Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 8:20 - Sinhala Revised Old Version

20 නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්ට නුඹලා නොකැමතිවූ බැවින් උන්වහන්සේ නුඹලා ඉදිරියෙන් විනාශවෙන්ට සලස්වන ජාතීන් මෙන් නුඹලාත් විනාශවෙනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට ඔබ කීකරු නො වූ වොත්, සමිඳාණන් වහන්සේ ඔබේ ඇස් ඉදිරිපිට දී ම ජාතීන් විනාශ කළාක් මෙන්, ඔබ ද විනාශ කරන සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට ඔබ කීකරු නො වූ වොත්, සමිඳාණන් වහන්සේ ඔබේ ඇස් ඉදිරිපිට දී ම ජාතීන් විනාශ කළාක් මෙන්, ඔබ ද විනාශ කරන සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 8:20
10 හුවමාරු යොමු  

නුඹලා හිමිකරගන්ට යොර්දානෙන් එතරට යන දේශය මතු පිටින් නුඹලා ඉක්මනට සහමුලින් විනාශවෙන බවට අද දවසේ නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටද පොළොවටද හඬගසමි; එහි නුඹලාගේ දවස් වැඩිනොවී, නුඹලා සහමුලින්ම විනාශ වන්නහුය.


ස්වාමීන්වහන්සේ සදාකාලයටම රජ්ජුරුවෝය. ජාතීහු උන්වහන්සේගේ දේශයෙන් විනාශවූවෝය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක. මේක යෙරුසලමය; ඈ ජාතීන් මැද පිහිටෙවුවෙමි, ඈ අවටින් රටවල් තිබේ.


ඉදින් නුඹලා මේ සියල්ල නිසාවත් මට ඇහුම්කන් නොදී මට විරුද්ධව හැසිරෙන්නහුනම්,


නුඹලාගෙන් ඉතිරිවන අය තමුන්ගේ අපරාධ නිසාත් තමුන්ගේ පියවරුන්ගේ අපරාධ නිසාත් නුඹලාගේ සතුරන්ගේ දේශවලදී ක්ෂයවී යනවා ඇත.


නුඹලා අද දවස දක්වා කළ හැටියට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ම ඇලුම්ව සිටින්න.


එහෙත් ඔව්හු මාගේ බස් අසන්නේවත් තමුන්ගේ කන් යොමුකරන්නේවත් නැතුව, තමුන්ගේ කුළල් තදකරගෙන, තමුන්ගේ පියවරුන්ට වඩා නපුරුකම් කළෝය.


මේ සෙනඟගේ මළකඳන්ද ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරුවන්නේය; කිසිවෙක්ද උන් භය නොගන්වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්