නා දමන්ටත්, අහස දක්වා පවුරු ඇති මහත් නුවරවල් අල්ලාගන්ටත්,


ස්වාමීන්වහන්සේම නුඹට පෙරටුව යනසේක; උන්වහන්සේ නුඹ සමඟ වනසේක, උන්වහන්සේ නුඹෙන් අහක්ව යන්නේවත් නුඹ අත්හරින්නේවත් නැත. භයනොවන්න, නොකැලඹෙන්නැයි කීවේය.


ඔව්හු හොරේබ්හිදී වස්සෙකු සාදා; වාත්තු රූපයකට නමස්කාරකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්