එවිට ඔහු කථාකොට: සියලු ඉශ්‍රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසර ඉන්නවා දුටුමි. තවද ස්වාමීන්වහන්සේ–මොවුන්ට ස්වාමියෙක් නැත, එක එකා තම තමාගේ ගෙදරට සමාදානයෙන් හැරී යේවයි කියා කීසේකැයි කීවේය.
නාහුම් 3:18 - Sinhala Revised Old Version අෂූර් රජ්ජුරුවෙනි, නුඹේ එඬේරු නිදාහිඳිති. නුඹේ උත්තමයෝ සැතපෙති. නුඹේ සෙනඟ කඳුවල විසිරීගියෝය, ඔවුන් එකතුකරන්ට කිසිවෙක්ද නැත. Sinhala New Revised Version “අසිරියාවේ රජ්ජුරුවෙනි, නුඹේ පාලකයෝ නිදාගනිති; නුඹේ අධිපතීහු සැතපෙති; නුඹේ සෙනඟ කඳුවලට විසිරී ගොස් ඇත. ඔවුන් නැවත එක්රැස් කරන්න කිසිවෙක් නැත. Sinhala New Revised Version 2018 “අසිරියාවේ රජ්ජුරුවෙනි, නුඹේ පාලකයෝ නිදාගනිති; නුඹේ අධිපතීහු සැතපෙති; නුඹේ සෙනඟ කඳුවලට විසිරී ගොස් ඇත. ඔවුන් නැවත එක්රැස් කරන්න කිසිවෙක් නැත. |
එවිට ඔහු කථාකොට: සියලු ඉශ්‍රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසර ඉන්නවා දුටුමි. තවද ස්වාමීන්වහන්සේ–මොවුන්ට ස්වාමියෙක් නැත, එක එකා තම තමාගේ ගෙදරට සමාදානයෙන් හැරී යේවයි කියා කීසේකැයි කීවේය.
භීතිය හා භයංකරය ඔවුන් පිට වැටෙයි; ස්වාමිනි, ඔබගේ සෙනඟ එතරව යන තෙක්ද ඔබ මිලේට ගත් සෙනඟ එතරව යන තෙක්ද ඔබගේ බාහු බලය නිසා ඔව්හු ගලක් මෙන් නිශ්චලව සිටිති.
එවිට එළවනලද තිත් මුවෙකු මෙන්ද කවුරුවත් එක්කර නොගන්නාවූ බැටළුවන් මෙන්ද ඔවුන් එකිනෙකා තම තමාගේ සෙනඟ වෙතට හැරී, තම තමාගේ දේශයට පලායනවා ඇත.
කන්‍යාවවූ බබිලොන් දියණිය, බැස ධූලියෙහි හිඳගන්න; කල්දිවරුන්ගේ දියණිය, සිංහාසනයක් නැතුව බිම හිඳගන්න. මක්නිසාද: මෘදුවූ සිව්මැළිවූ තැනැත්තීයයි තවත් නුඹට කියනු නොලැබේ.
එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මා විසින් අෂූර්හි රජුට දඬුවම්කළාක්මෙන් බබිලෝනියේ රජුටත් ඔහුගේ දේශයටත් දඬුවම්කරන්නෙමි.
ඔවුන් රත්ව සිටින කල මම ඔවුන්ට මංගල්‍යය පිළියෙළකරදී, ඔවුන් ප්‍රීතිමත්ව, නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන පිණිස, ඔවුන් මත්කරවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
මම ඇගේ අධිපතීන්ද ඇගේ ප්‍රඥාවන්තයන්ද ඇගේ ආණ්ඩුකාරයන්ද ඇගේ මුලාදෑනීන්ද ඇගේ බලවතුන්ද මත්කරවන්නෙමි; ඔව්හුද නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ නම් වූ රජ්ජුරුවන්වහන්සේ කියනසේක.
පොළොවේ රජවරුද උත්තමයෝද සේනාපතියෝද ධනවන්තයෝද බලවන්තයෝද සියලු දාසයෝද නිර්දාසයෝද කඳුවල ගුහාවලත් පර්වතවලත් සැඟවුණෝය;