Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 16:56 - Sinhala Revised Old Version

56 සිරියේ දූවරුන්ද ඈ වටකර සිටි සියල්ලන් එනම් නුඹව සුළුකරන පිලිස්තිවරුන්ගේ දූවරුන්ද හැම අතින්ම නුඹට නින්දාකළ කාලයේදී මෙන්, නුඹේ දුෂ්ටකම එළිදරව්වෙන්ට පළමුවෙන්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

56-57 නුඹේ දූෂණ හෙළි කරනු ලබන්න පෙර, නුඹ අහංකාරී ව සිටි කාලයේ දී නුඹ සොදොම්ට උසුළු-විසුළු කළා නොවේ ද? දැන් නුඹ සොදොම් මෙන් ඒදොම්වරුන්ට ද පිලිස්තිවරුන්ට ද විහිළුවක් වී ඇත. නුඹට ද්වේෂ කළ නුඹේ අසල්වාසීන්ට ද නුඹ විහිළුවක් වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

56-57 නුඹේ දූෂණ හෙළි කරනු ලබන්න පෙර, නුඹ අහංකාරී ව සිටි කාලයේ දී නුඹ සොදොම්ට උසුළු-විසුළු කළා නොවේ ද? දැන් නුඹ සොදොම් මෙන් ඒදොම්වරුන්ට ද පිලිස්තිවරුන්ට ද විහිළුවක් වී ඇත. නුඹට ද්වේෂ කළ නුඹේ අසල්වාසීන්ට ද නුඹ විහිළුවක් වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 16:56
6 හුවමාරු යොමු  

ඵරිසියා සිටගෙන තමා තුළ යාච්ඤාකරමින්: දෙවියන්වහන්ස, මම කොල්ලකාරවූ අධිර්මිෂ්ඨවූ කාමමිථ්‍යාචාරිකවූ අනික් මනුෂ්‍යයන් මෙන් කෙනෙක්වත් මේ සුංගම් අයකරන්නාමෙන් කෙනෙක්වත් නොවන බැවින් ඔබවහන්සේට ස්තුතිකරමි.


නුඹ මට විරුද්ධව කළාවූ නුඹේ සියලු අපරාධ ක්‍රියා නිසා ඒ කාලයේදී නුඹ ලජ්ජාවට නොපැමිණෙන්නෙහිය. මක්නිසාද මම එකල නුඹේ උඩඟුවූ ප්‍රීතිමත්වන්නන් නුඹ තුළෙන් පහකරන්නෙමි, නුඹද මාගේ ශුද්ධවූ කන්දෙහි තවත් උදාරම් නොවන්නෙහිය.


මට ළංනොවී ඈතින් සිටින්න, මම නුඹට වඩා ශුද්ධයෙමියි ඔව්හු කියති. මොව්හු මාගේ නාසයට ධූමයක්ය, දවස මුළුල්ලේම ඇවිළෙන ගින්නක්ය.


නුඹේ සහෝදරියන් වන සොදොම සහ ඇගේ දූවරුන්ද තමුන්ගේ පළමු ස්වභාවට පැමිණෙනවා ඇත, සමාරිය සහ ඇගේ දූවරුන්ද තමුන්ගේ පළමු ස්වභාවට පැමිණෙනවා ඇත, නුඹ සහ නුඹේ දූවරුන්ද නුඹලාගේ පළමු ස්වභාවට පැමිණෙනවා ඇත.


නුඹේ උඩඟුකමේ දවසේදී නුඹේ සහෝදරීවූ සොදොම නුඹේ මුඛයෙන් සඳහන්කළේවත් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්