මාගේ භයංකරකම නුඹට පෙරටුව යවා නුඹ පැමිණෙන තැන්වල මුළු සෙනඟ වියවුල්කොට නුඹේ සියලු සතුරන් නුඹට පිටුපාන්ට සලස්වන්නෙමි.
ද්විතීය නීතිය 7:23 - Sinhala Revised Old Version නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් නුඹ අතට පාවාදී, ඔවුන් නැතිවී යන තුරු මහත්වූ පරාජයකින් ඔවුන් පරාජය කරනවා ඇත. Sinhala New Revised Version ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ඔවුන් පාවා දෙනු ඇත. ඔවුන් නැත්තට ම නැති වන තෙක් මහා විපත්ති පමුණුවා ඔවුන් වනසාලන සේක. Sinhala New Revised Version 2018 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ඔවුන් පාවා දෙනු ඇත. ඔවුන් නැත්තට ම නැති වන තෙක් මහා විපත්ති පමුණුවා ඔවුන් වනසාලන සේක. |
මාගේ භයංකරකම නුඹට පෙරටුව යවා නුඹ පැමිණෙන තැන්වල මුළු සෙනඟ වියවුල්කොට නුඹේ සියලු සතුරන් නුඹට පිටුපාන්ට සලස්වන්නෙමි.
මොරගසා වැලපෙන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබේ; එය සර්වපරාක්‍රමයාණන් විසින් එවන විනාශයක් මෙන් පැමිණෙයි.
මට පීඩාකරන්නෝ ලජ්ජාවට පැමිණෙත්වා, මා ලජ්ජාවට පැමිණෙන්ට ඉඩ නෑරිය මැනව; ඔව්හු කැලඹෙත්වා, මා කැලඹෙන්ට ඉඩ නෑරිය මැනව. විපත්ති දවස ඔවුන් පිටට පමුණුවා, ද්විගුණ විනාශයකින් ඔවුන් විනාශකළ මැනව.
අහෝ ඒ දවසේ හැටි! මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබේ, ඒක සර්වපරාක්‍රමයාණන්වහන්සේ එවන විනාශයක් මෙන් පැමිණෙන්නේය.
ඔවුන් නැතිවන තුරුම සෙනඟ අතරෙන් ඔවුන් විනාශකරන පිණිස ස්වාමීන්වහන්සේගේ හස්තය ඔවුන්ට විරුද්ධව තිබුණේය.
ස්වාමීන්වහන්සේ මොවුන් නුඹලාට පාවාදුන් කල්හි මා විසින් නුඹලාට අණකළ මුළු ආඥාවේ හැටියට ඔවුන්ට කරන්න.
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්ට නුඹලා නොකැමතිවූ බැවින් උන්වහන්සේ නුඹලා ඉදිරියෙන් විනාශවෙන්ට සලස්වන ජාතීන් මෙන් නුඹලාත් විනාශවෙනවා ඇත.
එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේම විනාශකරන ගින්නක්ව නුඹට පෙරටුව යන බව අද දැනගන්න; උන්වහන්සේම ඔවුන් විනාශකරනවා ඇත, උන්වහන්සේම ඔවුන් නුඹ ඉදිරියෙහි යටත්කරදෙනවා ඇත. මෙසේ ස්වාමීන්වහන්සේ නුඹට කී ලෙස නුඹ ඔවුන් පන්නා ඉක්මනින් නැතිකර දමනවා ඇත.
ඒ දවසේදී ස්වාමීන්වහන්සේ තමන් ශුද්ධවන්තයන් තුළ මහිමය ලබන්ටත් අපේ සාක්ෂිය අදහාගත් නුඹලා සමඟ අදහාගත් සියල්ලන් තුළ මවිතලෙස පෙනෙන්ටත් එන කල්හි,
ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් කලඹා විසුරුවා දැමූසේක. එබැවින් ඔව්හු මහත් මැරීමකින් ගිබියොන් ළඟදී ඔවුන් නසා, බෙත්-හෝරොන්ට නැගීයන මාර්ගයෙහි ඔවුන් ලුහුබඳවා ගොස්, අසේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහරදුන්නෝය.
එවිට ස්වාමීන්වහන්සේ සිසෙරා හා ඔහුගේ සියලු රථද ඔහුගේ මුළු සේනාවද බාරාක් ඉදිරියෙහි කඩුමුවහතින් කලඹා විසුරුවා දැමූසේක; සිසෙරා තමාගේ රථයෙන් බැස පයින් පලා ගියේය.