ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දානියෙල් 11:40 - Sinhala Revised Old Version

තීන්දුවේ කාලයේදී දකුණු දිශාවේ රජ ඔහුට විරුද්ධව පැමිණෙන්නේය. නුමුත් උතුරු දිශාවේ රජ කුණාටුවක් මෙන් රථද අසරුවන්ද බොහෝ නැව්ද ඇතුව ඔහුට විරුද්ධව ඇවිත්, දේශවලට වැද, ජලය මෙන් ගලාගන සැරෙන් පැමිණෙන්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“නියමිත අවසාන කාලයේ දී, මිසරයේ රජ ඔහුට විරුද්ධ ව පැමිණෙන්නේ ය. එහෙත්, සිරියාවේ රජු සුළි සුළඟක් සේ රථවාහන ද අසරුවන් ද බොහෝ නැව් ද සමඟ ඔහුට විරුද්ධ ව සටනට එළඹෙන්නේ ය. ඔහු ගලා යන ජලගැල්මක් සේ රටවල් උඩින් කඩා බිඳගෙන යන්නේ ය.

පරිච්ඡේදය බලන්න



දානියෙල් 11:40
24 හුවමාරු යොමු  

මුහුදු කාන්තාරය ගැන දිව්‍ය ප්‍රකාශනයය. දකුණු දිග සුළිහුළං ගසන්නාක්මෙන් ඒක භයානක දේශයක් වන කාන්තාරයෙන් එන්නේය.


ඔවුන්ගේ ඊගස් තියුණුකර තිබේ, ඔවුන්ගේ සියලු දුනු තැත්කවා තිබේ; ඔවුන්ගේ අසුන්ගේ කුර ගිනිගල්ද ඔවුන්ගේ රථචක්‍ර සුළිහුළඟද කොට ගණන්ගනු ලැබේ.


මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහස කෝපයෙන්ද තමන්ගේ තර්ජනය ගිනිදැල්වලින්ද ඉෂ්ටකරන පිණිස ගිනි සහිතවද උන්වහන්සේගේ රථ සුළිහුළඟ මෙන්ද එනවා ඇත.


බලව, ඔහු වලාකුල් මෙන්ද ඔහුගේ රථ සුළි හුළඟක් මෙන්ද නැගී එන්නේය. ඔහුගේ අශ්වයෝ රාජාලීන්ට වඩා ශීඝ්‍රය. අහෝ අපට දුක්වේ! මක්නිසාද අපි නාස්තිවීමුව.


මම නුඹ පස්සට හරවා, නුඹේ හකුවල කොකු දමා, නුඹ සහ නුඹේ මුළු සේනාව අසුන්ද අසුරුවන්ද ඇතුළුව පිටතට ගෙනයන්නෙමි; ඔවුන් සියල්ලෝම අලංකාර වස්ත්‍ර ඇඳගන, පලිස්ද කුඩා පලිස්ද ඇති මහත් සමූහයක්ව, සියල්ලෝම කඩු පාවිච්චි කරන්නෝව සිටිති.


එවිට නුඹ නැගී ඇවිත්, කුණාටුවක් මෙන් පැමිණෙනවා ඇත, නුඹ සහ නුඹ සමඟ නුඹේ සියලු සමුදාවන්ද බොහෝ ජනයන්ද දේශය වසාගැනීමට වලාකුළක් මෙන් සිටිනවා ඇත.


නුමුත් ඔහුගේ පුත්‍රයන් යුද්ධකරනවා ඇත, ඔවුන් මහත් සේනාවල් රාශියක් රැස්කරනවා ඇත. ඔහු ඉදිරියටම ඇවිත්, ජලය මෙන් ගලා යටකරගන්ටද හැරී ඇවිත්, ඒ අයගේ බලකොටුව දක්වාත් යුද්ධකරනවා ඇත.


දකුණු දිශාවේ රජද කෝපයෙන් උමතුව පිටත්ව ඇවිත් ඔහු සමඟ, එනම් උතුරු දිශාවේ රජු සමඟ, යුද්ධකරන්නේය. ඔහු මහත් සමූහයක් සූදානම්කරගන්න නුමුත්, ඒ සමූහයා ඒ අය අතට පාවාදෙනු ලබන්නේය.


උතුරු දිශාවේ රජතෙමේ හැරී පළමු සමූහයාට වඩා මහත් සමූහයක් නැගුටුවාගෙන, අවුරුදු ගණනකට පසු මහත් සේනාවක් සහ බොහෝ සම්පත්ද ඇතුව එනවා ඇත.


ජලගැල්මක් සමාන සේනාවෝ ගිවිසුමක් කරගත් අධිපතියාත් ඇතුව ඔහු ඉදිරියෙන් දියපහරකින් මෙන් බිඳීයන්නෝය.


ඔහු දකුණු දිශාවේ රජුට විරුද්ධව මහත් සේනාවක් ඇතුව, තමාගේ බලයත් වීර්යයත් පොලඹවාගන්නේය; දකුණු දිශාවේ රජද ඉතා මහත්වූ බලවත්වූ සේනාවක් ඇතුව යුද්ධයට නැගිටින්නේය. නුමුත් ඔහුට හිටින්ට බැරිවන්නේය, මක්නිසාද ඔව්හු ඔහුට විරුද්ධව උපා යොදන්නෝය.


තීන්දුවේ කාලය දක්වා ඔවුන් පිරිසිදුකර ශුද්ධපවිත්‍රකරන්ට ඔවුන්ගෙන් නුවණ ඇති සමහරු වැටෙන්නෝය. මක්නිසාද නියම කාලය තව ප්‍රමාදවන්නේය.


ඉතා සවිඇති බලකොටුවලට අන්‍ය දෙවියෙකු ඇතුව ඔහු මෙසේ කරනවා ඇත; ඔහු පිළිගන්න අයින්ට ඔහු බොහෝ ගෞරව දී, බොහෝ දෙනෙකු කෙරෙහි ඔවුන් ආණ්ඩුකාරයන් කර, මුදලට රට බෙදාදෙනවා ඇත.


එහෙත් ඇගේ මුල්වල පැළයක්වූ කෙනෙක් ඔහුගේ ස්ථානයෙහි නැගිට, සේනාවට විරුද්ධව පැමිණ, උතුරු දිශාවේ රජුගේ බලකොටුවට ඇතුල්වී, ඔවුන්ට විරුද්ධව ක්‍රියාකොට ජයගන්නේය.


නුමුත්, දානියෙල්, නුඹ මේ වචන වසා, අන්තිම කාලය දක්වා පොත මුද්‍රකර තබන්න. බොහෝ දෙනෙක් එය කියවා බලනවා ඇත, දැනගැන්මද වැඩිවන්නේයයි කීවේය.


ඔහුද: දානියෙල්, නුඹ යන්න. මක්නිසාද අන්තිම කාලය දක්වා මේ වචන වසා මුදාකොට තිබේ.


ඔහු මා සිටි තැනටම ආවේය; ඔහු ආවිට මම භයපත්වී මුහුණින් වැටුණෙමි. නුමුත් ඔහු: මනුෂ්‍ය පුත්‍රය, කල්පනා කරන්න; මක්නිසාද දර්ශනය අදාළවන්නේ අන්තිම කාලයටයයි මට කීවේය.


ඔබ ඔහුගේ අධිපතීන්ගේ ප්‍රධානියාට ඔහුගේම හෙල්ලවලින් ඇන්නසේක. ඔව්හු මා විසුරුවාදමන්ට සුළි හුළඟක් මෙන් ආවෝය. ඔවුන්ගේ ප්‍රීතිමත්කම අසරණයන් රහසින් නාස්තිකිරීමටය.


ස්වාමීන්වහන්සේ ඔවුන්ට ඉහළින් පෙනෙනසේක, උන්වහන්සේගේ ඊගහද විදුලිය මෙන් විහිදෙන්නේය. ස්වාමිවූ දෙවියන්වහන්සේ හොරණෑව පිඹ, දකුණු දිශාවේ කුණාටුව ඇතුව යනවා ඇත.


සවෙනියා තමාගේ පාත්‍රය මහ ගඟෙහි, එනම් එප්‍රාත් ගඟෙහි වැගිරෙවුවේය; එවිට නැගෙනහිර දිසාවෙන් එන රජුන්ගේ මාර්ගය සාදනු ලබන පිණිස එහි වතුර සිඳීගියේය.


අසරු සේනාවල ගණන විසිකෝටියක්ය. ඔවුන්ගේ ගණන කියනවා ඇසීමි.