උන්වහන්සේගේ ශික්ෂා පවත්වන්නාවූ, මුළු සිතින් උන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.
ද්විතීය නීතිය 6:17 - Sinhala Revised Old Version නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකළ උන්වහන්සේගේ ආඥාද ශික්ෂාද පනත්ද හොඳාකාරයෙන් රක්ෂාකරන්න. Sinhala New Revised Version ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ උන් වහන්සේගේ අණපණත් ද ශික්ෂා පද ද නීති හා නියෝග ද උනන්දුවෙන් පිළිපැදිය යුතු ය. Sinhala New Revised Version 2018 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ උන් වහන්සේගේ අණපනත් ද ශික්ෂා පද ද නීති හා නියෝග ද උනන්දුවෙන් පිළිපැදිය යුතු ය. |
උන්වහන්සේගේ ශික්ෂා පවත්වන්නාවූ, මුළු සිතින් උන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන්දී උන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කොට උන්වහන්සේගේ ආඥාවලට කන්දෙමින් උන්වහන්සේගේ සියලු නියෝග රක්ෂාකරන්නෙහිනම් මිසරවරුන් පිට මා පැමිණෙවු රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපමුණුවන්නෙමි. මක්නිසාද මම වනාහි නුඹ සුවකරන්නාවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.
එහෙයින්, මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින් ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා පවතිව්.
ඉදින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලා ප්‍රේමකොට නුඹලාගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් උන්වහන්සේට සේවයකරන ලෙස, මා අද නුඹලාට අණකරන මාගේ අණට නුඹලා ඇත්තටම කීකරුවුණොත්,
මක්නිසාද මා නුඹලාට අණකරන මේ මුළු ආඥාව රක්ෂාකරන ලෙස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලා ප්‍රේමකොට උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේට ඇලුම්ව සිටින ලෙස නුඹලා ඇත්තටම එය පවත්වනවා නම්,
මෝසෙස්ද ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝද සෙනඟට අණකරමින්: මා විසින් අද නුඹලාට අණකරන මුළු ආඥාව පවත්වන්න.
මෝසෙස් සියලු ඉශ්‍රායෙල්වරුන් කැඳවා ඔවුන්ට කථාකොට: එම්බා ඉශ්‍රායෙල්වරුනි, අද නුඹලා අසාගන සිටියදී මා කියන පනත්ද විනිශ්චයවල්ද අසන්න; නුඹලා ඒවා ඉගෙනගෙන ඒවා කරන්ට බලාගන්න.
අහෝ ඔවුන්ටද ඔවුන් සමඟ ඔවුන්ගේ දරුවන්ටද සදාකාලේටම ශුභ සිද්ධවන පිණිස නිතරම මට භයවීමටත් මාගේ සියලු ආඥා රක්ෂාකිරීමටත් මෙයාකාර සිතක් තිබුණොත් යහපත!
එබැවින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකළ ලෙස කරන්ට බලාගන්න. දකුණටවත් වමටවත් නොහැරෙන්න.
මේක විශ්වාසවූ කීමක්ය. දෙවියන්වහන්සේ කෙරෙහි අදහාගන සිටින්නන් යහපත් ක්‍රියාවල යෙදී සිටින්ට බලාගන්නා පිණිස නුඹ විසින් මේ දේවල් සහතිකලෙස කියනවාට කැමැත්තෙමි. මේවා මනුෂ්‍යයන්ට යහපත්වූ ප්‍රයෝජනවත්වූ දේවල්ය.
නුමුත් නුඹලාගෙන් එකිනෙකා අන්තිම දක්වා බලාපොරොත්තුවේ නිසැකකම සඳහා එම උත්සාහවන්තකම පෙන්වනවාට අපි ආශා ඇත්තෙමුව.
ඉන්නිසා, ප්‍රේමවන්තයෙනි, නුඹලා මේ දේවල් බලාසිටින බැවින්, උන්වහන්සේ ඉදිරියෙහි කැලැල් රහිතව, නිදොස්ව, සමාදානයෙන් යුක්තව දකිනු ලබන පිණිස උත්සාහකරන්න.