අපේ දෙවිවූ ස්වාමිනි; ඔබ ඔවුන්ට උත්තරදුන්සේක. ඔබ ඔවුන්ගේ ක්‍රියාවලට පළිගත් නුමුත්, ඔවුන්ට කමාව දුන් දෙවිකෙනෙක් වූසේක.
නික්මයාම 32:34 - Sinhala Revised Old Version දැන් නුඹ ගොස් මා විසින් නුඹට කී ස්ථානයට සෙනඟ ගෙනයන්න. බලව, මාගේ දූතයා නුඹට පෙරටුව යන්නේය, එහෙත් මා විසින් ප්‍රතිඵල දෙන දවසේදී ඔවුන්ගේ පාපය ගැන ඔවුන්ට දඬුවම් කරන්නෙමියි මෝසෙස්ට කීසේක. Sinhala New Revised Version එබැවින් දැන් යන්න, මා නුඹට කී ස්ථානයට සෙනඟ ගෙන යන්න. බලන්න, මාගේ දූතයා ද නුඹට පෙරටුව යනු ඇත. එහෙත්, මම, දඬුවම් දෙන දවසේ දී, ඔවුන්ගේ පාපයට දඬුවම් දෙමි”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 එබැවින් දැන් යන්න, මා නුඹට කී ස්ථානයට සෙනඟ ගෙන යන්න. බලන්න, මාගේ දූතයා ද නුඹට පෙරටුව යනු ඇත. එහෙත්, මම, දඬුවම් දෙන දවසේ දී, ඔවුන්ගේ පාපයට දඬුවම් දෙමි”යි වදාළ සේක. |
අපේ දෙවිවූ ස්වාමිනි; ඔබ ඔවුන්ට උත්තරදුන්සේක. ඔබ ඔවුන්ගේ ක්‍රියාවලට පළිගත් නුමුත්, ඔවුන්ට කමාව දුන් දෙවිකෙනෙක් වූසේක.
ස්වාමිනි, ඔබ වසන පිණිස සාදනලද ස්ථානයද ස්වාමිනි, ඔබගේ අත්වලින් පිහිටුවන ලද ශුද්ධස්ථානයද වන ඔබගේ උරුමයවූ කන්දට ඔවුන් ගෙන්වා එහි ඔවුන් සිටුවනසේක.
ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,
බලව, මාර්ගයෙහි නුඹ ආරක්ෂාකරන පිණිසද මා විසින් පිළියෙළකළ ස්ථානයට නුඹ පමුණුවන පිණිසද නුඹට පෙරටුව දූතයෙකු යවමි.
මම නුඹලා මිසරයේ පීඩාවෙන් මුදා කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද දේශය වූ කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට පමුණුවන්නෙමියි කීයෙමියි මට කීසේකැයි ඔවුන්ට කියන්න.
මෝසෙස් ස්වාමීන්වහන්සේට කථාකොට: බැලුව මැනව, ඔබවහන්සේ–මේ සෙනඟ ගෙන යන්නැයි මට කී නුමුත් මා සමඟ යවන්නේ කවරෙක්දැයි මට නොදැන්වූසේක. එසේවීනුමුත්: නාමයෙන් නුඹ අඳුනමියි කියාත් මා ඉදිරියෙහි නුඹට කරුණාව ලැබුණේය කියාත් ඔබ මට කීසේක.
මම නුඹට පෙරටුව දූතයෙකු යවා කානානිවරුන්ද අමෝරිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද පන්නාදමන්නෙමි.
ඔවුන්ගේ සියලුම දුක්වලදී උන්වහන්සේ දුක්වූසේක, උන්වහන්සේගේ අභිමුඛය වන දූත තෙමේ ඔවුන් ගැළෙවුවේය. උන්වහන්සේ තමන්ගේ ප්‍රේමයෙනුත් දයාවෙනුත් ඔවුන් මුදා, පුරාණයේ සියලුම දවස්වල ඔවුන් උසුලා ගෙන ගියසේක.
ඔවුන් තමුන්ගේ පාද නවත්වා නොගෙන මුළාවයන්ට මෙපමණ ප්‍රියවූ බැවින් ස්වාමීන්වහන්සේ ඔවුන් කෙරෙහි අප්‍රසන්නවූසේකැයි කියාත් දැන් උන්වහන්සේ ඔවුන්ගේ අපරාධකම සිහි කොට ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනවා ඇත කියාත් ස්වාමීන්වහන්සේ මේ සෙනඟට කියනසේක.
එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මාගේ සෙනඟ පෝෂණයකරන එඬේරුන්ට විරුද්ධව මෙසේ කියනසේක: නුඹලා මාගේ බැටළුවන් බලා නොගෙන, ඔවුන් විසුරුවා පන්නාදැමුවහුය; බලව, නුඹලාගේ ක්‍රියාවල නපුරුකමට නුඹලාට දඬුවම්කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
මේ කාරණා නිසා මම දඬුවම් නොකරන්නෙම්ද? මෙවැනි ජාතියකින් මාගේ ආත්මය පළි නොගන්නේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මේ කාරණා නිසා මම දඬුවම් නොකර සිටින්නෙම්ද? මෙබඳු ජාතියකින් මාගේ ආත්මය පළි නොගන්නේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මට ඔප්පු කරන පූජාවල් ලෙස ඔව්හු මස් පූජාකොට කති; එහෙත් ස්වාමීන්වහන්සේ ඔවුන් පිළි නොගන්නාසේක. උන්වහන්සේ දැන් ඔවුන්ගේ අයුතුකම සිහිකොට, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක; ඔවුන් මිසරයට හැරීයනවා ඇත.
මක්නිසාද මා විසින් ඉශ්‍රායෙල්ගේ වරද නිසා ඔවුන්ට දඬුවම්කරන දවසේදී බෙතෙල්හි පූජාසනවලටත් දඬුවම් කරන්නෙමි, පූජාසනයේ අංද කපාදමනු ලැබ බිමට වැටෙන්නේය.
පොළොවේ සියලු වංශවලින් නුඹලා පමණක් ඇඳිනගත්තෙමි. එබැවින් නුඹලාගේ සියලු අයුතුකම් නිසා නුඹලාට දඬුවම්කරන්නෙමි.
අපි ස්වාමීන්වහන්සේට මොරගැසුවෙමුව, එවිට උන්වහන්සේ අපේ හඬ අසා දූතයෙකු එවා අප මිසරයෙන් පිටතට ගෙනාසේක. ඉතින් අපි නුඹේ සීමාන්තයෙහි නුවරක් වූ කාදෙෂ්හි සිටිමුව.
මෙසේ ධර්මිෂ්ඨවූ ආබෙල්ගේ ලේ පටන් ශුද්ධස්ථානයටත් පූජාසනයටත් අතරේ නුඹලා විසින් මරනලද බරාකියාගේ පුත්‍රවූ සකරියාගේ ලේ දක්වා පොළොවේදී වගුරුවනලද සියලු ධර්මිෂ්ඨයන්ගේ ලේ නුඹලා පිටට පැමිණෙන්නේය.
ඔවුන්ගේ පය ලිස්සන කල්හි, පිළිගැනීමද ප්‍රතිඵල දීමද මට අයිතිය. මක්නිසාද ඔවුන්ගේ විපත්ති දවස ළඟය, ඔවුන්ට සූදානම්කර තිබෙන දේද ඉක්මන් වන්නේය.