Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 11:7 - Sinhala Revised Old Version

7 එහෙත් ඇගේ මුල්වල පැළයක්වූ කෙනෙක් ඔහුගේ ස්ථානයෙහි නැගිට, සේනාවට විරුද්ධව පැමිණ, උතුරු දිශාවේ රජුගේ බලකොටුවට ඇතුල්වී, ඔවුන්ට විරුද්ධව ක්‍රියාකොට ජයගන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 එහෙත්, ඇගේ ඥාතියෙක් මිසරයේ රජකමට පත් වූ විට, ඔහු සිරියාවේ රජුට විරුද්ධ ව සේනාවක් ගෙන ගොස්, ඔහුගේ බලකොටුවට ඇතුල් වී සටන් කොට ඔහු පරාජය කරන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 11:7
14 හුවමාරු යොමු  

නුමුත් දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: අඥානය, අද රාත්‍රියේදී නුඹේ ප්‍රාණය නුඹෙන් අයකරනු ලැබේ; එවිට නුඹ සූදානම්කරගත් දේ කාට වන්නේදැයි කීසේක.


මක්නිසාද උදුනක් මෙන් ඇවිළෙන දවස පැමිණෙන්නේය; එවිට සියලු උඩඟු අයද දුෂ්ටකම්කරන සියල්ලන්ද ඉපනැලි වී, ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවෙන හැටියට, පැමිණෙන ඒ දවසේදී දාලා යනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


මක්නිසාද ඔහු ගිවිසුම කඩකිරීමෙන් දිවුරුම සුළුකෙළේය; ඔහු තමාගේ අත දී තිබුණ නුමුත් මේ සියල්ල කෙළේය; ඔහු නොගැළවෙන්නේය.


ඔබ ඔවුන් හිටෙවුසේක; ඔව්හු මුල් ඇද වැඩි ඵලදෙති; ඔව්හු කටින් ඔබට ළංව සිටින නුමුත් සිතින් ඔබගෙන් දුරුව සිටිති.


තවද යෙස්සේගේ කඳින් අංකුරයක් නික්මෙන්නේය, ඔහුගේ මුල්වලින් වූ පැළයක් ඵලදරන්නේය.


එබැවින් ස්වාමීන්වහන්සේ හිස සහ වල්ගයද තල්අත්ත සහ පන්ගසද එක දවසේදීම ඉශ්‍රායෙල්ගෙන් කපාදමනසේක.


ඔහුගේ දවස් ස්වල්ප වේවා, ඔහුගේ තනතුර අනිකෙක් ගනීවා,


නුමුත් දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනාශයේ වළට බස්වනසේක. මිනීමරුවූ කපටි මනුෂ්‍යයෝ තමුන්ගේ ආයුසයෙන් අර්ධයක්වත් ජීවත් නොවන්නෝය; එහෙත් මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.


මක්නිසාද ගහක් කපාදැමුවොත් ඒක දෙවනු ලියලා, ඒකේ රිකිලි හටගන්නේය යන බලාපොරොත්තුව ඇත්තේය.


අවුරුදු ගණනක් ගියායින් පසු ඔව්හු එකතුවන්නෝය; දකුණු දිශාවේ රජුගේ දුව ගිවිසුමක් කරන්ට උතුරු දිශාවේ රජු ළඟට පැමිණෙන්නීය. එහෙත් ඇගේ හස්තයේ බලය පවතින්නේ නැත; ඔහුවත් ඔහුගේ හස්තයවත් නොපවත්නේය; ඈද ඇය ගෙන්වූ අයද ඇය ඉපදවූ තැනැත්තාද ඒ කාලවල ඈට උපකාරකළ තැනැත්තාද පාවාදෙනු ලබන්නෝය.


තීන්දුවේ කාලයේදී දකුණු දිශාවේ රජ ඔහුට විරුද්ධව පැමිණෙන්නේය. නුමුත් උතුරු දිශාවේ රජ කුණාටුවක් මෙන් රථද අසරුවන්ද බොහෝ නැව්ද ඇතුව ඔහුට විරුද්ධව ඇවිත්, දේශවලට වැද, ජලය මෙන් ගලාගන සැරෙන් පැමිණෙන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්