Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 6:8 - Sinhala Revised Old Version

8 ඉතින් රජ්ජුරුවෙනි, වෙනස් නොවන්නාවූ මේදවරුන්ගේද පර්සිවරුන්ගේද ව්‍යවස්ථාව ප්‍රකාරයට තහනම වෙනස් නොවී තිබෙන පිණිස, එය ස්ථිරකොට පත්‍රය අත්සන්කළ මැනවැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඉතින් රජතුමනි, මේදවරුන්ගේ ද පර්සිවරුන්ගේ ද වෙනස් නොකළ හැකි ව්‍යවස්ථාවේ ප්‍රකාරයට මේ ආඥා පත්‍රය ද වෙනස් නොකළ හැකි වන ලෙස එය ස්ථිර කර අත්සන් කළ මැනව.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 6:8
11 හුවමාරු යොමු  

එකල ඒ මනුෂ්‍යයෝ රජු වෙතට වැඳ: රජ්ජුරුවෙනි, රජු විසින් නියමකරන කිසි තහනමක්වත් නියෝගයක්වත් වෙනස් නොකරන හැටියට මේදවරුන්ගේද පර්සිවරුන්ගේද පනතක් තිබෙන බව දැනගත මැනවැයි රජුට කීවෝය.


රජ්ජුරුවන් සතුටු නම් වස්තී තවත් අහෂ්වේරොෂ් රජු ඉදිරියට නොඑන ලෙස රජ්ජුරුවන්ගෙන් රාජ ආඥාවක් පතළ වෙන්ටත්, එය වෙනස් නොවන පිණිස පාර්සිවරුන්ගේද මේදවරුන්ගේද ව්‍යවස්ථා අතරෙහි ලියා තබන්ටත් යෙදේවා; ඇගේ බිසෝකමද ඈට වඩා හොඳ තැනැත්තියකට රජ්ජුරුවන් විසින් දෙනු ලැබේවා.


එවිට ඔව්හු රජු ඉදිරියට ළංවී රාජ තහනම ගැන කථාකොට: රජ්ජුරුවෙනි, කොයි මනුෂ්‍යයෙක් නුමුත් තිස් දවසක් යන තුරු ඔබගෙන් මිස යම් දෙවිකෙනෙකුගෙන්වත් මනුෂ්‍යයෙකුගෙන්වත් යම් ඉල්ලීමක් ඉල්ලුවොත්, ඔහු සිංහ ගුහාවේ දමනු ලැබේය කියා ඔබ තහනම් පත්‍රයක් කොට අත්සන්කළා නොවේදැයි ඇසුවෝය. රජද උත්තරදෙමින්: වෙනස් නොවන්නාවූ මේදවරුන්ගේද පර්සිවරුන්ගේද පනතේ හැටියට කාරණය සැබෑයයි කීවේය.


දුර්වලයන් විනිශ්චයෙන් අහක් කරන පිණිසත්, මාගේ සෙනඟගේ දුප්පතුන්ගේ යුක්තිය පෙරළන පිණිසත්, වැන්දඹුවන් තමුන්ගේ කොල්ලය වන පිණිසත්, පියා නැත්තවුන් තමුන්ගේ ගොදුර කරගන්න පිණිසත්,


ඔහු අහෂ්වේරොෂ් රජුගේ නාමයෙන් ලියා, රජුගේ මුදුවෙන් මුද්‍රාකොට, රජුගේ අස්හළේ උපන් රාජ සේවයෙහි යෙදූ ශීඝ්‍ර සෛන්ධවයන් පිට නැගීයන පණිවිඩකාරයන් අත ලියුම් හැරියේය.


එවිට පළමුවෙනි මාසයේ දහතුන්වෙනිදා රජුගේ ලේකම්වරුන්ට අඬගස්වා, හාමාන් අණකළ සියල්ල ලෙස රජුගේ දිසාධිපතීන්ටද සියලු රටවල ආණ්ඩුකාරයන්ටද එක එක සෙනඟගේ අධිපතීන්ටද එක එක රටේ අකුරුවලින් සහ එක එක සෙනඟගේ භාෂාවෙන්ද ලියුම් ලියවා හැරියේය; අහෂ්වේරොෂ් රජුගේ නමින් ඒවා ලියා රජුගේ මුදුවෙන් මුද්‍රාකළේය.


ඉතින් නුඹලාට හොඳව පෙනෙන හැටියට නුඹලා යුදෙව්වරුන් උදෙසා රජුගේ නාමයෙන් ලියුම් ලියා රජුගේ මුදුවෙන් මුද්‍රාකර අරින්න. මක්නිසාද රජුගේ නාමයෙන් ලියා රජුගේ මුදුවෙන් මුද්‍රාකළ පත්‍රයක් කාටවත් අවලංගුකරන්ට බැරියයි කීවේය.


එස්තර් නැවතත් රජු ඉදිරියෙහි කථාකොට රජුගේ පාමුල වැටී: අගාගිය හාමාන් අදහස් කළ නපුරද යුදෙව්වරුන්ට විරුද්ධව ඔහු යෝජනා කළ උපායද පහකරන මෙන් අඬා කන්නලව්කළාය.


අහසත් පොළොවත් පහවන්නේය, නුමුත් මාගේ වචන පහ නොවන්නේය.


පෙරෙස් යනු ඔබගේ රාජ්‍යය බෙදා, මේදවරුන්ටත් පර්සිවරුන්ටත් දෙනලද්දේය යනුයයි කීවේය.


ධර්මිෂ්ඨයාගේ ප්‍රාණයට විරුද්ධව ඔව්හු රැස්ව නිදොස් ලෙය වරදට පත්කරති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්