Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 3:13 - Sinhala Revised Old Version

13 ඇරත් නුඹේ සියලු දවස්වලදී රජවරුන් අතරේ නුඹට සමාන කෙනෙක් නොවන ලෙස ධනයද ගෞරවයද යන නුඹ නොඉල්ලූ දේත් නුඹට දුනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඇරත්, නුඹේ මුළු කාලයේ දී රජවරුන් අතරේ නුඹට සමාන කෙනෙකු නොවන ලෙස ධනය ද ගෞ‍රවය ද යන නුඹ නොඉල්ලූ දේත් නුඹට දෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඇරත්, නුඹේ මුළු කාලයේ දී රජවරුන් අතරේ නුඹට සමාන කෙනෙකු නොවන ලෙස ධනය ද ගෞරවය ද යන නුඹ නොඉල්ලූ දේත් නුඹට දෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 3:13
14 හුවමාරු යොමු  

ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම,


නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.


ඇගේ දකුණතෙහි දීර්ඝායුසද ඇගේ වමතෙහි වස්තුව හා ගෞරවයද ඇත.


තමන්වහන්සේගේම පුත්‍රයා ඉතුරුකර නොගෙන අප සියල්ලන් උදෙසා පාවාදුන්නාවූ තැනන්වහන්සේ පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද?


ස්වාමීන්වහන්සේද මුළු ඉශ්‍රායෙල්ගේ ඇස් හමුවෙහි සාලමොන් ඉතා උසස්කොට, ඉශ්‍රායෙල්හි ඔහුට පළමුවෙන් සිටි කිසි රජෙකුට නොතිබුණු පරිද්දෙන් ඔහුට රාජෛශ්වර්යය දුන්සේක.


මෙසේ සාලමොන් රජ වස්තුවෙනුත් ප්‍රඥාවෙනුත් පොළොවේ සියලු රජවරුන්ට වඩා උතුම්ව සිටියේය.


ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල් රජවූ සාලමොන් මේ දේ කිරීමෙන් පව්කළා නොවේද? බොහෝ ජාතීන් අතරේ ඔහුට සමාන රජෙක් සිටියේ නැත, ඔහුගේ දෙවියන්වහන්සේද ඔහුට ප්‍රේමකොට මුළු ඉශ්‍රායෙල් කෙරෙහි ඔහු රජකළසේක. එසේ වී නුමුත් ඔහු පවා අන්‍ය ජාතී ස්ත්‍රීන් විසින් පව්කරන්ට සලස්වනලද්දේය.


මනුෂ්‍යයෙක් ආශාවෙන කොයි දෙයක්වත් ඔහුට නොලැබී නොයන හැටියට දෙවියන්වහන්සේ ඔහුට වස්තුද සම්පත්ද ගෞරවයද දෙන නුමුත්, ඒවා භුක්තිවිඳින්ට ඔහුට බලය නොදෙන බැවින්, අන්‍ය කෙනෙක් ඒවා භුක්තිවිඳින්නේය. මේක නිෂ්ඵලකමක්ය, බලවත් ආබාධයක්ය.


සාලමොන්ට බඩු හුවමාරු කරගන්නන්ගෙන්ද වෙළඳුන්ගේ වෙළඳාමෙන්ද මිශ්‍ර ජාතීන්ගේ සියලු රජවරුන්ගෙන්ද දේශයේ ආණ්ඩුකාරයන්ගෙන්ද ලැබුණු රන් හැර,


ඈ නුඹේ හිසට ශෝභන මාලාවක් දෙන්නීය; අලංකාර ඔටුන්නක්ද ඈ නුඹට පළඳවන්නීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්