ඔහුගේ යාච්ඤාවද දෙවියන් වහන්සේ ඔහුට ඇහුම්කන්දුන් හැටිද ඔහුගේ සියලු පාපයන්ද ඔහුගේ ද්‍රෝහිකමද ඔහු යටහත්වෙන්ට පළමුවෙන් උස්තැන් ගොඩනැගුවාවූ, අෂේරා කණු සහ කැපූ රූප සිටෙවුවාවූ ස්ථානද හෝසයිගේ කථාන්තර පොතෙහි ලියා තිබේ.
දානියෙල් 4:37 - Sinhala Revised Old Version දැන් නෙබුකද්නෙශර් වන මම ස්වර්ගයේ රජ්ජුරුවන්වහන්සේට වර්ණනාද ප්‍රශංසාද ගෞරවද කරමි; මක්නිසාද උන්වහන්සේගේ සියලුම ක්‍රියාවල් සැබෑය, උන්වහන්සේගේ මාර්ගද ධර්මිෂ්ඨය. උඩඟුකමින් හැසිරෙන්නන් පහත්කරන්ට උන්වහන්සේට පුළුවන යනුය. Sinhala New Revised Version දැන් නෙබුකද්නෙශර් රජු වන මම ස්වර්ගයේ රජ්ජුරුවන් වහන්සේට ප්‍රශංසා කරමි, තුති පුදමි, ගරු කරමි, මන්ද, උන් වහන්සේගේ පොරොන්දු ඉෂ්ට වන්නේ ය. උන් වහන්සේගේ ක්‍රියා මාර්ග සාධාරණ ය. උඩඟුකමින් හැසිරෙන්නන් පහත් කරන්නට උන් වහන්සේට පුළුවන. |
ඔහුගේ යාච්ඤාවද දෙවියන් වහන්සේ ඔහුට ඇහුම්කන්දුන් හැටිද ඔහුගේ සියලු පාපයන්ද ඔහුගේ ද්‍රෝහිකමද ඔහු යටහත්වෙන්ට පළමුවෙන් උස්තැන් ගොඩනැගුවාවූ, අෂේරා කණු සහ කැපූ රූප සිටෙවුවාවූ ස්ථානද හෝසයිගේ කථාන්තර පොතෙහි ලියා තිබේ.
එවිට රජ හාමාන්ට කථාකොට: ඉක්මන්කර නුඹ කී වස්ත්‍රයද අශ්වයාද රැගෙන, රජවාසල හිඳින යුදෙව්වාවූ මොර්දෙකයිට එසේ කරන්න; නුඹ කී සියල්ලෙන් කිසිවක් අඩුනොවේවායි කීවේය.
රජ්ජුරුවන්ගේ ශක්තිය වනාහි යුක්තියට ප්‍රියවෙයි; සාධාරණකම පිහිටුවන්නේ ඔබය, යාකොබ්හි යුක්තියත් ධර්මිෂ්ඨකමත් සිදුකරන්නේ ඔබය.
ස්වාමීන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උතුම් බව දැන් දනිමි. එසේය, ඔවුන් උඩඟු ලෙස මොවුන්ට විරුද්ධව හැසුරුණු කාරණයේදී උන්වහන්සේ එසේම වූසේකැයි කීයේය.
මැඩියෝ නුඹ සහ නුඹේ සෙනඟ පිටටත් නුඹේ සියලු මෙහෙකරුවන් පිටටත් නගින්නෝයයි කියවයි කීසේක.
සියලු අලංකාරකම්වල උඩඟුකම කෙළහන්ටත් පොළොවේ සියලු නම්බුකාරයන් නින්දාවට පමුණුවන්ටත් සේනාවල ස්වාමීන්වහන්සේ එය යෝජනාකළසේක.
නුමුත් සේනාවල ස්වාමීන්වහන්සේ විනිශ්චය කරණකොටගෙන උසස්වනසේක. ශුද්ධ තැනන්වහන්සේ වන දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨකම කරණකොටගෙන ශුද්ධ බව ප්‍රකාශවෙයි.
බබිලෝනියට විරුද්ධව දුනුකාරයන් වන දුනු තැත්කවන සියල්ලන් අඬගසන්න; ඈට විරුද්ධව වටකරින් අන්දායම් බැඳ, කිසිවෙකුට ගැළවීයන්ට ඉඩනෑර, ඇගේ ක්‍රියාකිරීමේ හැටියට ඈට ප්‍රතිඵලදී, ඈ කළ සියල්ල ලෙස ඈට කරන්න, මක්නිසාද ඈ ස්වාමීන්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධව එඩිතරවූවාය.
සිරියේ දූවරුන්ද ඈ වටකර සිටි සියල්ලන් එනම් නුඹව සුළුකරන පිලිස්තිවරුන්ගේ දූවරුන්ද හැම අතින්ම නුඹට නින්දාකළ කාලයේදී මෙන්, නුඹේ දුෂ්ටකම එළිදරව්වෙන්ට පළමුවෙන්,
මාගේ ගිවිසුම නුඹ සමඟ පිහිටුවන්නෙමි; එවිට මා ස්වාමීන්වහන්සේ බව නුඹ දැනගන්නෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
ඇරත් ගසේ මුල්වල කොටස ඉතිරිකරන්ට අණකළ බැවින්, ස්වර්ගය විසින් බලය පවත්වන බව ඔබ දැනගත් පසු, ඔබගේ රාජ්‍යය ඔබට ස්ථිරවන්නේය.
උන්වහන්සේගේ ලකුණු කොපමණ මහත්ද! උන්වහන්සේගේ ආශ්චර්යයෝ කොපමණ බලවත්ද! උන්වහන්සේගේ රාජ්‍යය සදාකාල රාජ්‍යයක්ය, උන්වහන්සේගේ ආණ්ඩුව පරම්පරාවෙන් පරම්පරාවට පවත්නේය.
ඒ දවස්වලට පසු නෙබුකද්නෙශර් වන මම මාගේ ඇස් ස්වර්ගය දෙසට එසවීමි, මාගේ සිහිය නැවත මට පැමුණුණේය, මම මහෝත්තමයාණන්වහන්සේට ප්‍රශංසාකොට, සදාකාලේටම ජීවත්වන්නාවූ සදාකාල ආණ්ඩුවක්ද පරම්පරාවෙන් පරම්පරාවට පවතින රාජ්‍යයක්ද ඇත්තාවූ තැනන්වහන්සේ වර්ණනාකොට ගෞරව දුනිමි.
ඒ ප්‍රස්ථාවේදී යේසුස්වහන්සේ උත්තර දෙමින් කියනසේක්: ස්වර්ගයටත් පොළොවටත් ස්වාමිවූ පියාණෙනි, ඔබවහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන්ද තේරුම් ඇත්තන්ගෙන්ද මේ කාරණා සඟවා ළදරුවන්ට එළිදරව්කළ බැවින් ඔබට ස්තුතිකරමි.
ලෝකයද එහි ඇති සියල්ලද මැවූ දෙවියන්වහන්සේ ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීව සිටිනසේක්, අතින් සාදනලද මාළිගාවල නොවසනසේක;
උන්වහන්සේ පර්වතයය, උන්වහන්සේගේ ක්‍රියාව සම්පූර්ණය; මක්නිසාද උන්වහන්සේගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය. උන්වහන්සේ විශ්වාසවූ අයුතුකමෙන් තොරවූ දෙවිකෙනෙකි, උන්වහන්සේ වනාහි ධර්මිෂ්ඨය, අවංකය.
ඔව්හු දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස්ගේ ගීතිකාවද බැටළුපැටවාණන්ගේ ගීතිකාවද ගායනාකරමින්: සර්ව පරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ ක්‍රියා මහත්ය, විස්මපත්ය; ජාතීන්ගේ රජ්ජුරුවෙනි, ඔබගේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය.
එසේය, සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ විනිශ්චයෝ සැබෑය, ධර්මිෂ්ඨයයි කියනවා පූජාසනයෙන් මට ඇසුණේය.
ඔපමණ උඩඟු ලෙස තවත් කථා නොකරන්න; අහංකාරය නුඹලාගේ මුඛවලින් නොනික්මේවා. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියල්ල දන්නා දෙවිකෙනෙක්ය, උන්වහන්සේ ක්‍රියාවල් කිරා බලනසේක.