දාවිත් තමාගේ ඇස් ඔසවා ස්වාමීන්වහන්සේගේ දූතයා තමාගේ කඩුව ඇද යෙරුසලම කෙරෙහි දිගුකරගන පොළොවටත් අහසටත් අතරේ සිටිනවා දුටුවේය. එවිට ගෝණි රෙදි ඇඳගන සිටි දාවිත්ද වැඩිමහල්ලෝද මුහුණින් වැටුණෝය.
දානියෙල් 8:3 - Sinhala Revised Old Version එවිට මම ඇස් ඔසවා බලා, ගංගාව ඉදිරියෙහි අං දෙකක් ඇති බැටළුවෙක් සිටිනවා දුටුවෙමි. අං දෙක උස්ව තිබුණේය; නුමුත් එකක් අනික් එකට වඩා උස්ව තිබුණේය, වඩා උස ඇති එක අන්තිමයට හටගත්තේය. Sinhala New Revised Version මා ඇස් ඔසවා බැලූ විට අං දෙකක් ඇති බැටළුවෙකු ගං ඉවුරෙහි සිටිනු දිටිමි. උගේ අං දිග ය. එහෙත්, එකක් අනිකට වඩා දිග ය. වඩා දිග එක හටගත්තේ පසු ව ය. |
දාවිත් තමාගේ ඇස් ඔසවා ස්වාමීන්වහන්සේගේ දූතයා තමාගේ කඩුව ඇද යෙරුසලම කෙරෙහි දිගුකරගන පොළොවටත් අහසටත් අතරේ සිටිනවා දුටුවේය. එවිට ගෝණි රෙදි ඇඳගන සිටි දාවිත්ද වැඩිමහල්ලෝද මුහුණින් වැටුණෝය.
ඔහු තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රකාශයක් කරනුයේ: ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ; තවද උන්වහන්සේ යූදාහි තිබෙන යෙරුසලමෙහි උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට මට අණකර තිබේ.
පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ කාලය මුළුල්ලේ, එනම් පාර්සියාවේ රජවූ දාරියුෂ් රජකමට පැමිණෙන තුරුම, ඔවුන්ගේ අභිප්‍රාය නිෂ්ප්‍රභාකරන පිණිස ඔවුන්ට විරුද්ධව මන්ත්‍රීන් කුලියට ගත්තෝය.
තමාගේ සියලු අධිපතීන්ද සේවකයන්ද වන පාර්සියාවේ සහ මේදියාවේ සේනාධිපතීන්ටද රටවල උත්තමයන්ටද අධිපතීන්ටද තමා ඉදිරියෙහි මංගල්‍ය කෑමක් දුන්නේය.
බලව, මම මේදවරුන් ඔවුන්ට විරුද්ධව පොළඹවන්නෙමි. ඔවුන් රිදී සලකන්නේවත් රනට ප්‍රියවෙන්නේවත් නැත.
දුඃඛිත දර්ශනයක් මට ප්‍රකාශකරනලද්දේය; වංචාකාරයා වංචාකරන්නේය, නාස්තිකාරයා නාස්තිකරන්නේය. එම්බා ඒලාම්, නැගී යන්න; එම්බා මේදිය, වටලාගන්න; එහි සියලුම සුසුම්ලෑම් නැවැත්වීමි.
කෝරෙෂ් ගැන: ඔහු මාගේ එඬේරාය, ඔහු මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරමින්-යෙරුසලම ගොඩනගනු ලැබේය කියාද මාළිගාවේ අත්තිවාරම් තබනු ලැබේය කියාද කියනවා ඇතැයි කියන තැනන්වහන්සේය.
ඊතල මැදලා උල්කර පලිස් තදින් අල්ලාගන්න. ස්වාමීන්වහන්සේ මේදියාවේ රජවරුන්ගේ සිත් පෙළඹෙවුසේක; මක්නිසාද බබිලෝනිය නටබුන් කිරීමට උන්වහන්සේගේ යෝජනාව ඊට විරුද්ධව තිබේ. මෙය වනාහි ස්වාමීන්වහන්සේගේ පළිගැනීමය, උන්වහන්ගේ මාළිගාව ගැන පළිගැනීමය.
මාගේ ඇස් ඔසවා බලා, මනුෂ්‍යයෙක් සිහින් හණ රෙදි ඇඳ, ඌපාස්හි පිරිසිදු රනින් ඉඟටිය බැඳගන සිටිනවා දුටිමි.
ඔබට පසුව ඔබට වඩා පහත්වූ වෙන රාජ්‍යයක්ද ඉන්පසු මුළු පොළොව කෙරෙහි ආණ්ඩුකරන්නාවූ පිත්තල වැනිවූ තුන්වෙනි රාජ්‍යයක්ද නැගී එන්නාහ.
තව මෘගයෙක් වන දෙවෙනියා වලසෙකුට සමානය, ඌ එක ඇළයකින් කෙළින්වී උන්නේය, ඉළඇට තුනක්ද උගේ කටෙහි උගේ දත් අතරේ තිබුණේය. නැගිට බොහෝ මස් කවයි ඌට කියනලද්දේය.
දර්ශනයෙන් මෙසේ දුටුවෙමි; දකින විට මම ඒලාම් පළාතෙහි තිබෙන ෂූසන් මාළිගාවෙහි සිටියෙමි; ඌලයි ගංගාව ළඟ මා සිටින බව දර්ශනයෙන් දුටිමි.
එවිට මා සමග කථාකළ දූතයා පිටතට ඇවිත් මට කථාකොට: මේ පිටතට එන්නේ මොකද කියා නුඹේ ඇස් ඔසවා බලන්නැයි කීවේය.
එවිට මම මාගේ ඇස් ඔසවා බලා, ස්ත්‍රීන් දෙදෙනෙක් එනවා දුටිමි, ඔවුන්ගේ පියාපත්වල හුළඟ තිබුණේය; කනකොකාගේ පියාපත් වැනි පියාපත් ඔවුන්ට තිබුණේය. ඔව්හු අහසටත් පොළොවටත් අතරේ ඒඵාව උස්සාගෙන ගියෝය.
නැවත මම මාගේ ඇස් ඔසවා බැලූ විට රථ සතරක් කඳු දෙකකට අතරෙන් පිටත්ව එනවා දුටිමි; ඒ කඳු වනාහි පිත්තල කඳුය.
බාලාම් තමාගේ ඇස් ඔසවා ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ ගෝත්‍ර ප්‍රකාරයට වාසයකරන බව දුටුවේය; දෙවියන්වහන්සේගේ ආත්මයද ඔහු කෙරෙහි පැමිණියේය.
තවද යෝෂුවා යෙරිකෝව ළඟ සිටියදී තමාගේ ඇස් ඔසවා බැලූ කල, තමා ඉදිරිපිට මනුෂ්‍යයෙක් ඇදගත් කඩුවක් අතේ ඇතුව සිටිනවා දුටුවේය. යෝෂුවා ඔහු ළඟට ගොස්: නුඹ අපේ පැත්තටද නොහොත් අපේ විරුද්ධකාරයන්ගේ පැත්තටදැයි ඔහුගෙන් ඇසුවේය.
තවත් මෘගයෙක් පොළොවෙන් නැගී එනවා දුටිමි; බැටළුපැටවෙකුට මෙන් අං දෙකක් ඌට තිබුණේය, ඌ මහ සර්පයෙකු මෙන් කථාකෙළේය.
තවද අං සතක්ද, පොළොව මුළුල්ලෙහි යවනු ලැබූ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් සත්දෙනා වන ඇස් සතක්ද ඇත්තාවූ, මරනු ලැබුවාක්මෙන් පෙනුණාවූ බැටළු පැටවෙක් සිංහාසනය සහ ජීවමාන සත්වයන් සතරදෙනා මධ්‍යයෙහිත් වැඩිමහල්ලන් මධ්‍යයෙහිත් සිටිනවා දුටිමි.