Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 51:39 - Sinhala Revised Old Version

39 ඔවුන් රත්ව සිටින කල මම ඔවුන්ට මංගල්‍යය පිළියෙළකරදී, ඔවුන් ප්‍රීතිමත්ව, නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන පිණිස, ඔවුන් මත්කරවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 ඔවුන් කෑදර වූ විට මම ඔවුන්ට මංගල භෝජනයක් පිළියෙළ කර දී, වෙරි මත් වන තෙක් බොන්නට දී ඔවුන් ක්ලාන්ත වූ විට, නොපිබිදෙන හැටියට ඔවුන් සදා නින්දට පත් කරවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 ඔවුන් කෑදර වූ විට මම ඔවුන්ට මංගල භෝජනයක් පිළියෙළ කර දී, වෙරි මත් වන තෙක් බොන්නට දී ඔවුන් ක්ලාන්ත වූ විට, නොපිබිදෙන හැටියට ඔවුන් සදා නින්දට පත් කරවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 51:39
12 හුවමාරු යොමු  

මම ඇගේ අධිපතීන්ද ඇගේ ප්‍රඥාවන්තයන්ද ඇගේ ආණ්ඩුකාරයන්ද ඇගේ මුලාදෑනීන්ද ඇගේ බලවතුන්ද මත්කරවන්නෙමි; ඔව්හුද නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ නම් වූ රජ්ජුරුවන්වහන්සේ කියනසේක.


නුඹ ඔවුන්ට කථාකොට: නුඹලා බී මත්වී වමනයකොට, මා විසින් නුඹලා අතරට එවන කඩුව නිසා වැටී නොනැගිට සිටින්නය කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.


නුඹත් මත්වී සැඟවෙන්නෙහිය; නුඹත් සතුරාගෙන් ගැළවෙන්ට රක්ෂස්ථානයක් සොයන්නෙහිය.


මක්නිසාද ඔව්හු කටු ගස් වාගේ පටලැවී, තමුන්ගේ සුරාපානයෙන් පෙඟී සිටියත්, හොඳට වේළී තිබෙන ඉපනැලි මෙන් දාලායන්නෝය.


එම රාත්‍රියේ කල්දිවරුන්ගේ රජවූ බේල්ෂශර් මරනලද්දේය.


ඔහු ස්වාමීන්වහන්සේට විරුද්ධව අහංකාරවූ නිසා ඔහු මත්කරන්න. මෝවබ්ද තමාගේ වමනයේ පෙරළී ඉඳ, කවටකමක් වන්නේය.


මාගේ දෙවිවූ ස්වාමිනි, මා සලකා මට උත්තරදුන මැනව. මරණ නින්දට මා නොපැමිණෙන පිණිස මාගේ ඇස් එළියකළ මැනව.


අෂූර් රජ්ජුරුවෙනි, නුඹේ එඬේරු නිදාහිඳිති. නුඹේ උත්තමයෝ සැතපෙති. නුඹේ සෙනඟ කඳුවල විසිරීගියෝය, ඔවුන් එකතුකරන්ට කිසිවෙක්ද නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්