Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 27:19 - Sinhala Revised Old Version

19 විදේශියාගේද පියා නැත්තාගේද වැන්දඹුවගේද විනිශ්චය පෙරළන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ‘විදේශිකයාගේ ද අනාථයාගේ ද වැන්දඹුවන්ගේ ද අයිතිවාසිකම් හෙළා දමන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ‘විදේශිකයාගේ ද අනාථයාගේ ද වැන්දඹුවන්ගේ ද අයිතිවාසිකම් හෙළා දමන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 27:19
11 හුවමාරු යොමු  

උන්වහන්සේ පියා නැත්තාටද වැන්දඹුවටද යුක්තිය ඉෂ්ටකරදෙන සේක, විදේශියාට කෑම ඇඳීම දෙමින් ඔහුට ප්‍රේමකරනසේක.


විදේශියාගේද පියා නැත්තාගේද විනිශ්චය නොපෙරළන්න; වැන්දඹුවගේ වස්ත්‍රය උකසට නොගන්න.


තවද මම විනිශ්චය පිණිස නුඹලා ළඟට ඇවිත්, මන්ත්‍රකාරයන්ටද කාමමිථ්‍යාචාරිකයන්ටද බොරු දිවුරන්නන්ටද මට භය නොවී කුලී ගැන කුලීකාරයාටත් වැන්දඹුවටත් පියා නැත්තාටත් ප්‍රයෝග කරන්නන්ටද විදේශියාගේ යුක්තිය පෙරළන්නන්ටද විරුද්ධව ශීඝ්‍ර සාක්ෂිකාරයෙක් වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


යුක්තියේ මාවත් පෙරළීමට දුෂ්ටයා ඔඩොක්කුවෙන් තෑග්ගක් පිළිගනියි.


යුක්තියට පිළිකුල්කොට, සියලු යුතුකම් පෙරළා, සියොන් ලේවලින්ද යෙරුසලම අධර්මිෂ්ඨකමෙන්ද ගොඩනගන්නාවූ,


බීවොත් ඔව්හු සමහරවිට නීතිය සිහිනැතිකොට අසරණයන්ගේ නඩුව පෙරළන්නෝය.


නපුරක් කිරීමට සමූහයක් අනුව නොයන්න; විනිශ්චය පෙරළන පිණිස කාරණයකදී සමූහයකට පක්ෂව සාක්ෂි නොදෙන්න.


විදේශියෙක් නුඹලාගේ දේශයෙහි නුඹ ළඟ වසන්නේනම් ඔහුට අයුත්තක් නොකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්