Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 62:4 - Sinhala Revised Old Version

4 ඔහුගේ උතුම්කමෙන් ඔහු නෙරපා හෙළන්ට පමණක් ඔව්හු මන්ත්‍රණයකෙරෙති; ඔව්හු බොරුවට ප්‍රියවෙති; තමුන්ගේ මුඛයෙන් ආශීර්වාදකරන නුමුත් සිතින් ශාපකෙරෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 උසස්කමෙන් ඔහු නෙරපාදැමීමට ඔව්හු උපා යොදති; බොරු කීමට ප්‍රිය වෙති; මුවින් ආසිරි පතන නමුත්, සිතින් සාප කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 උසස්කමෙන් ඔහු නෙරපාදැමීමට ඔව්හු උපා යොදති; බොරු කීමට ප්‍රිය වෙති; මුවින් ආසිරි පතන නමුත්, සිතින් සාප කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 62:4
27 හුවමාරු යොමු  

ඔහුගේ කට වෙඬරු මෙන් සිනිදුව තිබුණේය, නුමුත් ඔහුගේ සිතෙහි යුද්ධය විය. ඔහුගේ වචන තෙලට වඩා මොළොක්ව තිබුණේය, එහෙත් ඒවා ඇදගත් කඩුය.


තමුන්ගේ අසල්වාසීන් සමඟ සමාදානයෙන් කථාකරන නුමුත් සිත්වල නපුරුකම ඇත්තාවූ දුෂ්ටයන්ද අයුතුකම් කරන්නන්ද සමඟ මා ඇද නොදැමුව මැනව.


මක්නිසාද ඔවුන්ගේ මුඛයෙහි කිසි සැබෑකමක් නැත; ඔවුන්ගේ සිත අතිශයින් දුෂ්ටය. ඔවුන්ගේ උගුර විවරවූ මිනීවළක්ය; ඔව්හු දිවෙන් චාටු බස් කියති.


මක්නිසාද අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට මම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට ප්‍රියවෙමි.


පිටත සිටින්නෝ නම් බල්ලෝද මායම්කාරයෝද වේශ්‍යාකම්කරන්නෝද මිනීමරන්නෝද රූප වඳින්නෝද බොරුවකට ප්‍රියවන්නාවූ, එය කරන්නාවූ සියල්ලෝද වෙති.


මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුස්සෝය යන දෙවියන්වහන්සේගේ නියෝගය ඔව්හු දැනගනත් ඒ දේ කරති, එපමණක් නොව ඒ දේ කරන්නන් සමඟ එකඟද වෙති.


නුඹ යහපතට වඩා නපුරටත් ධර්මිෂ්ඨකම කථාකිරීමට වඩා බොරු කීමටත් ප්‍රිය ඇත්තෙහිය.


නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.


ඔව්හු උන්වහන්සේගේ වචන අල්ලාගෙන, උන්වහන්සේ ආණ්ඩුවටද ආණ්ඩුකාරයාගේ බලයටද භාරදෙන පිණිස බලාසිට, තුමූ ධර්මිෂ්ඨයෝයයි හඟවන්නාවූ ඔත්තුකාරයන් යැවුවෝය.


ස්වාමීන්වහන්සේ ඔහුට කියනසේක්: ඵරිසිවරුවූ නුඹලා කුසලානේද තලියේද පිට පැත්ත පවිත්‍රකරන්නෝය; නුමුත් නුඹලාගේ ඇතුල් පැත්ත කොල්ලකෑමෙන්ද දුෂ්ටකමෙන්ද පිරී තිබේ.


පහන්වූ කල සියලු නායක පූජකයොත් සෙනඟගේ වැඩි මහල්ලොත් යේසුස්වහන්සේ මරණයට පත්කරන පිණිස උන්වහන්සේට විරුද්ධව මන්ත්‍රණයකළෝය.


නැවත–නැගිටීමක් නැතැයි කියන සද්දුසිවරු එදා උන්වහන්සේ වෙතට ඇවිත්:


එවිට ඵරිසිවරු ගොස්, කථාවෙන් උන්වහන්සේ කෙසේ අසුකරගනිමුදැයි මන්ත්‍රණයකළෝය.


එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් විසින් තමා රවටනු ලැබූ බව දැක, ඉතා උදහස්ව, ඔවුන්ගෙන් හරියාකාර දැනගත් කාලයේ හැටියට, මනුෂ්‍යයන් යවා, බෙත්ලෙහෙම්හිද එහි සියලු සීමාවලද සිටි දෑවුරුදු වයස්වූද ඊට බාලවූද සියලු පිරිමි දරුවන් මැරෙවුවේය.


ඔව්හු තමුන්ගේ දුෂ්ටකමෙන් රජුද තමුන්ගේ බොරුවලින් අධිපතීන්ද ප්‍රසන්නකරති.


ධර්මිෂ්ඨයා බොරු කීමට ද්වේෂකෙරේ; එහෙත් දුෂ්ටයා පිළිකුලක්ව ලජ්ජාවට පත්වෙයි.


උඩඟු ඇස්ය, බොරුකාර දිවය, නිදොස් ලේ වගුරුවන අත්ය,


බොරුවට වෛරකොට පිළිකුල් කරමි; නුමුත් ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරමි.


බැලුව මැනව, අධ්‍යාත්මයෙහි සත්‍යතාවට ඔබ කැමැතිවනසේක. අප්‍රකාශවූ හෘදයෙහි ඔබ මට ඥානය දැනගන්ට සලස්වනසේක.


ඒ කෙරෙහි පිහිටා සිටින බැවින්, මේ අපරාධය උස්වූ භිත්තියක පිපිරී වැටෙන්ට තිබෙන කැඩුමක් මෙන් නුඹලාට වන්නේය. ඒකේ කැඩීම ඇසිල්ලකින්ම පැමිණෙන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්