Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 1:3 - Sinhala Revised Old Version

3 තමාගේ සියලු අධිපතීන්ද සේවකයන්ද වන පාර්සියාවේ සහ මේදියාවේ සේනාධිපතීන්ටද රටවල උත්තමයන්ටද අධිපතීන්ටද තමා ඉදිරියෙහි මංගල්‍ය කෑමක් දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 පර්සියාවේ හා මේදියාවේ හමුදාවල අධිපතීහු ද ප්‍රාදේශීය ආණ්ඩුකාරයෝ හා ප්‍රභූවරයෝ ද ඒ අවස්ථාවේ දී පැමිණ සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 1:3
16 හුවමාරු යොමු  

තවද පහසු දිනක් පැමිණියෙන්, හෙරොද් තමා උපන් දවසේදී තමාගේ උත්තමයන්ටද ප්‍රධාන සේනාධිපතීන්ටද ගලීලයේ ප්‍රධානීන්ටද මංගල්‍යකෑමක් දුන්නේය.


බේල්ෂශර් රජ තමාගේ උත්තමයන් දහසකට මහත් මංගල්‍යයක් පිළියෙළකොට, ඒ දහස ඉදිරියෙහි මුද්‍රිකපානය බීවේය.


රජ තමාගේ සියලු අධිපතීන් හා සේවකයන්ට එස්තර්ගේ මංගල්‍යය වන මහත් මංගල්‍ය කෑමක් පිළියෙළකර දුන්නේය; රටවලට නිදහසක්ද දී රජුගේ ත්‍යාගවත්කම ලෙස තෑගි දුන්නේය.


සාලමොන් පිබිද ඒක ස්වප්නයක් බව දැනගත්තේය. ඔහු යෙරුසලමට ඇවිත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සිට දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය; තමාගේ සියලු සේවකයන්ට මංගල්‍යයක්ද පිළියෙළකොට දුන්නේය.


ඊතල මැදලා උල්කර පලිස් තදින් අල්ලාගන්න. ස්වාමීන්වහන්සේ මේදියාවේ රජවරුන්ගේ සිත් පෙළඹෙවුසේක; මක්නිසාද බබිලෝනිය නටබුන් කිරීමට උන්වහන්සේගේ යෝජනාව ඊට විරුද්ධව තිබේ. මෙය වනාහි ස්වාමීන්වහන්සේගේ පළිගැනීමය, උන්වහන්ගේ මාළිගාව ගැන පළිගැනීමය.


දුඃඛිත දර්ශනයක් මට ප්‍රකාශකරනලද්දේය; වංචාකාරයා වංචාකරන්නේය, නාස්තිකාරයා නාස්තිකරන්නේය. එම්බා ඒලාම්, නැගී යන්න; එම්බා මේදිය, වටලාගන්න; එහි සියලුම සුසුම්ලෑම් නැවැත්වීමි.


තවද තුන්වෙනි දිනවූ ඵාරාවෝ උපන් දවසේදී ඔහු තමාගේ සියලු මෙහෙකරුවන්ට මංගල්‍ය කෑමක් පිළියෙළකෙළේය. යෝසෙප් ඔවුන්ට තේරුම කියාදුන් ලෙස ඔහු කුසලාන දරන්නන්ගේ නායකයාගේ හිසද පූප සාදන්නන්ගේ නායකයාගේ හිසද තමාගේ සේවකයන් අතරෙහි එසවූයේය.


නුඹ විසින් දුටුවාවූ, අං දෙක ඇති බැටළුවා නම් මේදියාවේද පර්සියාවේද රජවරුය.


මුළු රාජ්‍යයෙහි සිටීම පිණිස රාජ්‍යය කෙරෙහි දිසාපතීන් එකසිය විසි දෙනෙක්ද,


පෙරෙස් යනු ඔබගේ රාජ්‍යය බෙදා, මේදවරුන්ටත් පර්සිවරුන්ටත් දෙනලද්දේය යනුයයි කීවේය.


මක්නිසාද රජුගේ කාරණා නීතියත් විනිශ්චයත් දන්න සියල්ලන් ඉදිරියට පමුණුවන සිරිතක් තිබුණේය.


ඔහු තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රකාශයක් කරනුයේ: ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ; තවද උන්වහන්සේ යූදාහි තිබෙන යෙරුසලමෙහි උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට මට අණකර තිබේ.


එකල්හි ඔහු තමාගේ රාජ්‍යයේ උතුම් වස්තුද තමාගේ මහිමශ්‍රීයේ අනර්ඝතාවද බොහෝ දවස් එනම් දවස් එකසිය අසූවක් පෙන්නුවේය.


අහෂ්වේරොෂ් රජුගේ දොළොස්වෙනි අවුරුද්දේ නීසාන් මාසය නම්වූ පළමුවෙනි මාසයේ පටන් හාමාන් ඉදිරියෙහි දවසින් දවස මාසයෙන් මාසය අදාර් මාසය නම්වූ දොළොස්වෙනි මාසය දක්වා පූර් එනම් පසඇට දැමුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්