ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 17:1 - Sinhala Revised Old Version

ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස සීන් වනාන්තරයේ සිට ක්‍රමයෙන් ගමන්කොට රෙඵිඩිම්හි කඳවුරු බැඳගත්තාය. එහි සෙනඟට බොන්ට වතුර නොතිබුණේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද, මුළු ඉශ්රායෙල් ජනතාව සීන් නමැති පාළුකරයෙන් නික්ම සමිඳාණන් වහන්සේගේ අණ පරිදි කඳවුරින් කඳවුරට ගොස් රෙපිඩීම් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ. එහෙත්, එහි සෙනඟට බීමට වතුර නො වී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද, මුළු ඉශ්රායෙල් ජනතාව සීන් නමැති පාළුකරයෙන් නික්ම සමිඳාණන් වහන්සේගේ අණ පරිදි කඳවුරින් කඳවුරට ගොස් රෙපිඩීම් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ. එහෙත්, එහි සෙනඟට බීමට වතුර නො වී ය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 17:1
8 හුවමාරු යොමු  

තවද මෝසෙස් ඉශ්‍රායෙල් මිනිසුන් රතු මුහුදේ සිට ගෙනගියේය, ඔව්හු ෂූර් නම් වනාන්තරයට පිටත්ව ගියෝය; ඔව්හු තුන් දවසක් වනාන්තරයෙහි ගොස් වතුර නොලැබුවෝය.


පසුව ඔව්හු ඒලිම්හි සිට ගමන් ගත්තෝය, තවද ඔවුන් මිසර දේශයෙන් නික්ම ගියායින් පසු දෙවෙනි මාසයේ පසළොස්වෙනි දිනදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ඒලිම් සහ සීනයි අතරෙහිවූ සීන් නම් වනාන්තරයට පැමුණුණහ.


එකල අමලෙක්වරු අවුත් රෙඵිඩිම්හිදී ඉශ්‍රායෙල් සමඟ සටන්කළෝය.


ඔව්හු රෙඵිඩිම්හි සිට පිටත්ව සීනයි වනාන්තරයට ඇවිත් වනාන්තරයෙහි කූඩාරම් ගසාගත්තෝය; එහි කන්ද ඉදිරිපිට ඉශ්‍රායෙල්වරු කූඩාරම් ගසාගත්තෝය.


සභාවට වතුර නොතිබුණු බැවින් ඔව්හු මෝසෙස්ටද ආරොන්ටද විරුද්ධව රැස්වුණෝය.


වලාකුළ යම් විටක කූඩාරම මත්තෙන් ඔසවනලද්දේද ඉන්පසු ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන්කළෝය. වලාකුළ යම් තැනක නැවතුණේද එතැන්හි ඉශ්‍රායෙල් පුත්‍රයෝ කූඩාරම් ගසාගත්තෝය.


ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ඔව්හු කූඩාරම් ගසාගත්තෝය, ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ඔව්හු ගමන්කළෝය. ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු හැටියට ඔව්හු ස්වාමීන්වහන්සේගේ සේවය බලාගත්තෝය.