Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 17:1 - Sinhala New Revised Version

1 තවද, මුළු ඉශ්රායෙල් ජනතාව සීන් නමැති පාළුකරයෙන් නික්ම සමිඳාණන් වහන්සේගේ අණ පරිදි කඳවුරින් කඳවුරට ගොස් රෙපිඩීම් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ. එහෙත්, එහි සෙනඟට බීමට වතුර නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 තවද, මුළු ඉශ්රායෙල් ජනතාව සීන් නමැති පාළුකරයෙන් නික්ම සමිඳාණන් වහන්සේගේ අණ පරිදි කඳවුරින් කඳවුරට ගොස් රෙපිඩීම් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ. එහෙත්, එහි සෙනඟට බීමට වතුර නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස සීන් වනාන්තරයේ සිට ක්‍රමයෙන් ගමන්කොට රෙඵිඩිම්හි කඳවුරු බැඳගත්තාය. එහි සෙනඟට බොන්ට වතුර නොතිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 17:1
8 හුවමාරු යොමු  

මෙසේ මෝසෙස් රතු මුහුදින් ඉශ්රායෙල් ජනයා ගෙන ගිය පසු ඔව්හු ෂූර් නම් පාළුකරයට ඇතුළු වූ හ. තෙදිනක් පාළුකරයේ ගමන් කළ නමුත් ඔවුන්ට ජලය නොලැබිණි.


මුළු ඉශ්රායෙල් ජනතාව ඒලීම් නම් ස්ථානයෙන් ගමන් ඇරඹුවහු ය. ඔව්හු මිසර දේශයෙන් පිටත් වූ පසු දෙ වන මාසයේ පසළොස් වන දින ඒලීම් සහ සීනයි අතරෙහි වූ සීන් නම් පාළුකරයට පැමිණියෝ ය.


එවිට අමලෙක්වරු පැමිණ රෙපිඩීම් නම් ස්ථානයේ දී ඉශ්රායෙල් ජනයා සමඟ සටන් කළහ.


ඔව්හු රෙපිඩීම් නම් ස්ථානයෙන් පිටත් ව සීනයි පාළුකරයට පැමිණ එහි කඳවුරු බැඳගත්හ. එහි ඔවුන්ගේ කඳවුර පිහිටියේ කන්ද ඉදිරිපිට ය.


ජනතාවට එහි ජලය නොතිබුණු බැවින් ඔව්හු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වී


මණ්ඩපයෙන් වලාකුළ ඉවත් කරනු ලැබූ සැම විට ම ඉශ්රායෙල් ජනයා ද යන්නට පිටත් වූ හ. වලාකුළ යළි පහළ වූයේ යම් තැනක ද එතැන ඉශ්රායෙල් ජනයා තම තමන්ගේ කූඩාරම් ගැසූ හ.


සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු කූඩාරම්වල පදිංචි වූ හ. එලෙස ම ඔව්හු යන්නට ද පිටත් වූ හ. උන් වහන්සේ මෝසෙස් මඟින් අණ කළ පරිදි ඔව්හු උන් වහන්සේගේ නියමයන් ඉටු කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්