නික්මයාම 23:9 - Sinhala Revised Old Version විදේශියෙකුට පීඩානොකරන්න. මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශීව සිටි බැවින් විදේශියාගේ සිත දන්නහුය. Sinhala New Revised Version “විදේශිකයෙකුට පීඩා නොකරන්න. මන්ද, නුඹලා මිසර දේශයෙහි විදේශී ව සිටි හෙයින් විදේශිකයන් විඳින දේ දන්නහු ය.” Sinhala New Revised Version 2018 “විදේශිකයෙකුට පීඩා නොකරන්න. මන්ද, නුඹලා මිසර දේශයෙහි විදේශී ව සිටි හෙයින් විදේශිකයන් විඳින දේ දන්නහු ය.” |
එසේවී නුමුත් ඔහු දවසක් හෝ දෙදවසක් හෝ නොමැරී සිටියොත් ඔහු දඬුවම් නොලබන්නේය. මක්නිසාද ඒ තැනැත්තා ඔහුගේ වස්තුවය.
විදේශියෙකුට අයුත්තක් හෝ පීඩාවක් නොකරන්න. මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය.
දේශයේ සෙනඟ බලාත්කාරකම්කොට කොල්ලකෑවෝය; අසරණයාටද දිළින්දාටද පීඩාකොට, අයුතුලෙස විදේශියාට බලාත්කාර කළෝය.
නුඹ තුළ ඔව්හු පියාත් මවුත් සුළුකළෝය; නුඹ ඇතුළෙහි විදේශියාට බලාත්කාරයෙන් ක්‍රියාකළෝය. නුඹ තුළ පියා නැත්තාට සහ වැන්දඹුවටත් පීඩාකළෝය.
මා විසින් ඔබට කරුණාකළා සේම නුඹ විසිනුත් නුඹේ සහකාර දාසයාට කරුණාකරන්ට යුතුව තිබුණා නොවේදැයි කීවේය.
ඒදොමියයෙකුට ද්වේෂ නොකරන්න; මක්නිසාද ඔහු නුඹේ සහෝදරයාය. මිසරයෙකුට ද්වේෂ නොකරන්න; මක්නිසාද නුඹ ඔහුගේ දේශයෙහි ආගන්තුකයෙක්ව සිටියෙහිය.
විදේශියාගේද පියා නැත්තාගේද වැන්දඹුවගේද විනිශ්චය පෙරළන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.