Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 24:14 - Sinhala Revised Old Version

14 ඔහු වැඩිමහල්ලන්ට කථාකොට: අප නුඹලා වෙතට නැවත එනතෙක් මෙහි සිටින්න. මෙන්න, ආරොන් සහ හූර් නුඹලා සමඟ සිටිති. යමෙකුට කාරණයක් ඇත්නම් ඔහු ඔවුන් වෙතට පැමිණේවයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 තවද, ඔහු ප්‍රජා මූලිකයන් අමතමින්, “අප යළි ඔබ වෙත පැමිණෙන තෙක් මෙහි බලා සිටින්න. මෙන්න, ආරොන් ද හූර් ද ඔබ සමඟ සිටිති. විසඳීමට ප්‍රශ්නයක් යමෙකුට ඇත්නම් ඔහු ඔවුන් වෙත යා යුතු ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 තවද, ඔහු ප්‍රජා මූලිකයන් අමතමින්, “අප යළි ඔබ වෙත පැමිණෙන තෙක් මෙහි බලා සිටින්න. මෙන්න, ආරොන් ද හූර් ද ඔබ සමඟ සිටිති. විසඳීමට ප්‍රශ්නයක් යමෙකුට ඇත්නම් ඔහු ඔවුන් වෙත යා යුතු ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 24:14
8 හුවමාරු යොමු  

එහෙත් මෝසෙස්ගේ අත් බරවුණේය; එවිට ඔව්හු ගලක් රැගෙන ඔහුට යටින් තැබුවෝය, ඔහු ඒ පිට හිඳගත්තේය; ආරොන් සහ හූර් දෙපැත්තෙන් සිට ඔහුගේ අත් උසුලා සිටියෝය; එවිට ඔහුගේ අත් ඉර බස්නාතෙක් ස්ථිරව තිබුණේය.


යෝෂුවා මෝසෙස් තමාට කී ලෙස කොට, අමලෙක්වරුන් සමඟ සටන් කෙළේය. මෝසෙස්ද ආරොන්ද හූර්ද හෙළ මුදුනට ගියෝය.


ආබ්‍රහම් තමාගේ තරුණයන්ට කථාකොට: කොටළුවා සමඟ නුඹලා මෙහි සිටින්න, ළමයාත් මමත් අතනට ගොස් නමස්කාරකොට නුඹලා වෙතට නැවත එන්නෙමුයයි කීය.


නුඹ මට පෙරටුව ගිල්ගාල්ට යන්න; මම වනාහි දවන පූජා ඔප්පුකරන පිණිසත් ශාන්ති පූජාවල යාගයන් පූජාකරන පිණිසත් නුඹ ළඟට එන්නෙමි. මා නුඹ ළඟට ඇවිත් නුඹ කළයුතු දේ නුඹට දන්වන තුරු සත් දවසක් බලාසිටින්නැයි කීවේය.


මෝසෙස් කන්දෙන් බසින්ට ප්‍රමාදවන බව සෙනඟ දැක ආරොන් ළඟට රැස්ව: නැගිටින්න, අපට පෙරටුව යන පිණිස අපට දෙවිකෙනෙක් සාදන්න; මක්නිසාද මිසර දේශයෙන් අප ගෙනා මනුෂ්‍යයා වූ මේ මෝසෙස්ට කුමක්වීදැයි නොදනිමුයයි කීවෝය.


ඔවුන්ට කාරණයක් ඇති කළ ඔව්හු මා වෙතට එති; මමද මනුෂ්‍යයෙකු සහ ඔහුගේ අසල්වාසියා අතරේ විනිශ්චයකොට දෙවියන්වහන්සේගේ නියෝගයද ව්‍යවස්ථාද ඔවුන්ට දන්වමියි තමාගේ මාමාට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්