Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 18:11 - Sinhala Revised Old Version

11 ස්වාමීන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උතුම් බව දැන් දනිමි. එසේය, ඔවුන් උඩඟු ලෙස මොවුන්ට විරුද්ධව හැසුරුණු කාරණයේදී උන්වහන්සේ එසේම වූසේකැයි කීයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 තවද, සමිඳාණන් වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උත්තරීතර බව මම දැන් දනිමි. මන්ද, මිසර වාසීන් ඉතා අහංකාර ලෙස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ක්‍රියා කළ විට උන් වහන්සේ මෙය කළ සේකැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 තවද, සමිඳාණන් වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උත්තරීතර බව මම දැන් දනිමි. මන්ද, මිසර වාසීන් ඉතා අහංකාර ලෙස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ක්‍රියා කළ විට උන් වහන්සේ මෙය කළ සේකැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 18:11
30 හුවමාරු යොමු  

මක්නිසාද ස්වාමීන්වහන්සේ මහත් දෙවිකෙනෙක්ය, සියලු දෙවිවරුන්ට වඩා මහත් රජකෙනෙක්ය.


ස්වාමීන්වහන්ස, දෙවිවරුන් අතරේ ඔබට සමාන කවුද? ශුද්ධකමින් මහිමවත්වූ, ප්‍රශංසාවලින් භයංකරවූ, පුදුම දේ කරන්නාවූ ඔබ සමාන කවුද?


අපේ දෙවියන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උතුම් නිසා මා විසින් ගොඩනගන ගෘහය මහත්ය.


උන්වහන්සේ ස්වකීය බාහුවෙන් බලය පෑසේක; තමුන්ගේ සිත්වල කල්පනාවෙන් අහංකාරීවූ අය විසිරෙවුසේක.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මහත් බවත් අපේ ස්වාමීන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උසස් බවත් දනිමි.


දැන් නෙබුකද්නෙශර් වන මම ස්වර්ගයේ රජ්ජුරුවන්වහන්සේට වර්ණනාද ප්‍රශංසාද ගෞරවද කරමි; මක්නිසාද උන්වහන්සේගේ සියලුම ක්‍රියාවල් සැබෑය, උන්වහන්සේගේ මාර්ගද ධර්මිෂ්ඨය. උඩඟුකමින් හැසිරෙන්නන් පහත්කරන්ට උන්වහන්සේට පුළුවන යනුය.


මක්නිසාද ස්වාමිනි, ඔබ මුළු පොළොවට උතුම්සේක. ඔබ සියලු දෙවිවරුන්ට වඩා අතිශයින් උසස්ව සිටිනසේක.


මක්නිසාද ස්වාමීන්වහන්සේ උතුම්ව බොහෝසෙයින් ප්‍රශංසා කටයුතුව සිටිනසේක. සියලු දෙවිවරුන්ට වඩා උන්වහන්සේ භයවිය යුත්තෙක.


නුමුත් උන්වහන්සේ වඩා කරුණව දෙනසේක. ඉන්නිසා: දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙනසේකැයි ලියවිල්ල කියන්නේය.


ඔබගේ ආඥාවලින් මුළාව යන්නාවූ, ශාපලද්දාවූ උඩඟුවූවන්ට ඔබ තරවටුකළසේක.


ඵාරාවෝද ඔහුගේ සියලු සේවකයන්ද ඔහුගේ දේශයේ මුළු සෙනඟද කෙරෙහි ලකුණු හා ආශ්චර්ය කර වදාළසේක; මක්නිසාද ඔවුන්ට විරුද්ධව ඒ අය උඩඟුකම් කරන බව ඔබ දැනගන සිටිසේක; ඔබද අද දවසේ තිබෙන ලෙස ඔබට නාමයක් උපදවා ගත්සේක.


එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට හැරී ඇවිත් ඔහු ඉදිරියේ සිට කථාකොට: ඉතින් ඉශ්‍රායෙල්හි සිටින දෙවියන්වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවිකෙනෙක් නැති බව දැන් දනිමි. එබැවින් දැන් ඔබගේ මෙහෙකරුවාගෙන් සතුටු පඬුරක් පිළිගත මැනවැයි කීවේය.


එසේම, තරුණයෙනි, වැඩිමහල්ලන්ට යටත්වෙන්න. එසේය, නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගන්න. මක්නිසාද දෙවියන්වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක.


ස්වාමීන්ගේ සියලු ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට ප්‍රේමකරව්. ස්වාමීන්වහන්සේ විශ්වාස ඇත්තන් ආරක්ෂාකරනසේක, උඩඟුලෙස ක්‍රියාකරන්නාට බොහෝසෙයින් ප්‍රතිඵලදෙනසේක.


ඔබගේ ව්‍යවස්ථාවට ඔවුන් හරවාගන්ට ඔබ ඔවුන්ට අවවාදකළසේක. එහෙත් ඔව්හු උඩඟුකම්කර, ඔබගේ ආඥාවලට ඇහුම්කන්නොදී, මනුෂ්‍යයා ජීවත්වෙන පිණිස ඔහු විසින් කළ යුතුවූ ඔබගේ විනිශ්චයවලට විරුද්ධව පව්කොට, පෙරළිකාර කරක් ඇතුව, තමුන්ගේ කුළල් තදකරගන, ඇහුම්කන්නොදී සිටියෝය.


නුමුත් ඔව්හුද අපේ පියවරුද උඩඟුකම්කර, තමුන්ගේ කුළල් තදකරගන, ඔබගේ ආඥාවන්ට ඇහුම්කන්නොදී සිටියෝය.


ස්ත්‍රීද: ඔබ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් බවත් ඔබගේ මුඛයෙහි තිබෙන ස්වාමීන්වහන්සේගේ වචනය සැබෑ බවත් දැන් දනිමියි එලියාට කීවාය.


ඔපමණ උඩඟු ලෙස තවත් කථා නොකරන්න; අහංකාරය නුඹලාගේ මුඛවලින් නොනික්මේවා. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියල්ල දන්නා දෙවිකෙනෙක්ය, උන්වහන්සේ ක්‍රියාවල් කිරා බලනසේක.


මා ඵාරාවෝද ඔහුගේ රථද ඔහුගේ අසුරුවන්ද කරණකොටගෙන ගෞරව ලැබූ කල්හි මම ස්වාමීන්වහන්සේ බව මිසරවරු දැනගන්නෝයයි කීසේක.


ස්වාමීන්වහන්සේ මිසරයේ රජවූ ඵාරාවෝගේ සිත දැඩි කළසේක, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් ලුහුබැඳ ආයේය. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ධෛර්යවත් ලෙස නික්ම ගියෝය.


මක්නිසාද ඒ රාත්‍රියේදී මිසර දේශය මැදින් යන්නෙමි, මිසර දේශයෙහි මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද සියලු කුලුඳුලන්ට පහරදෙන්නෙමි; මිසරයේ සියලු දෙවිවරුන්ට විරුද්ධව විනිශ්චයයන් ඉෂ්ටකරන්නෙමි. මම ස්වාමීන්වහන්සේය.


මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට ගොස්: හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ කොතෙක් කල් මා ඉදිරියෙහි යටත්නොවී සිටින්නෙහිද? මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්න.


මේ දක්වා කළාක් මෙන් ගඩොල් සෑදීමට සෙනඟට පිදුරු තවත් නොදෙන්න. ඔව්හුම ගොස් පිදුරු එකතුකරගනිත්වා.


ඵාරාවෝ: ඉශ්‍රායෙල්වරුන්ට යන්ට හරින ලෙස මා විසින් ස්වාමීන්වහන්සේගේ බසට ඇහුම්කන් දෙන්ට ඔහු කවුද? මම ස්වාමීන්වහන්සේ නාඳුනමි. ඇරත් ඉශ්‍රායෙල්වරුන්ට යන්ට නොහරින්නෙමියි කීයේය.


එවිට ඵාරාවෝ: උපදින්නාවූ සියලු පුත්‍රයන් ගඟේ දමා සියලු දූවරුන් නොමරා ඉතුරුකරන්නැයි තමාගේ මුළු සෙනඟට අණකෙළේය.


නුඹලා හෙබ්‍රෙව් ස්ත්‍රීන්ට වින්නඹුකම් කරන විට, ඔවුන් ප්‍රසූත යහනෙහි ඉන්නවා දකින කල්හි, පුතෙක්නම් ඔහු මරන්න; දුවක් නම් ඈ ජීවත්වුණාවේයයි කීවේය.


එන්න, ඔවුන් බෝනොවන පිණිසත් යම් යුද්ධයක් සිදුවන කල අපේ සතුරන්ට එක්ව අපට විරුද්ධව සටන්කොට දේශයෙන් පිටවී නොයන පිණිසත් ඔවුන් සමඟ නුවණින් ක්‍රියාකරමුයයි කීවේය.


එසේ ආවේ මිසරවරුන් ස්වාමීන්වහන්සේ විසින් ඔවුන් අතරෙහි පහරදෙනලද්දවුන් වන සියලුම කුලුඳුලන් ඔවුන් විසින් තැන්පත්කරද්දීය. ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ දෙවිවරුන් කෙරෙහිත් විනිශ්චයන් ඉෂ්ටකළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්