Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 22:17 - Sinhala Revised Old Version

17 එවිට ඔහු කථාකොට: සියලු ඉශ්‍රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසර ඉන්නවා දුටුමි. තවද ස්වාමීන්වහන්සේ–මොවුන්ට ස්වාමියෙක් නැත, එක එකා තම තමාගේ ගෙදරට සමාදානයෙන් හැරී යේවයි කියා කීසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එවිට ඔහු කතා කොට, “සියලු ඉශ්රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසිර සිටිනු මම දිටිමි. තවද, සමිඳාණෝ මෙසේ වදාරන සේක; ‘මොවුන්ට ස්වාමියෙක් නැත, එක එකා තම තමාගේ ගෙදරට සාමදානයෙන් හැරී යත් වා!’ “යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එවිට ඔහු කතා කොට, “සියලු ඉශ්රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසිර සිටිනු මම දිටිමි. තවද, සමිඳාණෝ මෙසේ වදාරන සේක; ‘මොවුන්ට ස්වාමියෙක් නැත, එක එකා තම තමාගේ ගෙදරට සාමදානයෙන් හැරී යත් වා!’ ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 22:17
21 හුවමාරු යොමු  

උන්වහන්සේ සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක.


ඔවුන්ට පෙරටුව පිටතට යන්ටත් ඔවුන්ට පෙරටුව ඇතුළට එන්ටත් ඔවුන් පිටතට ගෙනයන්ටත් ඇතුළට ගෙන එන්ටත් සභාව කෙරෙහි මනුෂ්‍යයෙකු පත්කරනසේක්වයි කීවේය.


එම්බා කඩුව, මාගේ එඬේරාටත් මාගේ සහායකාරවූ මනුෂ්‍යයාටත් විරුද්ධව පිබිදෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එඬේරාට පහරදෙන්න, එවිට බැටළුවන් විසිරී යනවා ඇත; නුමුත් කුඩා තැනැත්තන් පිටට මාගේ අත හරවන්නෙමි.


ඉශ්‍රායෙල් විසිරගිය බැටළුවෙක්ය; සිංහයෝ ඔහු පන්නාදැමුවෝය. පළමුකොට අෂූර්හි රජ ඔහු ගොදුරට ගත්තේය; අන්තිමට බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් ඔහුගේ ඇට බින්දේය.


මාගේ සෙනඟ වනාහි නැතිවූ බැටළුවෝ සිටියෝය. ඔවුන්ගේ එඬේරු ඔවුන් මුළාකරවා, කඳුවල ඉවත යන්ට සැලැස්සුවෝය. ඔව්හු කන්දෙන් හෙලට ගොස්, තමුන්ගේ ලැගුම්පල මතක නැතිකළෝය.


තෙරඵීම් රූප නිෂ්ඵල දේ කථාකළෝය, පේනකියන්නෝ බොරු දේ දුටුවෝය; නිරර්ථක ස්වප්න කියාදුන්නෝය, ඔව්හු නිෂ්ඵලයේ සනසති. එබැවින් ඔව්හු බැටළුවන් මෙන් ගමන්කරමින් එඬේරෙක් නැති නිසා දුකට පැමිණෙති.


(පෙර කාලයේදී ඉශ්‍රායෙල්හි මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගෙන් විචාරන්ට යන විට: දිවස් ඇත්තා ළඟට යමුයයි කියන්නේය. මක්නිසාද දැන් අනාගතවක්තෘය කියන තැනැත්තාට පෙර කාලයේදී දිවස් ඇත්තායයි කීවෝය.)


මා බැලූ විට හුළං කුණාටුවක් උතුරෙන් එනවා දුටිමි, මහත් වලා පටලයක්ද ඇවිළීයන ගින්නක්ද ඒ වටකර දීප්තිමත්කමක්ද දිලිහෙන පිත්තල මෙන් ගින්න මැද සිට බැබළීමක්ද වූයේය.


උන්වහන්සේ ගොඩබැස්ස කල මහත් සමූහයක් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකොට, ඔවුන්ට බොහෝ කාරණා උගන්වන්ට පටන්ගත්සේක.


රජ: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සැබෑව මිස වෙන කිසිවක් මට නොකියන හැටියට මම කීවරක් නුඹ දිවුරවම්දැයි ඔහුට කීවේය.


එවිට එළවනලද තිත් මුවෙකු මෙන්ද කවුරුවත් එක්කර නොගන්නාවූ බැටළුවන් මෙන්ද ඔවුන් එකිනෙකා තම තමාගේ සෙනඟ වෙතට හැරී, තම තමාගේ දේශයට පලායනවා ඇත.


මටත් නුඹටත් පළමුවෙන් පුරාණයේ පටන් සිටි අනාගතවක්තෘවරුත් බොහෝ රටවලට සහ මහත් රාජ්‍යවලට විරුද්ධව යුද්ධයද විපත්තියද වසංගතයද ගැන අනාගතවාක්‍ය කීවෝය


අෂූර් රජ්ජුරුවෙනි, නුඹේ එඬේරු නිදාහිඳිති. නුඹේ උත්තමයෝ සැතපෙති. නුඹේ සෙනඟ කඳුවල විසිරීගියෝය, ඔවුන් එකතුකරන්ට කිසිවෙක්ද නැත.


ඔහු උපමා කථා පවසමින් කියනුයේ: බෙයොර්ගේ පුත් බාලාම්ගේ කීම, ඇස් පියවුණු මනුෂ්‍යයාගේ කීම,


දෙවියන්වහන්සේගේ වචන අසන්නාවූ, වැටී ඉඳ පැහැදුණු ඇස් ඇතුව සර්වපරාක්‍රමයාණන්ගේ දර්ශනය දකින්නාවූ තැනැත්තාගේ කීම මෙසේය:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්