Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 11:11 - Sinhala Revised Old Version

11 දකුණු දිශාවේ රජද කෝපයෙන් උමතුව පිටත්ව ඇවිත් ඔහු සමඟ, එනම් උතුරු දිශාවේ රජු සමඟ, යුද්ධකරන්නේය. ඔහු මහත් සමූහයක් සූදානම්කරගන්න නුමුත්, ඒ සමූහයා ඒ අය අතට පාවාදෙනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එවිට රජු ඉමහත් කෝපයෙන් ඉදිරියට අවුත් සිරියාවේ රජුට පහර දෙන්නේ ය. සිරියාවේ රජු මහා සේනාවක් සූදානම් කරගෙන ප්‍රතිප්‍රහාර දෙන නමුත්, ඒ සේනාව පරාජයට පත්වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 11:11
13 හුවමාරු යොමු  

ඌ බැටළුවා වෙතට ළංවෙනවා දුටිමි, ඌ බැටළුවා කෙරෙහි ක්‍රෝධවී, ඌට ඇන, උගේ අං බිඳදැමීය; ඌට විරුද්ධව සිටින්ට බැටළුවාට කිසි බලයක් නොතිබුණේය. ඌ බැටළුවා බිම දමා පෑගුවේය; උගේ අතින් බැටළුවා ගළවන්ට කිසිවෙක් නොසිටියේය.


දකුණු දිශාවේ රජ නම් බලවත්වන්නේය; ඔහුගේ අධිපතීන්ගෙන් එක්කෙනෙක් ඔහුට වඩා බලවත්වී, ආණ්ඩු කරන්නේය; ඔහුගේ ආණ්ඩුව මහත් ආණ්ඩුවක් වන්නේය.


නුමුත් නැගෙනහිරෙන්ද උතුරෙන්ද පැමිණෙන ආරංචිවලට ඔහු කැලඹී, බොහෝ දෙනෙක් නාස්තිකරන්ටත් සිඳදමන්ටත් මහත් කෝපයෙන් පිටත්වන්නේය.


මනුෂ්‍ය පුත්‍රයන් වසන සෑම තැන්වලම සිටින වන මෘගයන්ද ආකාශ පක්ෂීන්ද ඔබ අතට දී, ඔවුන් සියල්ලන් කෙරෙහි ඔබ ආණ්ඩුකාරයා කළ සේක. රත්රන් හිස නම් ඔබය.


දැනුදු මමම මේ සියලු දේශ මාගේ සේවකයාවූ, බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ගේ අතට දුනිමි; ඔහුට සේවයකරන්ට වනයේ සත්වයන්ද ඔහුට දුනිමි.


සැබවින් මනුෂ්‍යයාගේ උදහසින් ඔබට ප්‍රශංසා ලැබෙන්නේය. උදහසේ ඉතිරි කොටස ඔබ ආයුධ කොට බැඳගන්නාසේක.


දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ළංවී ඉශ්‍රායෙල් රජුට කථාකොට: ස්වාමීන්වහන්සේ කඳුවල දෙවිකෙනෙක්වා මිස මිටියාවත්වල දෙවිකෙනෙක් නොවේයයි සිරියවරුන් කී නිසා, මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස මේ මුළු මහත් සමූහයා නුඹ අතට පාවාදෙන්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


ප්‍රොපේත කෙනෙක් ඉශ්‍රායෙල්හි රජවූ ආහබ් ළඟට ඇවිත් කථාකොට: මේ මුළු මහත් සමූහයා නුඹ දුටුවාද? මා ස්වාමීන්වහන්සේ බව නුඹ දැනගන්නා පිණිස මම අද ඔවුන් නුඹ අතට පාවාදෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


ඒ සමූහයා අල්වාගත්තාම ඔහුගේ සිත උසස්වන්නේය. මෙසේ ඔහු දස දහස් ගණන් අය හෙළාදමන නුමුත් ජය නොගන්නේය.


තීන්දුවේ කාලයේදී දකුණු දිශාවේ රජ ඔහුට විරුද්ධව පැමිණෙන්නේය. නුමුත් උතුරු දිශාවේ රජ කුණාටුවක් මෙන් රථද අසරුවන්ද බොහෝ නැව්ද ඇතුව ඔහුට විරුද්ධව ඇවිත්, දේශවලට වැද, ජලය මෙන් ගලාගන සැරෙන් පැමිණෙන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්