ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දේශනාකාරයා 6:2 - Sinhala Revised Old Version

මනුෂ්‍යයෙක් ආශාවෙන කොයි දෙයක්වත් ඔහුට නොලැබී නොයන හැටියට දෙවියන්වහන්සේ ඔහුට වස්තුද සම්පත්ද ගෞරවයද දෙන නුමුත්, ඒවා භුක්තිවිඳින්ට ඔහුට බලය නොදෙන බැවින්, අන්‍ය කෙනෙක් ඒවා භුක්තිවිඳින්නේය. මේක නිෂ්ඵලකමක්ය, බලවත් ආබාධයක්ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මිනිසෙකු ආසා වන හැම දෙයක් ම, වස්තුව, ධනසම්පත, ගෞරවය යන සියල්ල ම දෙවියන් වහන්සේ ඔහුට දුන්නත්, ඒවා භුක්ති විඳීමට ඔහුට ඉඩ නොදෙන බැවින් ඒවා අන්‍යයෙකු සතු වෙයි. මෙය නිසරු දෙයකි; තදබල වරදකි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මිනිසෙකු ආසා වන හැම දෙයක් ම, වස්තුව, ධනසම්පත, ගෞරවය යන සියල්ල ම දෙවියන් වහන්සේ ඔහුට දුන්නත්, ඒවා භුක්ති විඳීමට ඔහුට ඉඩ නොදෙන බැවින් ඒවා අන්‍යයෙකු සතු වෙයි. මෙය නිසරු දෙයකි; තදබල වරදකි.

පරිච්ඡේදය බලන්න



දේශනාකාරයා 6:2
24 හුවමාරු යොමු  

ඇරත් නුඹේ සියලු දවස්වලදී රජවරුන් අතරේ නුඹට සමාන කෙනෙක් නොවන ලෙස ධනයද ගෞරවයද යන නුඹ නොඉල්ලූ දේත් නුඹට දුනිමි.


ස්වාමීන්වහන්සේද මුළු ඉශ්‍රායෙල්ගේ ඇස් හමුවෙහි සාලමොන් ඉතා උසස්කොට, ඉශ්‍රායෙල්හි ඔහුට පළමුවෙන් සිටි කිසි රජෙකුට නොතිබුණු පරිද්දෙන් ඔහුට රාජෛශ්වර්යය දුන්සේක.


ඔහු වයසෙන්ද වස්තුවෙන්ද ගෞරවයෙන්ද පූර්ණව හොඳ මහලු වයසේදී මළේය. ඔහුගේ පුත්‍රවූ සාලමොන් ඔහු වෙනුවට රජකම්කෙළේය.


දෙවියන්වහන්සේ සාලමොන්ට කථාකොට: මේක නුඹේ සිතේ තිබී, නුඹ වස්තුවවත් සම්පත්වත් ගෞරවයවත් නුඹට වෛරවෙන්නන්ගේ ජීවිතවත් ඉල්ලන්නේ නැතුව, දීර්ඝායුසද නොඉල්ලා, නුඹේ පාලනයට මා විසින් භාරදුන් මාගේ සෙනඟ විනිශ්චයකරන පිණිස ප්‍රඥාවද දැනගැන්මද ඉල්ලූ නිසා,


ස්වාමිනි, ඔබගේ කඩුවෙන් දුෂ්ටයන් ගෙන්ද, ඔබගේ අතින් මනුෂ්‍යයන්ගෙන්, එනම්, ඔවුන්ගේ කොටස මේ ජීවිතයෙහි ලද්දාවූ, ඔබගේ වස්තුවෙන් ඔබ විසින් බඩ පුරවන්නාවූ, දරුවන් නිසා තෘප්තියට පැමිණ, ළදරුවන්ට ඉතිරි දේ තබායන්නාවූ ලෞකික මනුෂ්‍යයන්ගෙන්ද මාගේ ආත්මය ගැළවුව මැනව.


සැබවින් කොයි මනුෂ්‍යයාත් නිෂ්ඵල භාවයෙන් හැසිරෙයි. සැබවින් ඔව්හු නිෂ්කාරණයේ කැලඹෙති. ඔහු වස්තු රැස්කරයි, ඒවා හිමිකර ගන්නේ කවුදැයි නොදනියි.


ඔවුන්ගේ ඇස් තරකමින් නෙරා තිබේ. ලබන්ට ආශාවෙනවාටත් වඩා ඔවුන්ට සම්පත් ඇත.


තවද සියලු ආකාර වෙහෙසත් සියලු දක්ෂ වැඩත් නිසා මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් ඊර්ෂ්‍යයාව විඳින බව දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.


තව කෙනෙක් නැතුව තනිව සිටින්නෙක් ඇත්තේය; එසේය, ඔහුට පුත්‍රයෙක්වත් සහෝදරයෙක්වත් නැත; එහෙත් ඔහුගේ සියලුම වෙහෙසවලට කෙළවරක් නැත, ඔහුගේ ඇස් වස්තුවෙන් තෘප්තියට නොපැමිණෙයි. මම කා උදෙසා වෙහෙසවී මාගේ ප්‍රාණයට සැප නොදී සිටිම්දැයි ඔහු නොකියන්නේය. මේකත් නිෂ්ඵලකමක්ව, එසේය, තදබල වෙහෙසක්ව තිබේ.


ඉර යට මා දුටු මහත් වරදක් තිබේ, එනම් අයිතිකාරයා විසින් තමාට අන්තරාය වන ලෙස වස්තුව තබාගැනීමය.


මේකත් මහත් වරදක්ය: සියලු ආකාරයෙන්, ඔහු ආ ලෙසම ඔහු යන්නේය. සුළඟ ගැන වෙහෙසවෙන්නාවූ ඔහුට ඇති ප්‍රයෝජනය මොකද?


බලව, මා දුටු කාරණයක් නම් දෙවියන්වහන්සේ යමෙකුට දෙන්නාවූ ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල කා බී, ඔහු ඉර යට ගන්නාවූ තමාගේ සියලු වෙහෙසවලින් සැපය භුක්තිවිඳීම හොඳව සුදුසුව තිබෙන බවය. මක්නිසාද ඒක ඔහුගේ කොටසය.


තවද දෙවියන්වහන්සේ යම් මනුෂ්‍යයෙකුට වස්තුද සම්පත්ද දී, ඒවා භුක්තිවිඳින්ටත් තමාගේ කොටස රැගෙන තමාගේ වැඩෙන් ප්‍රීතිවෙන්ටත් බලය දී තිබේද? එය දෙවියන්වහන්සේගේ දීමනාවක්ය.


කෑම නොවන දේට මුදල්ද තෘප්තියට නොපමුණුවන දේට නුඹලාගේ වස්තුවද වියදම්කරන්නේ මක්නිසාද? හොඳාකාරයෙන් මට ඇහුම්කන්දී හොඳව තිබෙන දේ කන්න, නුඹලාගේ ප්‍රාණයද තරකම භුක්තිවිඳීවා.


අපේ උරුමය අන්‍යයන්ටත් අපේ ගෙවල් විදේශීන්ටත් අයිතිවී තිබේ.


රජ්ජුරුවෙනි, මහෝත්තම දෙවියන්වහන්සේ රජකමද මහන්තත්වයද ගෞරවයද මහිමයද ඔබගේ පියවූ නෙබුකද්නෙශර්ට දුන්සේක.


විදේශියෝ ඔහුගේ සවිය නාස්තිකළෝය, නුමුත් ඔහු එය නොදන්නේය. පැසුණු ඉසකේ ඔහු මතුයෙහි තැනින්තැන තිබේ, නුමුත් ඔහු නොදන්නේය.


නුඹේ භූමියේ පලදාවද නුඹේ මුළු උත්සාහ ලාභයද නුඹ නොදන්න සෙනඟක් භුක්තිවිඳිනවා ඇත, නුඹ නිරන්තරයෙන් පීඩාවට හා බලාත්කාරයටම ගොදුරුවන්නෙහිය.


නුඹ අතරේ සිටින විදේශියා වැඩි වැඩිව නුඹට වඩා උසස් වන්නේය; නුඹ වැඩි වැඩිව පහත් වන්නෙහිය.


නුඹලා ගියාම අප්‍රවේසමෙන් සිටින සෙනඟක් කරා පැමිණෙනවා ඇත, ඒ රට විශාලය. දෙවියන්වහන්සේ නුඹලා අතට ඒක දී තිබේ; එය පොළොවේ තිබෙන කිසි දෙයකින් හිඟයක් නැති ස්ථානයක්යයි කීවෝය.