Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 50:18 - Sinhala Revised Old Version

18 එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මා විසින් අෂූර්හි රජුට දඬුවම්කළාක්මෙන් බබිලෝනියේ රජුටත් ඔහුගේ දේශයටත් දඬුවම්කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වන මම අසිරියාවේ රජුට දඬුවම් කළාක් මෙන් බබිලෝනියේ රජුටත්, ඔහුගේ දේශයටත් දඬුවම් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වන මම අසිරියාවේ රජුට දඬුවම් කළාක් මෙන් බබිලෝනියේ රජුටත්, ඔහුගේ දේශයටත් දඬුවම් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 50:18
11 හුවමාරු යොමු  

මෙසේ ස්වාමීන්වහන්සේ සියොන් කන්දෙහිත් යෙරුසලමෙහිත් තමන්ගේ මුළු වැඩය තීන්දුකළ පසු, මම අෂූර්හි රජුගේ සිතේ අහංකාරකමේ ඵලය ගැනත් ඔහුගේ උඩඟු ඇස්වල එඩිතරකම ගැනත් දඬුවම්කරන්නෙමි.


නුමුත් ඒ දවස ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේගේ දවසක්ය, උන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන්ගෙන් පළිගන්න පළිගැනීමේ දවසක්ය. කඩුව වනාහි නාස්තිකර තෘප්තියට පැමිණෙන්නේය, ඔවුන්ගේ ලේවලින් මත්වන්නේය. මක්නිසාද උතුරු දේශයේ ප්‍රාත් ගංගාව ළඟ ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේ විසින් කරන්ට යාගයක් ඇත්තේය.


නුඹව දකින සියල්ලෝද නුඹ වෙතින් පලාගොස් කථාකොට: නිනිවය නාස්තිවිය, ඈට අනුකම්පාව පෙන්වන්නේ කවුද? සනසන්නන් මම කොතනින් නුඹට සොයාදෙන්නෙම්දැයි කියන්නෝය.


අෂූර් රජ්ජුරුවෙනි, නුඹේ එඬේරු නිදාහිඳිති. නුඹේ උත්තමයෝ සැතපෙති. නුඹේ සෙනඟ කඳුවල විසිරීගියෝය, ඔවුන් එකතුකරන්ට කිසිවෙක්ද නැත.


යුක්තිය අතට ගනිම් නම්, මාගේ එදිරිකාරයන්ගෙන් පළිගන්නෙමි, මට වෛරවෙන්නන්ටද ප්‍රතිඵල දෙන්නෙමි,


ඔහුගේ දේශයේ කාලය පැමිණ, බොහෝ ජාතීන්ද මහත් රජවරුන්ද විසින් ඔහු දාසකමට ගන්න තුරු, සියලු ජාතීහු ඔහුටත් ඔහුගේ පුත්‍රයාටත් ඔහුගේ පුත්‍රයාගේ පුත්‍රයාටත් සේවයකරන්නෝය.


නුඹ බොහෝ ජාතීන්ගෙන් කොල්ලකෑ බැවින්, මනුෂ්‍යයන්ගේ ලේ නිසාද දේශයටත් නගරයටත් එහි සියලු වැසියන්ටත් කළ බලාත්කාරය නිසාද ඉතිරිවූ සියලුම ජනයන් නුඹෙන් කොල්ලකනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්