Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 9:23 - Sinhala Revised Old Version

23 ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ඔව්හු කූඩාරම් ගසාගත්තෝය, ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ඔව්හු ගමන්කළෝය. ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු හැටියට ඔව්හු ස්වාමීන්වහන්සේගේ සේවය බලාගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු කූඩාරම්වල පදිංචි වූ හ. එලෙස ම ඔව්හු යන්නට ද පිටත් වූ හ. උන් වහන්සේ මෝසෙස් මඟින් අණ කළ පරිදි ඔව්හු උන් වහන්සේගේ නියමයන් ඉටු කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 සමිඳාණන් වහන්සේගේ අණ පරිදි ඔව්හු කූඩාරම්වල පදිංචි වූ හ. එලෙස ම ඔව්හු යන්නට ද පිටත් වූ හ. උන් වහන්සේ මෝසෙස් මඟින් අණ කළ පරිදි ඔව්හු උන් වහන්සේගේ නියමයන් ඉටු කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 9:23
11 හුවමාරු යොමු  

නුඹලා අද දවස දක්වා මෙපමණ දීර්ඝ කාලයක් නුඹලාගේ සහෝදරයන් අත්නෑර සිට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවේ භාරය රක්ෂාකළහුය.


වලාකුළ මණ්ඩපය පිට බොහෝ දවස් නැවතුණු කල ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගමන් නොකොට ස්වාමීන්වහන්සේගේ සේවය බලාගත්තෝය.


සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹ මාගේ මාර්ගවල හැසිර, මාගේ භාරය රක්ෂාකරන්නෙහි නම්, නුඹට මාගේ ගෘහය විනිශ්චය කරන්ටත් මාගේ මණ්ඩප බලාගන්ටත් ලැබෙයි, මෙහි සිටින මොවුන් අතරේ ළඟාවිය හැකි ස්ථානයක් නුඹට දෙන්නෙමි.


නුඹලා මාගේ ශුද්ධවූ සේවය නොපවත්වා, නුඹලා වෙනුවට මාගේ ශුද්ධස්ථානයෙහි මාගේ සේවය පවත්වන්නන් පත්කළහුය.


නුඹේ වංශය අහසේ තරු මෙන් වැඩිකර නුඹේ වංශයට මේ සියලු දේශයන් දෙන්නෙමි. නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝයයි කීසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


ඔබගේ මන්ත්‍රණයෙන් මට මග පෙන්වනසේක, පසුව තේජසට මා පිළිගන්නාසේක.


වාසයකිරීමට යෝග්‍යවූ නුවරකට පැමිණෙන පිණිස උන්වහන්සේ හරි මගකින් ඔවුන් ගෙනගියසේක.


ගවරැළ මිටියාවතට බසින්නාක්මෙන් ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔවුන් නිශ්චල භාවයට පැමිණෙවුසේක. තේජවත් නාමයක් ලබාගැනීමට ඔබ එසේ ඔබගේ සෙනඟ ගෙනගියසේක.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස සීන් වනාන්තරයේ සිට ක්‍රමයෙන් ගමන්කොට රෙඵිඩිම්හි කඳවුරු බැඳගත්තාය. එහි සෙනඟට බොන්ට වතුර නොතිබුණේය.


එවිට ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණ කෙරෙවු ලෙස පළමු වරට ගමන්කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්