නුමුත් ඔහු බලවත්වූ කල, නපුර කරන ලෙස ඔහුගේ සිත උඩඟුවිය; ඔහු දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ස්වාමීන්වහන්සේගේ මාලිගාවට ඇතුල්වීමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව වරද කෙළේය.
දේශනාකාරයා 5:1 - Sinhala Revised Old Version නුඹ දෙවියන්වහන්සේගේ ගෘහයට යන විට නුඹේ පාද බලාගන්න; අඥානයන් මෙන් පූජා ඔප්පුකිරීමට වඩා අසන්ට ළංවීම හොඳය. මක්නිසාද තමුන් නපුර කරන බව ඔව්හු නොදනිති. Sinhala New Revised Version ඔබ දෙවියන් වහන්සේගේ ගෘහයට යන විට ප්‍රවේසම් වන්න; අඥානයන් මෙන් පූජා ඔප්පු කිරීමට වඩා කීකරු වෙමින් ළං වීම හොඳ ය. මන්ද, තමන් නපුර කරන බව ඔව්හු නොදනිති. Sinhala New Revised Version 2018 ඔබ දෙවියන් වහන්සේගේ ගෘහයට යන විට ප්‍රවේසම් වන්න; අඥානයන් මෙන් පූජා ඔප්පු කිරීමට වඩා කීකරු වෙමින් ළං වීම හොඳ ය. මන්ද, තමන් නපුර කරන බව ඔව්හු නොදනිති. |
නුමුත් ඔහු බලවත්වූ කල, නපුර කරන ලෙස ඔහුගේ සිත උඩඟුවිය; ඔහු දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ස්වාමීන්වහන්සේගේ මාලිගාවට ඇතුල්වීමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව වරද කෙළේය.
උන්වහන්සේ වනාහි ශුද්ධවන්තයන්ගේ සභාවේදී ඉතා භයානකවූ, තමන් අවට සිටින සියල්ලන්ට වඩා භයවිය යුතුවූ දෙවිකෙනෙක්ය.
උන්වහන්සේ කථාකොට: මෙතැනට ළංනොවව. නුඹේ පාදවලින් නුඹේ වහන් ගළවව, මක්නිසාද නුඹ සිටින ස්ථානය ශුද්ධභූමියකැයි කීසේක.
සේදීම පිණිස පිත්තලෙන් භාජනයක්ද පිත්තලෙන් එහි අඩියද සාදන්න. එය සම්මුඛවීමේ කූඩාරමටත් පූජාසනයටත් අතරෙහි තබා එහි වතුර වත්කරන්න.
දුෂ්ටයන්ගේ පූජාව ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් ඇද නැත්තන්ගේ යාච්ඤාවට උන්වහන්සේ ප්‍රසන්නය.
දුෂ්ටයාගේ පූජාව පිළිකුලක්ය; ඔහු එය ප්‍රයෝග සිතින් ගෙනෙන විට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද?
ගොනෙකු මරන අය මනුෂ්‍යයෙකු මරන්නෙකු මෙන් වේ; බැටළු වස්සෙකු පූජාකරන අය බල්ලෙකුගේ බෙල්ල කඩන අය මෙන් වේ; ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නෙකු මෙන් වේ; කට්ටකුමංචල් දවන අය පිළිමයකට බුහුමන් කරන අය මෙන් වේ. එසේය, ඔව්හු තමුන්ගේම මාර්ග තෝරාගත්තෝය, ඔවුන්ගේ ආත්මයද ඔවුන්ගේ පිළිකුල්වලට ප්‍රියවේ.
එකල්හි මෝසෙස් ආරොන්ට කථාකොට: මා ළඟට පැමිණෙන්නන් කරණකොටගෙන මා විශුද්ධ බව දක්වා මුළු සෙනඟ ඉදිරියෙහි ගෞරවය ලබන්නෙමියි ස්වාමීන්වහන්සේ කී කාරණය මේයයි කීවේය. ආරොන් නිශ්ශබ්දව සිටියේය.
එහෙයින් එකෙණෙහිම නුඹට කියා යැවීමි; නුඹද ආ එක යහපත්ය. දැනුදු අපි සියල්ලෝ ස්වාමීන්වහන්සේ විසින් නුඹට අණකරනලද සියල්ල අසන පිණිස මෙහි දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි සිටිමුයයි කීවේය.
ඔව්හු තෙසලෝනිකයෙහි අයවලුන්ට වඩා උතුම් වූවෝය. මක්නිසාද ඔව්හු මේ කාරණා මෙසේදැයි දැනගන්නා පිණිස දවස්පතා ලියවිලි සොයමින්, සිතේ මුළු කැමැත්තෙන් වචනය පිළිගත්තෝය.
කිමෙක්ද? කන්ටත් බොන්ටත් නුඹලාට ගෙවල් නැද්ද? නොහොත් නුඹලා දෙවියන්වහන්සේගේ සභාව සුළුකොට කිසිවක් නැත්තන් ලජ්ජාවට පමුණුවවුද? නුඹලාට මක්කියම්ද? මේ ගැන නුඹලාට ප්‍රශංසාකරම්ද? ප්‍රශංසා නොකරමි.
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නුඹලා මේක දන්නහුය. නුමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.
ස්වාමීන්වහන්සේගේ සේනාපතියාද: නුඹ සිටින තැන ශුද්ධ ස්ථානයක් නිසා නුඹේ පාදවලින් වහන් ගළවන්නැයි යෝෂුවාට කීවේය. යෝෂුවාද එසේ කෙළේය.