සිංහයා ගුහාවේ රැක සිටින්නාක්මෙන් ඔහු අප්‍රකාශ ස්ථානයෙහි රැක සිටියි. දිළිඳා අල්ලාගන්ට මග රැකසිටියි. ඔහුගේ දැල ඇද දිළිඳා අල්ලයි.
දානියෙල් 6:7 - Sinhala Revised Old Version රජ්ජුරුවෙනි, කවුරුනුමුත් තිස් දවසක් යන තුරු ඔබගෙන් මිස යම් දෙවි කෙනෙකුගෙන්වත් මනුෂ්‍යයෙකුගෙන්වත් කිසියම් අයදුමක් කළොත්, ඔහු සිංහ ගුහාවේ දමනු ලැබේය කියා රාජ පනතක් පනවා, ස්ථිර තහනමක් පිහිටුවන්ට රාජ්‍යයේ සියලු අමාත්‍යයෝද අධිපතිවරුද දිසාපතීහුද මන්ත්‍රීවරුද ආණ්ඩුකාරයෝද මන්ත්‍රණයකරගත්තෝය. Sinhala New Revised Version ඔබේ රාජ්‍යයේ සියලු අමාත්‍යයෝ ද අධිපතිවරු ද මන්ත්‍රීවරු ද ආණ්ඩුකාරයෝ ද වන අපි ඉදිරිපත් කරන රාජඥාව පනවා එය ක්‍රියාත්මක කරන ලෙස ඔබෙන් ඉල්ලීමට ඒකමතික ව තීරණය කරගනිමු. එනම්, ‘තිස් දවසක් ඇතුළත දී යම් කෙනෙකු රජතුමාගෙන් මිස, අන් දෙවි කෙනෙකුගෙන් වත්, මනුෂ්‍යයෙකුගෙන් වත් කිසියම් අයැදුමක් කළොත්, ඔහු සිංහ ගුහාවේ හෙළනු ලැබේ ය’ කියා ය. |
සිංහයා ගුහාවේ රැක සිටින්නාක්මෙන් ඔහු අප්‍රකාශ ස්ථානයෙහි රැක සිටියි. දිළිඳා අල්ලාගන්ට මග රැකසිටියි. ඔහුගේ දැල ඇද දිළිඳා අල්ලයි.
ස්වාමීන්ටද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාණන්ටද විරුද්ධව පොළොවේ රජවරු සැරසෙති, අධිපතියෝද එක්ව මන්ත්‍රණයකෙරෙති.
මක්නිසාද ඔව්හු මාගේ ප්‍රාණය නසන්ට රැක හිඳිති; බලවන්තයෝ මට විරුද්ධව රැස්වෙති. ස්වාමිනි, ඒ මාගේ අපරාධයක්වත් පාපයක්වත් නිසා නොවේ.
සේනාවල දෙවිවූ, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමිනි, සියලු අන්‍ය ජාතීන් විමසන පිණිස නැගුටුණ මැනව. දුෂ්ටවූ අපරාධකාර කිසිවෙකුටත් කරුණා නොකළ මැනව.
ඔහුගේ උතුම්කමෙන් ඔහු නෙරපා හෙළන්ට පමණක් ඔව්හු මන්ත්‍රණයකෙරෙති; ඔව්හු බොරුවට ප්‍රියවෙති; තමුන්ගේ මුඛයෙන් ආශීර්වාදකරන නුමුත් සිතින් ශාපකෙරෙති.
කල්දිවරු අරාම් භාෂාවෙන් රජුට කථාකර: රජ්ජුරුවෝ සදාකාලේටම ජීවත්වේවා. ඔබගේ මෙහෙකරුවන්ට ස්වප්නය කිව මැනවි, එවිට අපි අර්ථය තෝරාදෙන්නෙමුයයි කීවෝය.
බිම වැටී නමස්කාර නොකරන කවුරුනුමුත් ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබන හැටියටද ඔබ අණක් පනවා තිබේ.
තවද නෙබුකද්නෙශර් රජ තමා විසින් පිහිටෙවු රූපය කැපකිරීමට එන හැටියට කියා ඇර, දිසාපතීන්ද අධිපතීන්ද ආණ්ඩුකාරයන්ද විනිශ්චයකාරයන්ද භාණ්ඩාගාරිකයන්ද මන්ත්‍රීවරුන්ද නීතිඥයන්ද පළාත්වල සියලු මුලාදෑනියෝද රැස්කෙරෙවුවේය.
දිසාපතීහුද අධිපතියෝද ආණ්ඩුකාරයෝද රජුගේ මන්ත්‍රීවරුද රැස්ව, ඒ මනුෂ්‍යයන්ගේ ශරීර කෙරෙහි ගින්න බල නොපැවැත්වූ බවත් ඔවුන්ගේ ඉසකේවත් නොදෑ බවත් ඔවුන්ගේ පොරෝන වෙනස්වෙලාවත් ගිනිගඳ ඔවුන්ට වැදීලාවත් නැති බවත් දුටුවෝය.
බිම වැටී නමස්කාර නොකරන කවුරුනුමුත් එවේලෙහිම ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබන්නේයයි කීවේය.
එවිට රජුගේ ආඥාව පිට දානියෙල් ගෙනැවිත්, සිංහ ගුහාවේ දැමුවෝය. රජ දානියෙල්ට කථාකොට: නුඹ නොකඩවම සේවය කරන නුඹේ දෙවියන්වහන්සේ නුඹ ගළවනසේක්වයි කීවේය.
මාගේ දෙවියන්වහන්සේ තමන්ගේ දූතයා එවා, සිංහයන් මට අනතුරු නොකරන හැටියට උන්ගේ කටවල් පියෙවූසේක. මක්නිසාද උන්වහන්සේ ඉදිරියෙහි මා තුළ නිදොස්කම තිබුණේය; ඇරත් රජ්ජුරුවෙනි, ඔබ ඉදිරියේද මම කිසිවරදක් නොකෙළෙමියි කීවේය.
මාගේ සෙනඟෙනි, මෝවබ්හි රජවූ බාලාක් මන්ත්‍රණයකළේ කුමක්ද කියාත් බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම් ඔහුට දුන් උත්තර මොනවාද කියාත් ෂිට්ටීම්හි සිට ගිල්ගාල් දක්වා සිද්ධවුණේ මොනවාද කියාත් ස්වාමීන්වහන්සේගේ ධර්මිෂ්ඨකම් දැනගන්න පිණිස සිහිකරන්න.
සිංහයා උගේ පැටවුන්ට සෑහෙන පමණ ගොදුරු ඉරාදී, උගේ සිංහධේනුන්ට සතුන් මරාදී, උගේ ලෙනවල් ගොදුරෙන්ද උගේ ගුහාවල් ගොදුරුවලින්ද පිරෙවුවේය.
එවිට ඵරිසිවරු පිටත්ව ගොස්, උන්වහන්සේ නසන්නේ කෙසේදැයි උන්වහන්සේට විරුද්ධව මන්ත්‍රණය කළෝය.
පහන්වූ කෙණෙහිම නායක පූජකයෝ වැඩිමහල්ලන්ද ලියන්නන්ද මුළු මන්ත්‍රණ සභාවද සමඟ මන්ත්‍රණයක් පවත්වා, යේසුස්වහන්සේ බැඳගෙන ගොස් පිලාත්ට භාරදුන්නෝය.