Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 4:36 - Sinhala Revised Old Version

36 ඒ කාලයේදී මාගේ සිහිය නැවත මට පැමිණියේය; මාගේ රාජ්‍යයේ ගෞරවය උදෙසා මාගේ මහිමතාවත් ඓශ්චර්යයත් මට නැවත පැමිණියේය; මාගේ මන්ත්‍රීහුද මාගේ උත්තමයෝද මා ළඟට ආවෝය; මම වනාහි මාගේ රාජ්‍යයෙහි පිහිටුවනු ලැබීමි, මාගේ උතුම්කමත් බොහෝසෙයින්ම මට ලැබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 ඒ වේලාවේ දී ම මාගේ සිහිය මට නැවත ලැබුණු විට මාගේ රාජ්‍යයේ ගෞරවය උදෙසා මාගේ රාජශ්‍රීයත්, ඓශ්චර්යයත් මා වෙත නැවත පැමිණියේ ය. මාගේ මන්ත්‍රීවරු ද මාගේ උත්තමයෝ ද මා සාදරයෙන් පිළිගත්හ. මාගේ රාජ්‍යයේ මම යළි පිහිටුවනු ලැබීමි. මාගේ උතුම්කම පෙරට වඩා වැඩි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 4:36
11 හුවමාරු යොමු  

ඒ දවස්වලට පසු නෙබුකද්නෙශර් වන මම මාගේ ඇස් ස්වර්ගය දෙසට එසවීමි, මාගේ සිහිය නැවත මට පැමුණුණේය, මම මහෝත්තමයාණන්වහන්සේට ප්‍රශංසාකොට, සදාකාලේටම ජීවත්වන්නාවූ සදාකාල ආණ්ඩුවක්ද පරම්පරාවෙන් පරම්පරාවට පවතින රාජ්‍යයක්ද ඇත්තාවූ තැනන්වහන්සේ වර්ණනාකොට ගෞරව දුනිමි.


යටත්කමේද ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමේද විපාකය නම් වස්තුවත් ගෞරවයත් ජීවිතයත්ය.


නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.


නුඹ මනුෂ්‍යයන් වෙතින් පන්වනු ලබන්නෙහිය, නුඹේ වාසය වනයේ මෘගයන් සමඟ වන්නේය; ගවයන්ට මෙන් නුඹට තෘණ කවනු ලබන්නේය; මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි මහෝත්තමයාණන්වහන්සේ බලය පවත්වා, තමන් කැමැති කෙනෙකුට ඒක දෙන බව නුඹ දැනගන්න තුරු, නුඹ කාලවල් සතක් පසු කරනවා ඇතැයි නුඹට කියනලද්දේයයි කීවේය.


මොහොතකට පවතින අපේ සැහැල්ලුවූ දුක, පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට,


නුඹලාගේ පැණවත් කීම් අළු වැනි උපදේශවල්ය, නුඹලාගේ බලකොටු මැටි බලකොටුය.


එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ වංශයත් නුඹේ පියාගේ වංශයත් සෑම කල්හිම මා ඉදිරියෙහි හැසිරෙනවා ඇතැයි සැබවින්ම කීවෙමි. නුමුත් දැන් ස්වාමීන්වහන්සේ කියන්නේ නම්: එය මාගෙන් දුරුවේවා කියාය; මක්නිසාද මට ගෞරවකරන්නන්ට මමත් ගෞරව කරමි, මා සුළුකොට සිතන්නෝ නීචකොට සලකනු ලබති.


රජ්ජුරුවෙනි, ඔබ මහත් රූපයක් දුටුවෙහිය. ඒ රූපය මහත්ව ඉතා දීප්තිමත්ව තිබුණේය, ඒක ඔබ ඉදිරියෙහි සිටියේය; ඒකේ පෙනීමද භයංකරය.


ආකාශ පක්ෂීන් ලැග්ගාවූ ගස නම්, මහත්ව බලවත්ව සිටින ඔබමය. ඔබගේ මහත්කමද වැඩී තිබේ, එය අහස දක්වාත් ඔබගේ ආණ්ඩුව පොළොවේ කෙළවර දක්වාත් ඇත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්