Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නාහුම් 2:12 - Sinhala Revised Old Version

12 සිංහයා උගේ පැටවුන්ට සෑහෙන පමණ ගොදුරු ඉරාදී, උගේ සිංහධේනුන්ට සතුන් මරාදී, උගේ ලෙනවල් ගොදුරෙන්ද උගේ ගුහාවල් ගොදුරුවලින්ද පිරෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 සිංහයා උගේ ධේනුව හා පැටවුන් සඳහා ගො‍දුරු අල්ලා, උන් කෑලිවලට ඉරා දුන්නේ ය; සිංහ ගුහාව ගො‍දුරුවලින් ද සිංහ ලෙන ඉරන ලද මස්වලින් ද පුරවා ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 සිංහයා උගේ ධේනුව හා පැටවුන් සඳහා ගො‍දුරු අල්ලා, උන් කෑලිවලට ඉරා දුන්නේ ය; සිංහ ගුහාව ගො‍දුරුවලින් ද සිංහ ලෙන ඉරන ලද මස්වලින් ද පුරවා ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නාහුම් 2:12
7 හුවමාරු යොමු  

බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් මා කාදමා, මා නාස්තිකොට, මා හිස් භාජනයක් කෙළේය, ඔහු දීර්ඝයෙකු මෙන් මා ගිල, මාගේ ප්‍රියවූ දේවලින් තමාගේ බඩ පුරවාගෙන, මා අහකදැම්මේය.


ඔහු ගොදුරට ගිජුවූ සිංහයෙකුටත් රහස් තැන්වල රැකහිඳින තරුණ සිංහයෙකුටත් සමානය.


බලව, ඒ සෙනඟ සිංහධේනුවක් මෙන් නැගිටියි, සිංහයෙකු මෙන් තමාම උසස්වෙයි. ඔහු ගොදුරු කන තෙක්ද මැරුම්කන්නන්ගේ ලේ බොන තෙක්ද නොලගින්නේයයි කීවේය.


හූෂයි වැඩි දුරටත් කියනුයේ: ඔබගේ පියාණන් හා ඔහුගේ මිනිසුන් බලවන්තයන් බවත් වනයෙහි පැටියන් නැතිවුණ වැලහින්නියක් මෙන් කෝපව සිටින බවත් ඔබ දන්නෙහිය. ඔබගේ පියාණෝ යුද්ධකාරයෙක්ය, ඔහු රාත්‍රියෙහි සෙනඟ සමඟ නවතින්නේ නැත.


සිංහයන්ගේ ගුහාවත් තරුණ සිංහයන්ගේ ගොදුරු ඉඩමත් කොයිද? එහි කිසිවෙකුගෙන් භයක් නොලැබ සිංහයාත් සිංහධේනුවත් සිංහපැටවාත් ඇවිද්දෝය.


බලව, මම නුඹට විරුද්ධයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; ඇගේ රථ දවා දුම් කරන්නෙමි, කඩුවද නුඹේ තරුණ සිංහයන් කාදමන්නේය. මම නුඹේ ගොදුර පොළෝතලයෙන් සිඳදමන්නෙමි, නුඹේ පණිවිඩකාරයන්ගේ හඬ තවත් නෑසෙන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්