Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නාහුම් 3:17 - Sinhala Revised Old Version

17 නුඹේ උත්තමයෝ පළඟැටියන් මෙන්ය, නුඹේ සේනාපතියෝ පළඟැටි රාශියක් මෙන්ය, උන් ශීතල දවසේදී තාප්පවල රැස්වී ඉඳ, ඉර පායන කල පලායති, උන් ඉන්න ඉඩමද කිසිවෙක් දන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 අධිපතීහු පළඟැටියන් වැනි ය. සෙන්පතීහු පනින පළඟැටියන් වැනි ය. එහෙත් ශීත දවසක බිත්තිවල සිටින උන් ඉර උදා වූ විට ඉගිළී යති; ඔවුන් ආගිය අතක් කිසිවෙක් නොදනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 අධිපතීහු පළඟැටියන් වැනි ය. සෙන්පතීහු පනින පළඟැටියන් වැනි ය. එහෙත් ශීත දවසක බිත්තිවල සිටින උන් ඉර උදා වූ විට ඉගිළී යති; ඔවුන් ආගිය අතක් කිසිවෙක් නොදනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නාහුම් 3:17
4 හුවමාරු යොමු  

පළඟැටියන්ගේ ආකාරය යුද්ධයට සැරසී සිටින අශ්වයන්ට සමානය; උන්ගේ හිස් පිට රන් වැනිවූ ඔටුනු තිබුණාක්මෙන් විය, උන්ගේ මුහුණු මනුෂ්‍යයන්ගේ මුහුණ වාගේය.


දේශයෙහි කොඩියක් ඔසවා, ජාතීන් අතරෙහි හොරණෑවක් පිඹ, ඈට විරුද්ධව ජාතීන් සූදානම්කරන්න, අරාරාත්ද මින්නීද අෂ්කෙනස්ද යන රාජ්‍යයන් ඈට විරුද්ධව අඬගසාගෙන, ඈට විරුද්ධව සේනාධිපතියෙකු පත්කොට, කෙඳි-පළඟැටියන් මෙන් අශ්වයන් නැගී එන්ට සලස්වන්න.


ජාතීන්ගෙන් ඉතා භයානක විදේශියෝ ඔහු කපාදමා හැරගියෝය. ඔහුගේ අතු කඳු පිටත් සියලු මිටියාවත්වලත් වැටුණේය, ඔහුගේ රිකිලි දේශයේ සියලු දෙණිවල කඩණු ලැබුවේය; පොළොවේ සියලු ජනයෝද ඔහුගේ සෙවණෙන් අහක්වී, ඔහු අත්හැර ගියෝය.


රිදී කොල්ලකාගන්න, රන් කොල්ලකාගන්න. වස්තුද නිමක් නැත, අනර්ඝවූ සියලු ආකාර බඩු රාශියක් ඇත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්