Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 4:26 - Sinhala Revised Old Version

26 ඇරත් ගසේ මුල්වල කොටස ඉතිරිකරන්ට අණකළ බැවින්, ස්වර්ගය විසින් බලය පවත්වන බව ඔබ දැනගත් පසු, ඔබගේ රාජ්‍යය ඔබට ස්ථිරවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 කෙසේ වෙතත්, අර මුරකාරයා ගසේ මුලේ කඳ කොටස ඉතිරි කරන්නට අණ කෙළේ ය. එහි තේරුම මෙය යි. මහෝත්තමයාණන් මනුෂ්‍ය රාජ්‍යයන් පාලනය කරන බව ඔබ දැනගත් පසු ඔබේ රාජ්‍යය ඔබට ස්ථිර වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 4:26
13 හුවමාරු යොමු  

එහෙත් ඒකේ මුලේ කඳට යකඩ සහ පිත්තල බැම්මක් දමා, පොළොවෙහි වනයේ තෘණ අතරේ තිබෙන්ට අරින්න; ඒක අහසේ පිනිවලින් තෙමේවා, ඔහුගේ කොටස මෘගයන් සමඟ පොළොවේ තණකොළ අතරේ වේවා.


එවිට පුත්‍රයා ඔහුට කථාකොට: පියාණෙනි, ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියෙහිද පව්කෙළෙමි. තවත් ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්ට නොවටිමියි කීවේය.


මම නැගිට මාගේ පියාණන් ළඟට ගොස්: පියාණෙනි, ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියෙහිද පව්කෙළෙමි.


ගෝලයෝ ඒ දැක: අත්තික්කා ගහ වහාම වියළුණේ කෙසේද කියා මවිතවූවෝය.


නුමුත් මම නුඹලාට කියමි: කිසිසේත් නොදිවුරන්න; ස්වර්ගය දෙවියන්වහන්සේගේ සිංහාසනය බැවින් ඒක ගැනවත්,


තවද ශුද්ධවූ රැකවලෙක් අහසෙන් බැස කථාකොට: ගහ කපාදමා විනාශකරන්න; එහෙත් ඒකේ මුලේ කඳට යකඩ සහ පිත්තල බැම්මක් දමා, පොළොවෙහි වනයේ තෘණ අතරේ තිබෙන්ට අරින්න; ඒක අහසේ පිනිවලින් තෙමේවා, ඔහු කාලවල් සතක් පසුකරන තුරු ඔහුගේ කොටස වනයේ මෘගයන් සමඟ වේවායි කියනවා රජ දුටු බැවින්,


රජ්ජුරුවෙනි, ඔබ රජවරුන්ගේ රජය, මක්නිසාද ස්වර්ගයේ දෙවියන්වහන්සේ රජකමද බලයද පරාක්‍රමයද ඓශ්චර්යයද ඔබට දී තිබේ.


තමා සහ තමාගේ සමාගම්කාරයන් බබිලෝනියේ අනික් ශාස්ත්‍රවන්තයන් සමඟ විනාශ නොවන පිණිස, ඒ රහස ගැන ස්වර්ගයේ දෙවියන්වහන්සේගෙන් අනුකම්පාව ඉල්ලන්ට කීවේය.


එවිට රාත්‍රියේ දර්ශනයකින් ඒ රහස දානියෙල්ට එළිදරව්විය. දානියෙල් ස්වර්ගයේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කෙළේය.


ඒ වචනය රජුගේ මුඛයෙහි තිබෙද්දීම අහසෙන් හඬක් පැමිණ: එම්බා නෙබුකද්නෙශර් රජ, රාජ්‍යය නුඹෙන් පහවිය.


දැන් නෙබුකද්නෙශර් වන මම ස්වර්ගයේ රජ්ජුරුවන්වහන්සේට වර්ණනාද ප්‍රශංසාද ගෞරවද කරමි; මක්නිසාද උන්වහන්සේගේ සියලුම ක්‍රියාවල් සැබෑය, උන්වහන්සේගේ මාර්ගද ධර්මිෂ්ඨය. උඩඟුකමින් හැසිරෙන්නන් පහත්කරන්ට උන්වහන්සේට පුළුවන යනුය.


එහෙත් ඔහුගේ සිත උසස්වී, උඩඟුකම්කරන ලෙස ඔහුගේ ආත්මය දැඩිවූ කල, ඔහු තමාගේ රාජාසනයෙන් පහත්කරනු ලැබුවේය, ඔහුගේ මහිමයද ඔහුගෙන් පහකරනු ලැබීය.


මහෝත්තම දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි බල පවත්වා, උන්වහන්සේ කැමැති කෙනෙකු එය කෙරෙහි පත්කරන බව ඔහු දැනගන්න තුරු, මනුෂ්‍ය පුත්‍රයන් වෙතින් පන්වනු ලැබ, ඔහුගේ සිත මෘග සිතකට සමානව, ඔහුගේ වාසය වල්කොටළුවන් සමඟ වූයේය; ගොනුන්ට මෙන් ඔහුට තෘණ කවනු ලැබ, ඔහුගේ ශරීරයද අහසේ පින්නෙන් තෙමුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්