Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 10:10 - Sinhala Revised Old Version

10 ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් කලඹා විසුරුවා දැමූසේක. එබැවින් ඔව්හු මහත් මැරීමකින් ගිබියොන් ළඟදී ඔවුන් නසා, බෙත්-හෝරොන්ට නැගීයන මාර්ගයෙහි ඔවුන් ලුහුබඳවා ගොස්, අසේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහරදුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් තැතිගැන්වූ සේක. ඉශ්රායෙල්වරු ගිබියොන් ළඟ දී ඔවුන් වනසා, බෙත්-හෝරොන්ට යන මාර්ගයෙහි ඔවුන් ලුහුබැඳ ගොස් අශේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහර දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් තැතිගැන්වූ සේක. ඉශ්රායෙල්වරු ගිබියොන් ළඟ දී ඔවුන් වනසා, බෙත්-හෝරොන්ට යන මාර්ගයෙහි ඔවුන් ලුහුබැඳ ගොස් අශේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහර දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 10:10
29 හුවමාරු යොමු  

උන්වහන්සේ තමන් ඊගස් විද ඔවුන් විසිරවූසේක; එසේය, බොහෝ විදුළි එවා ඔවුන් පරාජයකළසේක.


එප්‍රායිම් පුත්‍රයන්ගේ සීමාව ඔවුන්ගේ පවුල්වල හැටියට මෙසේවිය. නැගෙනහිරට ඔවුන්ගේ උරුමයේ සීමාව අටාරොත්-අද්දාර් පටන් ඉහළ බෙත්-හෝරොන් දක්වාය;


එතනින් බස්නාහිරට යප්ලේතිවරුන්ගේ සීමාවටත් පහළ බෙත්-හෝරොන් සීමාවටත් ගෙසෙර්ටත් බැස ගොස්, මුහුද ළඟ කෙළවරවුණේය.


එසේය, ස්වාමීන්වහන්සේ තමන්ගේ ක්‍රියාව වන තමන්ගේ අපූරු ක්‍රියාව කිරීමටත් තමන්ගේ වැඩය වන තමන්ගේ අපූරු වැඩය ඉෂ්ටකිරීමටත් පෙරාශීම් කන්දේදී මෙන් නැගිටිනසේක, ගිබියොන් මිටියාවතේදී මෙන් කෝපවනසේක.


එවිට ස්වාමීන්වහන්සේ සිසෙරා හා ඔහුගේ සියලු රථද ඔහුගේ මුළු සේනාවද බාරාක් ඉදිරියෙහි කඩුමුවහතින් කලඹා විසුරුවා දැමූසේක; සිසෙරා තමාගේ රථයෙන් බැස පයින් පලා ගියේය.


යර්මූත්ද අදුල්ලාම්ද සෝකෝද අශේකාද,


තවද ඔවුන් ඉශ්‍රායෙල් ඉදිරියෙන් පලායද්දී, බෙත්-හෝරොන් පල්ලමේදී, අසේකා දක්වා ස්වාමීන්වහන්සේ අහසෙන් මහත් ගල් ඔවුන් පිටට හෙළූසේක, එයින් ඔව්හු මැරුණෝය. ගල් වැස්සෙන් නැසුණු අය වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් කඩුවෙන් මැරූ අයට වඩා බොහෝ වූහ.


අනාගතවක්තෘවූ යෙරෙමියා යූදාහි රජවූ ශෙදෙකියාට මේ සියලු වචන යෙරුසලමේදී කීවේය; මක්නිසාද යූදා නුවරවල් අතරෙන් මේවා පමණක් බලකොටු නුවරවල්ව ඉතුරුව තිබුණේය.


ඔවුන් ඉදිරියෙන් ජාතීන් එළවා, ලනුවෙන් ඔවුන්ට උරුමයක් බෙදාදී, ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්‍රායෙල් ගෝත්‍රයන් වාසයකෙරෙවුසේක.


මක්නිසාද ඔබ මොවුන්ට ප්‍රසන්න බැවින්, ඔබගේ දකුණතින්ද ඔබගේ බාහුවෙන්ද ඔබගේ මුහුණේ එළියෙන්ද ගැළවුණා මිස, මොවුන්ගේ කඩුවෙන් දේශය උරුමකර නොගත්තෝය, ස්වකීය බාහුවද මොවුන් නොගැළෙවුවේය.


ස්වාමීන්වහන්සේ ආසා සහ යූදාවරුන් ඉදිරියෙහි කූෂ්වරුන් පැරදවූසේක; කූෂ්වරු පලාගියෝය.


එක කණ්ඩායමක් බෙත්හොරොන්ට යන මාර්ගයෙන් ගියේය. එක කණ්ඩායමක් කාන්තාරයට යන්නාවූ ශෙබොයිම් මිටියාවතට ඉහළින් තිබෙන සීමාවේ මාර්ගයෙන් ගියේය.


කිබ්ශයිම් සහ එහි පිට-බිම්ද බෙත්-හෝරොන් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතර ඔවුන්ට දුන්නෝය.


ගෙදේරොත්ද බෙත්-දාගොන්ද නයමාද මක්කේදාද යන නුවරවල් දහසය සහ ඒවායේ ගම්ද යන මේවාය.


මක්කේදාහි රජ එක්කෙනෙක්ය; බෙතෙල්හි රජ එක්කෙනෙක්ය;


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ගේ අතට ඔවුන් පාවා දුන්සේක, ඔව්හු ඔවුන්ට පහරදී මහ ශීදොන් දක්වාද මිස්රෙඵොත්-මයිම් දක්වාද නැගෙනහිර තිබෙන මිශ්පාහි මිටියාවත දක්වාද ඔවුන් එළවාගන ගොස් ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරු නොවන තුරු ඔවුන්ට පහරදුන්නෝය.


ඒ දවසේ යෝෂුවා මක්කේදා අල්වා ඊටත් එහි රජුටත් කඩු මුවහතින් පහරදී, එකද කෙනෙක්වත් ඉතුරු නොකර, ඔවුන්ද එහි සිටිය සියලු ප්‍රාණීන්ද මුළුමනින්ම විනාශකරදමා, යෙරිකෝවේ රජුට කළාක් මෙන් මක්කේදාහි රජුටත් කෙළේය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් නුඹ අතට පාවාදී, ඔවුන් නැතිවී යන තුරු මහත්වූ පරාජයකින් ඔවුන් පරාජය කරනවා ඇත.


යෝෂුවා ගිල්ගාල්හි සිට රාත්‍රිය මුළුල්ලේ නැගී ගොස් හදිසියෙන් ඔවුන් ළඟට පැමිණියේය.


පිලිස්තිවරු තමුන්ගේ සේනාවන් යුද්ධයට රැස්කළෝය, ඔව්හු යූදාට අයිතිවූ සොකෝහි එකතුව සොකෝටත් අසේකාටත් අතරේ එඵෙස්-දම්මීම්හි කඳවුරු බැඳගත්තෝය.


උන්වහන්සේ තමන් ඊගස් විද ඔවුන් විසිරවූසේක; විදුලිය එවා ඔවුන් පරාජයකළසේක.


සාලමොන් ගෙසෙර්ද පහළ බෙත්-හොරොන්ද,


සර්වපරාක්‍රමයාණන්වහන්සේ විසින් රජවරුන් එහි විසිරවූ කල, එය ශල්මෝන පිටට හිම වැටෙන්නාක්මෙන් විය.


නුමුත් බාරාක් රථ හා සේනාව පස්සේ ජාතීන්ට අයත් හරොෂෙත් දක්වා එළවාගන ගියේය. සිසෙරාගේ මුළු සේනාව කඩුමුවහතින් වැටුණාය; එක්කෙනෙක්වත් ඉතුරුවුණේ නැත.


තාරකාවෝ අහසේ සිට යුද්ධ කළෝය, ස්වකීය හරසරවලදී සිසෙරාට විරුද්ධව සටන් කළෝය.


අමශියා තමා සමඟ යුද්ධයට නොයන පිණිස ආපසු හැරියාවූ හමුදාවේ මනුෂ්‍යයෝ සමාරියේ සිට බෙත්හෝරොන් දක්වා යූදාහි නුවරවලට වැද, එහිදී තුන්දහසකට පහරදී බොහෝ කොල්ලය ගත්තෝය.


ස්වාමීන්වහන්සේද තමන්ගේ මහිමාන්විත හඬ අස්වනසේක, උන්වහන්සේ තමන් කෝපයේ උදහසත් දවා දමන ගිනිදළුවත් වාතවේගයත් කුණාටුවත් ගල් වර්ෂාවත් ඇතිව තමන් හස්තයේ පහළවීම පෙන්වනසේක.


තවද ස්වාමීන්වහන්සේ පිටත්වී උන්වහන්සේ යුද්ධකළ සටනේ දවසේදී මෙන් ඒ ජාතීන්ට විරුද්ධව යුද්ධකරනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්