Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 11:10 - Sinhala Revised Old Version

10 නුමුත් ඔහුගේ පුත්‍රයන් යුද්ධකරනවා ඇත, ඔවුන් මහත් සේනාවල් රාශියක් රැස්කරනවා ඇත. ඔහු ඉදිරියටම ඇවිත්, ජලය මෙන් ගලා යටකරගන්ටද හැරී ඇවිත්, ඒ අයගේ බලකොටුව දක්වාත් යුද්ධකරනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 කෙසේ වෙතත් සිරියා රජුගේ පුත්‍රයන් සටන් කොට, සේනාවන් මහ රාශියක් රැස්කර, ගලා යන ගංවතුර සේ කඩා බිඳ ඉදිරියට ගොස් සතුරු රජුගේ බලකොටුව දක්වා ආක්‍රමණය කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 11:10
10 හුවමාරු යොමු  

එහෙත් ඇගේ මුල්වල පැළයක්වූ කෙනෙක් ඔහුගේ ස්ථානයෙහි නැගිට, සේනාවට විරුද්ධව පැමිණ, උතුරු දිශාවේ රජුගේ බලකොටුවට ඇතුල්වී, ඔවුන්ට විරුද්ධව ක්‍රියාකොට ජයගන්නේය.


සති සැටදෙකකට පසු ආලේපලත් තැනැත්තා සිඳදමනු ලැබේ, කිසිවෙක්ද ඔහුට නොවන්නේය. පැමිණෙ අධිපතියාගේ සෙනඟ නුවර සහ ශුද්ධස්ථානය විනාශකරන්නෝය; එහි කෙළවර ජලගැල්මකින් මෙන් වන්නේය, කෙළවර දක්වාම යුද්ධ පවතින්නේය; පාළුකිරීම්ද නියමකර තිබේ.


මුහුද බබිලෝනිය පිටට ගලා ආයේය. ඈ එහි රැළ රාශියෙන් වැසීගියේය.


එසේය, ඔහුගේ භෝජනයෙන් කන අය ඔහු නැතිකරන්නෝය, ඔහුගේ යුද්ධ සේනාව විසිරයනවා ඇත. බොහෝ දෙනෙක්ම මැරුම්කා වැටෙනවාද ඇත.


ජලගැල්මක් සමාන සේනාවෝ ගිවිසුමක් කරගත් අධිපතියාත් ඇතුව ඔහු ඉදිරියෙන් දියපහරකින් මෙන් බිඳීයන්නෝය.


උන්වහන්සේ නුඹේ පවුරුවල උස් බලකොටුව හෙළාදමා, පහත්කොට, බිමේ දූවිල්ලටම පමුණුවනසේක.


ඔහු වනාහි දකුණු දිශාවේ රජුගේ රාජ්‍යයට විරුද්ධව පැමිණ, පසුව තමාගේ රටට හැරී යන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්