Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 5:4 - Sinhala Revised Old Version

4 ඔව්හු මුද්‍රිකපානය බී, රන්ද රිදීද පිත්තලද යකඩද ලීද ගල්ද වූ දෙවිවරුන් වර්ණනාකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඔව්හු මත්පැන් බී, රන් රිදී, ලෝකඩ, යකඩ, ලී හා ගල්වලින් තනන ලද දෙවිවරුන්ට ප්‍රශංසා කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 5:4
21 හුවමාරු යොමු  

ස්වර්ගයේ ස්වාමීන්වහන්සේට විරුද්ධව උසස්වී, උන්වහන්සේගේ ගෘහයේ භාජන ඔබ ඉදිරියට ගෙන්වාගන, ඔබද ඔබගේ උත්තමයෝද භාර්යාවරුද උපභාර්යාවරුද එයින් මුද්‍රිකපානය බීවෝය; තවද කිසි පෙනීමක්වත් ඇසීමක්වත් දැනුමක්වත් නැත්තාවූ, රන් රිදී පිත්තල යකඩ ලී සහ ගල්ද වූ දෙවිවරුන්ට ඔබ ප්‍රශංසාකෙළෙහිය. නුමුත් ඔබගේ හුස්ම තමන් හස්තයෙහි ඇත්තාවූ, ඔබගේ සියලු මාර්ග අයිතිවූ දෙවියන්වහන්සේට ඔබ ගෞරවකළේ නැත.


ලීයට: පිබිදියන්න කියාත් ගොළු ගලට: නැගිටින්න කියාත් කියන්නාට දුක්වේ! ඒක උගන්වනවා ඇද්ද? අන්න, ඒක රනිනුත් රිදීයෙනුත් වසා තිබේ. කිසි හුස්මක් ඒක තුළ ඇත්තේම නැත.


එහෙයින් දෙවියන්වහන්සේගේ දරුවන්වූ අප විසින් දේවත්වය වනාහි මනුෂ්‍ය ශිල්පයෙන් හා සමර්ථකමින් කැපූ රනටවත් රිදීයටවත් ගලටවත් සමානයයි නොසිතිය යුතුය.


මම ස්වාමීන්වහන්සේය; මාගේ නාමය ඒකය. මාගේ ගෞරවය අන් කෙනෙකුටවත් මාගේ ප්‍රශංසාව රූපවලටවත් නොදෙන්නෙමි.


දැන් නෙබුකද්නෙශර් වන මම ස්වර්ගයේ රජ්ජුරුවන්වහන්සේට වර්ණනාද ප්‍රශංසාද ගෞරවද කරමි; මක්නිසාද උන්වහන්සේගේ සියලුම ක්‍රියාවල් සැබෑය, උන්වහන්සේගේ මාර්ගද ධර්මිෂ්ඨය. උඩඟුකමින් හැසිරෙන්නන් පහත්කරන්ට උන්වහන්සේට පුළුවන යනුය.


රූප කෙරෙහි විශ්වාසකරන්නාවූ, නුඹලා අපේ දෙවිවරුයයි පිළිමවලට කියන්නාවූ අය පස්සට හරවනු ලබන්නෝය, බොහෝසෙයින් ලජ්ජාවට පත්වන්නෝය.


එහෙත් දානියෙල් රජුගේ භෝජනයෙන්වත් ඔහු බොන මුද්‍රිකපානයෙන්වත් අපවිත්‍ර නොවී සිටීමට තමාගේ සිතින් නියමකරගෙන, එසේ අපවිත්‍ර නොවී සිටින්ට නපුංසකයන්ගේ අධිපතියාගෙන් අවසර ඉල්ලුවේය.


එවිට ඔව්හු යෙරුසලමේ තිබුණ දෙවියන්වහන්සේගේ ගෘහයේ මාළිගාවෙන් ගත් රන් භාජන ගෙනාවෝය; රජද ඔහුගේ උත්තමයෝද භාර්යාවරුද උපභාර්යාවරුද එයින් බීවෝය.


එකෙණෙහිම මනුෂ්‍ය අතක ඇඟිලි පෙනී, පහන්රුක ඉදිරිපිට රාජ මාළිගාවේ භිත්තියේ බදාම පිට ලිවීය. රජතෙමේ ලියන අතේ කොටස දුටුවේය.


එබැවින් ඔවුන් වහල්කමට යන්නන් අතරෙහි පෙරටුවෙන් යනවා ඇත, දිගාවී ඉන්නන්ගේ ඝෝෂාවද පහවයන්නේය.


එවිට අදොනියා සමඟ කෑමට ඇවිත් සිටි සියල්ලෝම භයපත්වී නැගිට එකිනෙකා තම තමාගේ ස්ථානයට ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්