Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 11:13 - Sinhala Revised Old Version

13 උතුරු දිශාවේ රජතෙමේ හැරී පළමු සමූහයාට වඩා මහත් සමූහයක් නැගුටුවාගෙන, අවුරුදු ගණනකට පසු මහත් සේනාවක් සහ බොහෝ සම්පත්ද ඇතුව එනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 “මන්ද, අවස්ථාව පැමිණි විට සිරියාවේ රජු පළමු සේනාවට වඩා විශාල සේනාවක් රැස් කරගෙන, ඇති තරම් යුද්ධෝපකරණ සහිත ව මහ සේනාවක් සමඟ ආපසු එන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 11:13
6 හුවමාරු යොමු  

ඔහුගේ සිත මනුෂ්‍ය සිතක් නොවන හැටියට වෙනස්වී, මෘග සිතක් ඔහුට ලැබී, එසේ ඔහු කාලවල් සතක් පසුකෙරේවා.


එවිට හණ රෙදි ඇඳගන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයා තමාගේ දකුණතද වමතද අහස දෙසට ඔසවා, සදාකාලයටම ජීවත්වන තැනන්වහන්සේ ගැන දිවුරා: කාලයකටත් කාලවලටත් කාල භාගයකටත් එය පවතිනවා ඇත; ශුද්ධවන්ත සෙනඟගේ බලය විසිරවීම තීන්දුකළාම මේ සියල්ල තීන්දුවන්නේයයි කියනවා ඇසීමි.


ඒ සමූහයා අල්වාගත්තාම ඔහුගේ සිත උසස්වන්නේය. මෙසේ ඔහු දස දහස් ගණන් අය හෙළාදමන නුමුත් ජය නොගන්නේය.


ඒ කාලවලදී බොහෝ දෙනෙක් දකුණු දිශාවේ රජුට විරුද්ධව නැගිටින්නෝය. නුඹේ සෙනඟගේ බලාත්කාරකම්කරන්නොත් දර්ශනය ඉෂ්ටකරන්ට නැගිට, වැටීයන්නෝය.


තීන්දුවේ කාලයේදී දකුණු දිශාවේ රජ ඔහුට විරුද්ධව පැමිණෙන්නේය. නුමුත් උතුරු දිශාවේ රජ කුණාටුවක් මෙන් රථද අසරුවන්ද බොහෝ නැව්ද ඇතුව ඔහුට විරුද්ධව ඇවිත්, දේශවලට වැද, ජලය මෙන් ගලාගන සැරෙන් පැමිණෙන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්