Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දේශනාකාරයා 4:16 - Sinhala Revised Old Version

16 ඔහු කෙළවරක් නැති සෙනඟක් ඉදිරියෙහි සිටියේය. එහෙත් පසුව එන්නෝ ඔහු ගැන ප්‍රීති නොවන්නෝය. සැබවින් මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ඔහු ගණන් කළ නොහැකි තරම් සෙනඟකට අධිපති ව රජකම් කරනු ඇත. එහෙත්, ඔහුගේ ඇවෑමෙන් පසු, ඔහු කළ දේ ගැන කෘතඥතාව දක්වන කිසිවෙක් නැත. මෙය ද නිසරු දෙයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ඔහු ගණන් කළ නොහැකි තරම් සෙනඟකට අධිපති ව රජකම් කරනු ඇත. එහෙත්, ඔහුගේ ඇවෑමෙන් පසු, ඔහු කළ දේ ගැන කෘතඥතාව දක්වන කිසිවෙක් නැත. මෙය ද නිසරු දෙයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 4:16
12 හුවමාරු යොමු  

ඉර යට කෙරෙන සියලු කර්මාන්ත දුටිමි; ඒ සියල්ල නිෂ්ඵලකමක්ද හිස්වූ උත්සාහයක්ද වේ.


එබැවින් ඉර යට කෙරෙන වැඩ මට අයහපත්ව පෙනුණු නිසා, ජීවිතයට අප්‍රියවීමි. මක්නිසාද සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.


මුළු සෙනඟ ඔහු අනුව ගොස් නළා පිඹ, පොළොව පැළෙන තරම්වූ ඔවුන්ගේ ශබ්දයෙන් මහත් ප්‍රීතියකින් ප්‍රීතිවුණෝය.


දෙවියන්වහන්සේ තමන් ඉදිරියෙහි යහපත්ව සිටින මනුෂ්‍යයාට ප්‍රඥාවත් දැනගැන්මත් ප්‍රීතියත් දෙනසේක. නුමුත් පව්කාරයාට, දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින අයට දෙන පිණිස, [වස්තු] රැස්කර තැබීමේ වෙහෙසය දෙනසේක. මේකත් නිෂ්ඵලකමක්ව, හිස්වූ උත්සාහයක්ව තිබේ.


නුමුත් මාගේ අත්වලින් කළාවූ සියලුම කර්මාන්තද කරන්ට මා වෙහෙස ගත්තාවූ වැඩද දෙස බැලූ විට ඒ සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබෙන බවත් ඉර යට ප්‍රයෝජනයක් නැති බවත් දුටිමි.


සියලු ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙහි සෙනඟ විවාදකරමින්: රජ්ජුරුවෝ අපේ සතුරන් අතින් අප මුදා පිලිස්තිවරුන්ගේ අතින්ද ඔහුම අප ගළවාගත්තාහ; එහෙත් දැන් ඔහු අබ්සලොම් වෙතින් රටින් පලාගියේය.


ඉර යට ඇවිදින ජීවමාන සියල්ලන්ම ඒ තැනැත්තා වෙනුවට නැගිටින ඒ යෞවනයා සමඟ සිටිනවා දුටිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්