අබ්සලොම්: ඔන්න නුඹේ කාරණා හොඳය, හරිය; නුමුත් නුඹේ කාරණා අසන පිණිස රජු විසින් පත්කරනලද කෙනෙක් නැතැයි ඔහුට කීවේය.
නික්මයාම 18:16 - Sinhala Revised Old Version ඔවුන්ට කාරණයක් ඇති කළ ඔව්හු මා වෙතට එති; මමද මනුෂ්‍යයෙකු සහ ඔහුගේ අසල්වාසියා අතරේ විනිශ්චයකොට දෙවියන්වහන්සේගේ නියෝගයද ව්‍යවස්ථාද ඔවුන්ට දන්වමියි තමාගේ මාමාට කීවේය. Sinhala New Revised Version ඔවුන් අතර ප්‍රශ්නයක් ඇති වූ විට ඔව්හු මා වෙත එති. මම ද ඔවුනොවුන් විනිශ්චය කොට දෙවියන් වහන්සේගේ ආඥා සහ අණපණත් ඔවුන්ට දන්වමි”යි කීවේ ය. Sinhala New Revised Version 2018 ඔවුන් අතර ප්‍රශ්නයක් ඇති වූ විට ඔව්හු මා වෙත එති. මම ද ඔවුනොවුන් විනිශ්චය කොට දෙවියන් වහන්සේගේ ආඥා සහ අණපනත් ඔවුන්ට දන්වමි”යි කීවේ ය. |
අබ්සලොම්: ඔන්න නුඹේ කාරණා හොඳය, හරිය; නුමුත් නුඹේ කාරණා අසන පිණිස රජු විසින් පත්කරනලද කෙනෙක් නැතැයි ඔහුට කීවේය.
තමුන්ගේ නුවරවල වාසය කරන නුඹලාගේ සහෝදරයන්ගේ ලේ වැගිරවීම ගැනවත් ව්‍යවස්ථාව සහ ආඥාව ගැනවත් පනත් හා විනිශ්චයයන් ගැනවත් නුඹලා වෙතට පැමිණෙන සියලු පැමිණිලිවලදී ඔවුන් ස්වාමීන්වහන්සේට විරුද්ධව වරදකාරයන් නොවන පිණිසත්, නුඹලා සහ නුඹලාගේ සහෝදරයන් කෙරෙහි උදහස නොපැමිණෙන පිණිසත්, ඔවුන්ට අවවාදකරන්න. නුඹලා වරදකාරයන් නොවන පිණිස මෙසේ කරන්න.
මාගේ වැඩකාරයාවත් වැඩකාරීවත් මා සමඟ විවාදකරන විට මම ඔවුන්ගේ යුක්තිය නොසලකා ඇරියෙම්නම්,
ඔහු පසුවදා පිටතට ගිය කල, බලව, හෙබ්‍රෙව් මිනිසුන් දෙදෙනෙක් ගහගනිමින් සිටියෝය. නුඹ කුමක් හෙයින් නුඹේ අසල්වාසියාට පහරදෙන්නෙහිදැයි ඔහු වැරැද්ද කළ අයට කීය.
බොරුකාරණයකින් දුරුව සිටින්න; නිදොස්වූ ධර්මිෂ්ඨවූ තැනැත්තා නොමරන්න. මක්නිසාද මම දුෂ්ටයා ධර්මිෂ්ඨ නොකරන්නෙමි.
ඔහු වැඩිමහල්ලන්ට කථාකොට: අප නුඹලා වෙතට නැවත එනතෙක් මෙහි සිටින්න. මෙන්න, ආරොන් සහ හූර් නුඹලා සමඟ සිටිති. යමෙකුට කාරණයක් ඇත්නම් ඔහු ඔවුන් වෙතට පැමිණේවයි කීවේය.
නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: තමාගේ දෙවියන්වහන්සේට දෙස්කියන කවරෙක් නුමුත් තමාගේ පාපය දරන්ට ඕනෑයයි කියන්න.
ස්වාමීන්වහන්සේද: ඒ මනුෂ්‍යයා සැබැවින් මරනු ලැබිය යුතුය. මුළු සභාව කඳවුරෙන් පිටතදී ගල්ගසා ඔහු මරත්වයි මෝසෙස්ට කීසේක.
මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.
නුඹලාගෙන් යමෙකුට තමාගේ අසල්වාසියාට විරුද්ධව කාරණයක් ඇත්නම්, ඔහු ශුද්ධවන්තයන් ඉදිරියෙහි නොව අධර්මිෂ්ඨයන් ඉදිරියෙහි නඩු කියන්ට භය නැද්ද?
බලව, නුඹලා හිමිකරගන්ට ඇතුල්වන දේශයේදී නුඹලා විසින් පවත්වන පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මට අණකළ ලෙසම පනත්ද විනිශ්චයන්ද නුඹලාට ඉගැන්වීමි.
මෝසෙස් සියලු ඉශ්‍රායෙල්වරුන් කැඳවා ඔවුන්ට කථාකොට: එම්බා ඉශ්‍රායෙල්වරුනි, අද නුඹලා අසාගන සිටියදී මා කියන පනත්ද විනිශ්චයවල්ද අසන්න; නුඹලා ඒවා ඉගෙනගෙන ඒවා කරන්ට බලාගන්න.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයව නුඹේ ජීවිතයේ සියලු දවස්වල නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාද මා විසින් නුඹට අණකරන උන්වහන්සේගේ සියලු පනත් සහ ආඥා පවත්වන පිණිසත් නුඹේ දවස් වැඩිවෙන පිණිසත්,
ඇරත් මා විසින් නුඹලා උදෙසා යාච්ඤා නොකර සිටීමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කිරීම මාගෙන් දුරුවේවා. මම යහපත්වූ හරිවූ මාර්ගය නුඹලාට උගන්වන්නෙමි.